The Leader News
BREAKING
Top Ad
පුවත්

මහින්ද ජයසිංහගෙන් ගුරු - විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

T

The Leader Desk

September 30, 2025 • 5:31 AM

මහින්ද ජයසිංහගෙන් ගුරු - විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේ වෙතත් නව නීති සංශෝධන යටතේ ගුරු-විදුහල්පතිවරුන් අගතියට පත් වන බවට පළවන අදහස් ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
  • නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මේ බව ප්‍රකාශ කළේ ලංකා ගුරුසේවා සංගමය විසින් ඊයේ (29) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
  • දරුවන් සම්බන්ධයෙන් මේ වනවිටත් නීති, රීති සහ චක්‍රලේඛ රැසක් පවතින බව පෙන්වා දෙන මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට ගුරු-විදුහල්පතිවරුන් අනේකවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද දරුවන් ශික්ෂණය කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින පිරිසක් බවයි.
  • මෙරට පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය නූතනත්වයට ගෙන එමින් ශික්ෂණයක් සහිත ශිෂ්‍ය ප්‍රජාවක් මෙන්ම ඉහළ වෘත්තීමයභාවයක් සහිත ගුරු-විදුහල්පති සේවයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ වන බවද නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙසේ වෙතත් නව නීති සංශෝධන යටතේ ගුරු-විදුහල්පතිවරුන් අගතියට පත් වන බවට පළවන අදහස් ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මේ බව ප්‍රකාශ කළේ ලංකා ගුරුසේවා සංගමය විසින් ඊයේ  (29) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දරුවන් සම්බන්ධයෙන් මේ වනවිටත් නීති, රීති සහ චක්‍රලේඛ රැසක් පවතින බව පෙන්වා දෙන මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට ගුරු-විදුහල්පතිවරුන් අනේකවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද දරුවන් ශික්ෂණය කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින පිරිසක් බවයි.

මෙරට පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය නූතනත්වයට ගෙන එමින් ශික්ෂණයක් සහිත ශිෂ්‍ය ප්‍රජාවක් මෙන්ම ඉහළ වෘත්තීමයභාවයක් සහිත ගුරු-විදුහල්පති සේවයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ වන බවද නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද ජයසිංහ,

"පසුගිය 25 වැනිදා දණ්ඩ නීති සංග්‍රහයට අදාළ සංශෝධන කිහිපයක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වුණා. අදාළ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා, අදහස්, යෝජනා ගැන රජය තුළත් ඉන් බාහිරවත් සංවාදයක් නිර්මාණය වෙලා. එය ඉතා සාධනීය තත්ත්වයක්. ලංකාවේ ගුරුවරු කියලා කියන්නේ දරුවන් වෙනුවෙන් විවිධ කැපකිරීම් කරන පිරිසක්. 1907 වසරේ සිටම දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් විවිධ චක්‍රලේඛ මේ දක්වා නිකුත් කරලා තියනවා. පරාජිත පිරිස් මේ සම්බන්ධයෙන් අසත්‍ය සහ සාවද්‍ය අදහස් සමාජ ගත කරමින් ඉන්නවා. එවැනි අදහස්වලට නොරැවටෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි හැමදාමත් පාසල් ශිෂ්‍ය ප්‍රජාව සහ ගුරු-විදුහල්පතිවරුන් වෙනුවෙන් පෙනී සිටියේ නිස්සරණධ්‍යාශයෙන්. ඉදිරියටත් ඒක එහෙමයි."


දරුවන්ට තලා සතුටුවීම අහිමිවීමෙන් හටගත් වේදනාව

ළමුන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් පසුගිය සතයේ නීති රීති සංශෝධනය කිරීම පිළිබඳව බිල්ලන් මැවීමට විපක්ෂය කටයුතු කළ ද, මේ සම්බන්ධ චක්‍රලේඛයක් 2016 දී නිකුත් කර ඇති බව ඔවුන්ට අමතක වී ඇතැයි lankatruth වාර්තා කරයි.

එම වාර්තාවේ සඳහන් පරිදි, එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්. එම්. බන්දුසේනගේ අත්සනින් 2016 අප්‍රේල් 29 වෙනි දින එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

වැඩිහිටියන් සහ ගුරුවරුන් විසින් ශාරීරිකව හෝ මානසිකව පීඩා සිදුවන ආකාරයට දඬුවම් කරන ආකාර 9ක් පිළිබඳව නිර්ණායක සහිතව 2016 අංක 12 දරන එම චක්‍රලේඛයෙන් හඳුන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ දරුවන්ට දඬුවම් ලබා දීමෙන් වින්දනයක් ලබන ඉතා සුළු පිරිසකගේ එම අවකාශය අහිමි වීමේ වේදනාවෙන් නොයෙක් අසත්‍ය චෝදනා එල්ල කරන බව ය.

සබැඳි ලිපි :

''මෙය සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක්'' - අගමැතිනිය

ළමා හිංසනයට අදාළ සංශෝධන පනත රටේ දරු සම්පතේ මනස දූෂණය කරනවා - විමල් වීරවංශ


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...