BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ඇමතිවරුන්ට ආයතන බෙදයි : රාජපක්ෂ පවුලට 156 ක් !

T

The Leader Desk

December 12, 2019 • 2:44 AM

ඇමතිවරුන්ට ආයතන බෙදයි : රාජපක්ෂ පවුලට 156 ක් ! 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන ජනාධිපති ගෝඨාභය
  • දෙසැම්බර් 10 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ  ආයතන 31 ක් ද, අගමැති මහින්ද රාජපක්ෂ ආයතන 88 ක් ද, අමාත්‍ය චමල් රාජපක්ෂ ආයතන 37 ක් ද තම පවුල යටතට අත්පත්කර ගෙන ඇත.
  • ජොන්ස්ටන් ප්‍රනාන්දුට ආයතන 05 කි.
  • ගෝඨාභය ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන්ට සිදුව ඇත්තේ කාර්යාලයක් දී තිබේ නම් ඊට ගොස් හිස් A 4 කොළයක් ගෙන උදේ සිට සවස දක්වා අත්සන් ගැහීම පුරුදු වී කොළය කුණු කූඩයට දමා හිස් අතින් ගෙදර යෑමට ය.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජපක්ෂ විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර එහිදී අමාත්‍යාංශ වලට ආයතන බෙදීමේ දී රාජපක්ෂ පවුලේ අයියා මලෝ තිදෙනා රටේ වැදගත්ම සහ අයස්කාන්තම ආයතන 156 ක් තරම් විශාල ප්‍රමාණයක් තනිවම බෙදා ගෙන තිබේ.

දෙසැම්බර් 10 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ  ආයතන 31 ක් ද, අගමැති මහින්ද රාජපක්ෂ ආයතන 88 ක් ද, අමාත්‍ය චමල් රාජපක්ෂ ආයතන 37 ක් ද තම පවුල යටතට අත්පත්කර ගෙන ඇත.

මෙම බෙදිල්ලට අනුව, ඩලස් අලහප්පෙරුමට ආයතන 26 ක් ද, විමල් වීරවංශට ආයතන 29 ක් ද, දිනේෂ්ට ආයතන 22 ක් ද ශ්‍රීලනිපයේ මහින්ද අමරවීරට ආයතන 19 ක් ද ලබාදී ඇත. 

රාජපක්ෂවරුන්ගේ පරාජයේ ආරම්භයේ සිට රාජපක්ෂලා වෙනුවෙන් නොමනා දුක් විඳිමින් වෙහෙසුන අමාත්‍ය ප්‍රසන්න රණතුංගට ලබා දී ඇත්තේ ආයතන 09 කි. ජොන්ස්ටන් ප්‍රනාන්දුට ආයතන 05 කි.

රාජ්‍ය ඇමැතිවරුන්ට හුළං !

Screen Shot 2019 12 12 at 8.07.20 AM                                                          156 උන් ගත්තම අපි කරනදේ...(සමාජ මාධ්‍ය පොස්ටුවකින් උපුටා ගන්නා ලදී)

රාජ්‍ය ඇමැති ධූර ලබාදුන් ජ්‍යෙෂ්ඨයන් වන වාසුදේව නානායක්කාර, සුසිල් ප්‍රේම්ජයන්ත, එස්බී දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, රන්ජිත් සියඹලාපිටිය පමණක් නොව දයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්ත, රොහිත අබේගුණවර්ධන , මහින්දානන්ද අලුත්ගමගේ වැනි රාජ්‍ය ඇමැති ට කිසිදු ආයතනයක් නිල වශයෙන් ලබාදී නොමැත.

ගෝඨාභය ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන්ට සිදුව ඇත්තේ කාර්යාලයක් දී තිබේ නම් ඊට ගොස් හිස් A 4 කොළයක් ගෙන උදේ සිට සවස දක්වා අත්සන් ගැහීම පුරුදු වී කොළය කුණු කූඩයට දමා හිස් අතින් ගෙදර යෑමට ය. එසේ නොමැතිව නිල අත්සනක් තැබීමට කිසිදු ආයතනික වගකීමක් ඔවුන්ට නැත. එපමණක් නොව රාජ්‍ය ඇමැතිවරුන් දිව්රුම් දුන්නද අද දක්වා රාජ්‍ය ඇමැතිවරුන් සඳහා ගැසට් නිවේදනයක් හෝ නිකුත් කර නැත.

මෙකී කලකිරීම කොතෙක්දැයි කිවහොත් වාසුදේව ප්‍රසිද්ධියේ කියා ඇත්තේ තමන් රවටා රාජ්‍ය ඇමති කමක් දී ඇති බවයි. ඒ බව වාර්තා කර ඇත්තේ බැසිල් රාජපක්ෂ විසින් අත්පත් කර ගත් විමල් වීරවංශට අයත්ව තිබූ වෙබ් අඩවියකි.


(මූලාශ්‍රය -ලංකා ඊ නිව්ස්)

සබැඳි පුවත් :
'රාජ්‍ය ඇමති පට්ටමක් දී මාව මුලා කරලා' -වාසුදේව කනස්සල්ලෙන් 

ගැසට් එක එයි : අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන් බෙදපු හැටි මෙන්න 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...