පසුගිය වසර කිහිපය තුළ සංක්‍රමණිකයන් සම්බන්ධ සිදුවීම කිහිපයක් සිංගප්පූරු නිළධාරීන් වෙත වාර්තා වී තිබේ. 2019 වසරේ මිනිස් ජාවාරම් සම්බන්ධ සිදුවීම් 51 ක් පිළිබඳව පරීක්ෂණ

පවත්වා ඇති අතර එම සිදුවීම් අතරින් සිදුවීම් 30 ක් ලිංගික කර්මාන්තය ඉලක්ක කරගත් සිදුවීම් ලෙස වාර්තාවෙයි.  ඉතිරි සිදුවීම් 21 සංක්‍රමණිකයන් බලහත්කාරයෙන් කම්කරු සේවයේ යෙදවීම සම්බන්ධවය.

ජාත්‍යන්තරව මානව හිමිකම් සංවිධාන හා හොංකොං හා තායිලන්තය වැනි අසල්වැසි රටවල් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන පෙන්වා දෙන්නෙ වාර්තා වන සිද්ධීන් වලට වඩා ඉහළ සංඛ්‍යාවක් මිනිස් ජාවාරමට සම්බන්ධ සිදුවීම් සංඛ්‍යාවක් එරට තුළ වාර්ෂිකව සිදුවෙමින් පවතින බවය.

 

උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කර ඇත්තේ වර්ෂ 2004 සිට 2007 දක්වා වූ කාල සීමාව තුළ මිලියනයකට අධික ළමුන් සංඛ්‍යාවක් සිංගප්පූරුව තුළ වාණිජ්‍ය ලිංගික ව්‍යායාපාරයේ  යොදවා ඇති බවයි.

සිංගපූරුවට භූගෝලීය වශයෙන් සමීපව පිහිටි රටවල් වන මියන්මාරය, වියට්නාමය, ඉන්දුනීසියාව, චීනය, තායිලන්තය මෙන්ම ශාන්තිකර කලාපයේ රටක්වන පිලිපීනය යන රටවල ගැහැණුන් සහ දරුවන්  මෙලෙස සිංගපූරුව කේන්ද්‍ර කරගත් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වෙයි. දකුණු ආසියාතික රටවල් අතුරෙන් ප්‍රධාන වශයෙන් බංගලාදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ද සිංගපූරුව තුළ ක්‍රියාත්මක වාණිජ්‍ය ලිංගික වෙළදපොළ වෙත ලිංගික ශ්‍රමිකයන් පිවිසෙන රටවල් අතර වෙයි.

Screen Shot 2016 07 24 at 14.32.57 1

 පහළ ආර්ථික පසුබිම, ඌන සාක්ෂරතාවය, දේශපාලනික අර්බුද, සිවිල් අරගල සහ ස්වාභාවික විපත් වැනි හේතු මත මිනිස් ජන ජීවිතය දුෂ්කර වූ ප්‍රජාවන් මිනිස් ජාවාරම්කරුවන්ගේ පහසු ගොදුරු බවට පත්වෙයි. ඇතැම් විට ව්‍යාජ තොරතුරු හා මවාපෑම් මගින් රැවටීමට ලක් කොට සිංගප්පූරුව වෙත රැගෙන එන පිරිස් අතුරෙන්, දරුවන් සහ ගැහැණුන් ලිංගික ශ්‍රම වෙළදපොළ වෙත බලහත් කාරයෙන් යෙදෙවෙනු ලැබෙයි.

ජාවාරම්කරුවෝ විවිධ උපක්‍රම හරහා නීතියේ රැහැනට හසු නොවී සිටීමට තරම් සූක්ෂමව සිටිති. සිංගපූරුවට පැමිණි පසු අදාළ වින්දිතයන්ගේ ගුවන් ගමන් බලපත්‍ර තමන් සන්තකයේ තබා ගැනීම හරහා ඔවුන් බියට පත් කිරීම ජවාරම්කරුවන්ගේ එක් හඳුනා ගත් උපක්‍රමයකි. පහරදීම්, කාමර තුළ සිර කොට තැබීම්  වැනි විවිධ වඳ බන්ධන පැමිණවීම හරහා මෙම වින්දිත ශ්‍රමිකයන් තම පාලනය යටතේ තබා ගැනීමට තරම් ජාවාරම්කරුවෝ ඇතැම් අවස්ථා වළ සාහසිකව තිබුණහ.

prostitutes1 1

මෙවැනි බලහත්කාරකම් හරහා සිංගප්පූරුවේ වාණජ්‍ය ලිංගික වෙළඳපොළ වෙත යොමු කරන පිරිස් වළට අමතරව ස්වෙච්ඡාවෙන්ම ගණිකා වෘත්තිය අරමුණු කරගෙන කලාපයේ වෙනත් රටවල සිට එරටට සංක්‍රමණයවන කාන්තාවෝ ද වෙති. ඒ සිංගපූරූව ගණිකා වෘත්තිය නීති ගත කොට ඇති රාජ්‍යක් වන බැවිනි. වයස අවුරුදු 21 ත් 31 ත් අතර වන චීන, වියට්නාම්, තායිලන්ත, මැලේසියනු සහ සිංගපූරූ ජාතික කාන්තාවන් හට සිංගපූරු රජයේ සම්මත නිර්ණායක සපුරා ඇතිනම් එරට තුළ ගණිකා වෘත්තියේ නියුතු වීම සඳහා නීතිමය අවසරය ඉල්ලා සිටිය හැකිය.

ඇතැම් අවස්ථාවල එවැනි පිරිස් පවා ජාවාරම්කරුවන්ගේ විවිධ අඩම්තෙට්ටම් වළට ලක්වූ අවස්ථා ඇති බව සඳහන් වෙයි. නීතිමය පසු බිම කෙසේ වුවද දහස් ගණනක් වූ ලිංගික ශ්‍රමිකයෝ මේ වන විටත් සිංගපූරූව තුළ සේවය සපයමින් සිටිති. ඉන් බහුතරය සංචාරක වීසා ලබා එරටට පැමිණ වීසා වලංගු කාලය තුළ, නගරයේ විසිරී සිටින තැරැවුකරුවන් හරහා හෝ සෘජුවම ගනුදෙනුකරුවෝ සොයා ගනිති.

ඉතා මෑතක සිට අප්‍රිකානු කලාපයේ සිට සංක්‍රමණ වී එරට වාණිජ්‍ය ලිංකික වෙළඳපොළ තුළ සේවය සපයන පිරිස්වල පැහැදිලි වර්ධනයක් දැක ගත හැකිය. එය ඉතා නිහඩව නමුත් සංවිධානත්ම අයුරින් සිංගපූරුව තුළ සිදුවන ව්‍යාපාරයකි.

 sex trafficking girl with hand over mouth

බාලවයස් සංක්‍රමණිකයන්, වැඩිහිටි කාන්තා සංක්‍රමණිකයන් මෙන්ම පිරිමි සංක්‍රමණිකයන් ද සිංගපූරූව තුළ විවිධ මට්ටමේ අවභාවිතයන්ට ලක්වෙමින් සිටින බව ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධාන පෙන්වාදෙයි.

විවිධ වර්ගයේ රැකියා බලපත්‍ර යටතේ එරට සේවය කරන බහුතරක් වූ චීන කම්කරුවන් සහ ආසියානු අර්ධද්වීපයේ නොයෙක් රටවල සිට පැමිණ එරට තුළ සේවය කරනු ලබන සංක්‍රමණික ශ්‍රමිකයන් අතරින් ඉතා අඩු වැටුප් ලබන පිරිස් හට, පොරොන්දු වූ වැටුප් නොලැබීම, දෛනිකව ඉතා දීර්ඝ පැය ගණනක් සේවයේ යෙදවීම, එරටට පැමිණෙන්නට පෙර පොරොන්දු වූ රැකියාව වෙනුවට සිංගපූරුවෙත පැමිණි පසු ඉඳුරාම වෙනස් රැකියාවක නියුතු වන්නට සිදුවීම වැනි වූ අකටයුතුකම් රැසකට මුහුණ දෙන්නට සිදුව තිබේ.

විශේෂයෙන්ම ඉදිකිරීම් කර්මාන්තය සහ ධීවර කර්මන්තය තුළ සංක්‍රමණික කම්කරුවන් බලහත්කාරයෙන් යොදවා ගන්නා බවට සිංගපූරු ජාතික හාම්පුතුන්ට එරෙහිව චෝදනා ඇත. මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳව වූ සවිස්තාරාත්මක තොරතුරු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමෙන්තුවේ වසර 2015 සඳහා වූ ජාත්‍යන්තර මිනිස් ජාවාරම් සම්බන්ධ වාර්තාවේ ඇතුලත් කොට ඇත. මේ සියලු චෝදනා වලට ප්‍රතිචාර ලෙස සිංගපූරූ රජයෙ පිළිතුර වන්නේ  “සිදුවීම් අතිශයෝක්තියෙන් දැක්වීමක්” ලෙසය.

composite thailand.jpg


         ජාත්‍යන්තර මිනිස් ජාවාරම පිළිබඳව අවධියෙන් සිටින ජාත්‍යන්තරයේ වටහා ගැනීම වන්නේ 2020 වන විට සිංගපූරූව ජාත්‍යන්තර සංක්‍රමණික ජාවාරම් කරුවන්ගේ හුවමාරු මධ්‍යස්ථානක් (Transit Country ) සහ ජාත්‍යන්තර මිනිස් ජාවාරම්කරුවන්ගේ ගමනාන්තයක් බවට (Destination Country) පත්ව ඇති බවයි. එය පැරණි සේද මාවතේ සිංගපූරූ දිවයිනට හිමිව තිබූ ස්ථානය සියවස් ගණනාවකට පසුව නැවත ප්‍රතිණිර්මානය වීමක්  බඳුය.


 39 හැවරිදි ද්‍රවිඩ ජාතික මැලෙසියානු පුරවැසියෙකු වූ ශංගර් ෂන්මුගම් (Shangar Shanmugam-39) සිංගපූරූවේ ජාත්‍යන්තර චැන්ගි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත්වන්නේ ඔහුගේ සහෝදරිය වූ 31 හැවරිදි පද්මාවතී ෂන්මුගම්  ( Patmavthi Shanmugam-31) සහ ඔවුන්ගේ ආධාර කරුවෙකු ලෙස හඳුනාගත් 61 හැවරිදි විජේලෂ්මී සුපරායන් (Vigiletchimi Suparayan-61) සමගිනි. ඔවුහු තිදෙනාම මැලේසියානු පුරවැසියෝ වූහ.

ඔවුන්ට එරෙහිව වූ චෝදනාව වූයේ 11 හැවිරිදි, 14 හැවිරිද සහ 15 හැවිරිද ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික බාලවයස්කරුවන් තිදෙනෙකු පැරිස් නගරය හරහා එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කිරීමයි.

මෙහිදී පළමු විත්තිකරුගේ සහෝදරිය වූ පද්මාවතී ශන්මුගම් ළමුන් තිදෙනාගේ මව ලෙස නිළධාරින් හමුවේ ව්‍යාජ ලෙස පෙනීසිට ඇත. නාගා ලෙස හදුනාගෙන සිටි ද්‍රවිඩ ජාතික මැලේසියානු පුරවැසි කාන්තාවක් ළමුන් තිදෙනා ලන්ඩන් නගරය වෙත රැගෙන යාම සඳහා එක් ළමයෙකු වෙනුවෙන් ඇමරිකානු ඩොල්ර් 1000 බැගින් ශන්කර් වෙත ලබා දී තිබූ අතර, ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් ව්‍යාජ මැලේසියානු ගුවන් ගමන් බලපත්‍ර ද ඇය විසින් මැලෙසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා සකසා දී තිබිණි.

ශංගර් විසින් තමන්ට නාගා වෙතින් ලැබුන මුදලින් කොටසක් ඔහුගේ සහෝදරිය හා ඔවුන්ගේ සහයට සිටි කාන්තාව වෙත ලබා දී ඉතා සැළසුම් සහගත ලෙස ශ්‍රී ලාංකික දරුවන් තිදෙනා සිංගපූරුවේ සිට පළමුව ප්‍රංශයේ පැරිස් නගරයටත්, එතැනින් එංගලන්තයේ ලන්ඩන් නුවරටත් රැගෙන යාමට සැළසුම් කොට තිබියදී සිංගපූරූවේ චැන්ගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් විය.

 

ශ්‍රී ලාංකික බාලවයිස්කරුවන් 20 දෙනෙකුට වඩා සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සිට ව්‍යාජ ලියකියවිලි හරහා සිංගප්පූරු රාජ්‍යට රැගෙන ඒමට තැත්කල සැකකරුවෝ සිව් දෙනෙකු සිංපූරුවේදී ප්‍රශ්න කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට පත්විය. සැකකරුවන් පාපෝච්චාරණය කරන්නේ අදාල දරුවන්ගේ දෙමව්පියන් විසින් එක් දරුවෙකු සඳහා ඇමරිකානු ඩොලර් 15,745 ක් වූ මුදලකට දරුවන් ඔවුන් වෙත අළෙවි කළ බවයි.

 

ශ්‍රී ලංකා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ එවකට සභාපති ජගත් වැල්ලවත්ත මහතා (සභාපති‐ ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරිය , 2007 අප්‍රේල්‐2010 මැයි) සඳහන් කොට තිබුනේ අදාළ දරුවන් අතරින් තිදෙනෙකු සිංගපූරුවේ චැන්ගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ අතහැර දමා සිටියදී සොයාගනු ලදුව එරට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් නැවත ලංකාව වෙත පිටත් කොට එවා ඇති බවයි.
       

මෙම සිදුවීම් දෙක වාර්තා කොට තිබුනේ තායිලන්තය කේන්ද්‍ර කරගෙන ක්‍රියාතමකවන ළමා හිංසනයට එරෙහිවූ රාජ්‍ය නොවන සංවිධානයක  නිළ වාර්තාවක් තුළය. මේ වාර්තා ගත වූ සිදුවීම් කිහිපයක් පමණි. මෙවැනි සිදුවීම නීතියේ ඇසට වැලිගසා කොතෙකුත් සිදුවන්නට ඇත.

3500
මිනිස් ජාවාරාම ඇතුළු විවිධාකාරයේ ජාත්‍යන්තර අපරාධ සම්බන්ධව කටයුතු කරන එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය වන එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ද කාර්ය්‍යාලය (UNODC‐United Nations Office on Drugs and Crime), ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව කටයුතු කරන ජාත්‍යන්තර සංවිධාන,  හොංකොං සහ තායිලන්තය වැනි අසල්වැසි රටවළ සිට ක්‍රියාත්මකවන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්, මෙලෙස සිංගපූරුව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන මිනිස් ජාවාරම මැඩ පැවැත්වීම සහ සංක්‍රමණික ශ්‍රමිකයන්ට  එරෙහිව ක්‍රියාත්මකවන හිංසනය පිටුදැකීම සඳහා සිංගපූරු රජය සමඟ එක්ව කටයුතු කරමින් සිටියි.

එහි ප්‍රතිඵලයක් ලෙස 2019 වසරේදී ලොව මිනිස් ජාවාරම මැඩපැවැත්වීම වෙනුවෙන් ඒ ඒ රාජ්‍යයන් ගනු ලබන නෛතික හා වෙනත් ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සළකා බලා කෙරෙනු ලබන ජාත්‍යන්තර වර්ගීකරණයේ ඉහළම වර්ගීකරණ වන Tier 1 යටතට පැමිණීමට සිංගප්පූරු රාජ්‍යට හැකි විය. වර්ෂ 2015 දී එරට වර්ග කෙරුණේ මිනිස් ජාවාරාම මැඩපැවැත්වීම සඳහා කරනු ලබන උත්සාහයන් සතුටුදායක නොවන මට්ටමේ නොපවතින රටවල් වර්ග කෙරුනු Tier-2 යටතේය. ඇමරිකානූ රාජ්‍ය දෙපාර්තුමේන්තුව මගින් වාර්ෂික සිදුකෙරෙන මෙම වර්ගීකරණයයට අනුව ලොව සියලුම රටවල් Tier-1 , Tier-2 හෝ Tier-3 ලෙස වර්ගකෙරෙ. වර්ගකිරීම් තුළ පහළම ශ්‍රේණි වලට අයත් වන්නෙ මිනිස් ජාවාරම අවම කිරීම සඳහා ඉතා පහළ දායකත්වයත් සැපයූ රටවල්ය .

අපායේ කතාව ලබන සතියටත් ග “ මැලේසියාවට පිවිසීමට පෙර මා නැවතත් සිංගපූරු සංචාරයක -  ඒ කතාව ලබන සතියේ ...

 
Rasika Apaye kathawa
 
රසික එස් චන්ද්‍රසේකර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it."
 
 
 
 
 
 
 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්