The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

X-Press Pearl නඩු තීන්දුව: සමාගම වහල, වන්දි ගෙවන්නේ කොහොමද?

T

The Leader Desk

July 26, 2025 • 3:44 PM

X-Press Pearl නඩු තීන්දුව: සමාගම වහල, වන්දි ගෙවන්නේ කොහොමද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හානිය වෙනුවෙන් අවුරුදක් ඇතුළත ඩොලර් කෝටි සීයක් ගෙවන්න කියල ශ්‍රේෂ්ඨාධිකරණය නෞකා සමාගමට නියෝග කළාට පස්සේ බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තියෙනව.
  • ඒ සියලු සමාගම් ඇතුළත් කරලා "X-Press Pearl Group" කියල කණ්ඩායමකුත් අධිකරණය නම් කරලා තියෙනව.
  • අනික 2021 මැයි මාසේ නෞකාව අනතුරට පත්වුණ අවස්ථාවේ ඉඳල නෞකාව ඇදගෙන යාම, සුන්බුන් ඉවත් කිරීම, වෙරළේ ප්ලාස්ටික් නර්ඩ්ල් එකතු කිරීම වගේම ධීවරයින්ට වන්දි ගෙවීම කළෙත් නෞකාවේ රක්ෂණ සමාගම සහ ITOPF ආයතනය විසින්.
  • ලංකාවේ පුරවැසියෙක් අධිකරණ තීන්දුවක් නොතකා හැරීම අධිකරණයට අපහාස කිරීමක්. ඒ වගේම දැනට ලංකාවෙන් පිටවෙන්න තහනම් කරලා තියන නෞකාවේ කපිතාන්වරයා ගැනත් ඔවුන්ට කල්පනා කරන්න සිද්ද වෙනව.
අකුරු ප්‍රමාණය (Font Size):
හානිය වෙනුවෙන් අවුරුදක් ඇතුළත  ඩොලර් කෝටි සීයක් ගෙවන්න කියල ශ්‍රේෂ්ඨාධිකරණය නෞකා සමාගමට නියෝග කළාට පස්සේ බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තියෙනව.
 
xfgergf
"දැන් නෞකා සමාගම නැහැ. ඉතින් වන්දි ගෙවන්නේ කවුද? වන්දි ගෙවන්නේ කොහොමද?"

ඕක තමයි ප්‍රශ්නය.

අධිකරණය මේ නියෝගය කළේ, නඩුවේ විත්තිකරුවෝ විදියට නම් කරල තිබුණ නෞකා සමාගම හා සම්බන්ධ සියලු දේශීය හා විදේශීය සමාගම්වලට. ඒ සියලු සමාගම් ඇතුළත් කරලා "X-Press Pearl Group" කියල කණ්ඩායමකුත් අධිකරණය නම් කරලා තියෙනව.  

නෞකා සමාගම, අධිකරණය නම් කරපු මේ "X-Press Pearl Group" එකේ සාමාජිකයෙක් නෙවෙයි.

අනික 2021 මැයි මාසේ නෞකාව අනතුරට පත්වුණ අවස්ථාවේ ඉඳල නෞකාව ඇදගෙන යාම, සුන්බුන් ඉවත් කිරීම, වෙරළේ ප්ලාස්ටික් නර්ඩ්ල් එකතු කිරීම වගේම ධීවරයින්ට වන්දි ගෙවීම කළෙත් නෞකාවේ රක්ෂණ සමාගම සහ ITOPF ආයතනය විසින්.

ඒ නිසා දැන් නෞකා සමාගම නැති නිසා වන්දි ලබාගන්න ක්‍රමයක් නැහැයි කියන එක පදනමක් තියන තර්කයක් නෙවෙයි. 
 
xfgrcfg
කිසියම් ලෙසකින් මේ වන්දිය නොගෙවා ඉන්න ලන්ඩන් මූලස්ථානය සහිත රක්ෂණ සමාගම, P&I Club, හෝ අදාළ වෙනත් සමාගමක් සැලසුම් කරනවා නම් එතෙන්දි ඔවුන්ට කරුණු කිහිපයක් සලකා බලන්න සිද්ද වෙනවා; එකක් තමයි නෞකාවේ දේශීය නියෝජිත Sea Consortium Lanka කියන්නේ ලංකාවේ සමාගමක්. එහි අධ්‍යක්ෂවරුත් ලංකාවේ පුරවැසියන්. ලංකාවේ පුරවැසියෙක් අධිකරණ තීන්දුවක් නොතකා හැරීම අධිකරණයට අපහාස කිරීමක්. 
 
 
ඒ වගේම දැනට ලංකාවෙන් පිටවෙන්න තහනම් කරලා තියන නෞකාවේ කපිතාන්වරයා ගැනත් ඔවුන්ට කල්පනා කරන්න සිද්ද වෙනව.

කොහොම වුණත් මේ වන්දිය ගෙවන්න සිදුවීම නිසා රක්ෂණ වාරිකය ඉහළ යාමේ හැකියාවක් තියෙනව. ඒක ගොඩක් ඉහළ දැම්මොත් ලංකාවට ඒක අවාසියක් වෙන්න පුලුවන්.

ලංකාවේ අධිකරණය ඩොලර් කෝටි සීයකට වැඩි වන්දියක් නියම කළාට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරුවේ පවරලා තියන නඩුවට සිද්දවෙන්නේ මොකක්ද කියන එක තවත් ප්‍රශ්නයක්.

ඒ වගේම බ්‍රිතාන්‍ය අධිකරණයේ තීන්දුවකට විරුද්ධව නීතිපතිවරයා ඉදිරිපත් කරලා තියන අභියාචනයට වෙන්නේ මොකක්ද කියලත් මම, පරිසර යුක්ති කේන්ද්‍රයේ සම-නිර්මාතෘ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ ගෙන් විමසීමක් කළා.

මේ වීඩියෝ පටයේ තියෙන්නේ ඔබෙත්, මගෙත් ප්‍රශ්නවලට ඔහු දෙන පිළිතුරු. නරඹල ඔබේ අදහසත් කියන්න.

Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ජුලි 25

සම්පුර්ණ නඩු තීන්දුව මෙන්න

 

 
සබැඳි ලිපි :
 
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...