දැන හෝ නොදැන රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍ය බාරයක් බව ප්‍රවීන දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.

වර්තමානයේදී ආන්දෝලනයට හේතු වුණු රන්ජන් රාමනායකගේ හඬපට සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයක පලවී තිබු සටහනකට ප්‍රතිචාර දක්වමින් එබව සඳහන් කර ඇති ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියි.

''මම වෙන විකාරි රූපි දේවල් දෙස සංවේගයෙන් හා උනන්දුවෙන් බලා සිටිනවා. මා විසින් පෙන්වා දෙනලද කුණු වූ තත්වය හා එහි දුගදේ තරම රන්ජන් ගේ පටිගතකල දුරකතන එකතුව ආශ්‍රයෙන්වත් ලංකාවේ ජනයා තේරුම් ගැනීමට සමත් වෙතොත් දැන හෝ නොදැන රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍ය බාරයක්.

ලංකාවේ සමස්ත ආයතන ක්‍රමය යේ ඇතිවී තිබෙන කුනුවීමේ තරම ඒ ආශ්‍රයෙන් තේරුම් ගැනීමට හැකි වේවී. එහෙත් මට තිබෙන ප්‍රශ්නය මේ තරමට කුණු වෙන්නට පෙර එය දැනගැනීමට ලංකාවේ උගතුන් අසමත් වූයේ කෙසේද යන්නයි.''

 Mahinda PM 

මේ අතර අද (09) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති පුවත්පත් කතුවරුන්ගේ හමුව අමතමින් අගමැතිවරයා පැවසුයේ, වර්තමානයේදී ආන්දෝලනයට හේතු වුණු රන්ජන් රාමනායකගේ හඬපට නිසා අධිකරණයේ විශ්වාසය නැති වීමෙන් රට අරාජික වී ඇති බවත්, අධිකරණයේ හැම තීන්දුවක්ම ගැනම ජනතාව තුල සැකයක් මතුවී ඇති බවත්ය.

text 9 3පසුගිය රජයේ දේශපාලඥයින් අධිකරණයට කෙතරම් බලපෑමක් එල්ල කලේද යන්න මෙම හඬපට හෙළිදරව් වීමෙන් පසු පැහැදිලි වන්නේ යැයි අගමැතිවරයා කියා සිටියි.

''මේ තත්වය අනුව අධිකරණ තීන්දු පිලිගන්නෙ කොහොමද කියල අද වෙනකොට ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා. මේ අධිකරණයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රතිඵල බරපතලයි. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අපට තිබෙනවා. අධිකරණයේ විශ්වාසය නැති වීමත් එක්ක රට තුළ අරාජික තත්ත්වයක් ඇති වෙලා. දැන් අධිකරණයේ හැම තීන්දුවක් දෙසම සැකයෙන් බලන තත්ත්වයක් සමාජයේ ඇති වෙලා තිබෙනවා. '' යයි මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ පැවසිය.

මෙහිදී පුවත්පත් කර්තෘවරුන් අසනු ලැබූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අගමැතිවරයා සඳහන් කළේ, පසුගිය සමයේ අධිකරණයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයේ, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසියේ ඇතැමුන් සම්බන්ධ වූ බවයි.

 මෙම තත්ත්වය වළක්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චකාර වරයාට පැහැදිලි වගකීමක් තිබෙන බවත්, මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් අධිකරණයේ පැත්තෙන් වහාම පියවරක් පියවර ගත යුතුව ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

'හඬපට පැතිරයාම වලක්වන්න' - ඇමති මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි

Mahindananda 

මේ අතර ද සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුයේ, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට සමාජ ජාල පුරා පැතිරී යාම භයානක තත්වයක් බවයි.

ඒ හේතුවෙන් එය පාලනය කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවද ඔහු පැවසුවේය.

මෙම හඬ පට හේතුවෙන් අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු විය හැකි බැවින් හඬපට පැතිර යාම වැළැක්වීම සුදුසු පියවරක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.


text 9 4''සියලු හඩ පට එළියට දාන්න'' - රන්ජන්ට නිශාන්තගෙන් අපූරු යෝජනාවක්

කෙසේවුවද අද (09) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පලාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ පැවසුයේ, මෙතෙක් කලක් රන්ජන් රාමනායකගේ පෞද්ගලික දේපලක් ලෙස පැවති හඩපට අද විවිධ පාර්ශව වලට වාසි වන අයුරින් යොදවාගෙන ඇති බවයි.

 මෙසේ තමන්ට වාසිදායක හඩපට පමණක් යොදා ගනිමින් කරන අවභාවිතාව නතර කිරීමට රන්ජන් රාමනායක විසින් තමන් සතු සියලු හඩපට මුදා හැරිය යුතු බවට ඔහු යෝජනා කළේය.

මෙතරම් කාලයක් ඒවා එකතුකර තබා ගැනීමේ වටිනාකමද එවිට ලැබෙන බව පැවසූ නිශාන්ත වර්ණසිංහ, සමාජයට අහිතකර හඩපට ප්‍රචාරය කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටීමට සංඝයා වහන්සේලාවත් ඉදිරිපත් නොවීම ගැටළුවක් බවද වැඩිදුරටත් කියා සිටියේය.

 

සමාජ මාධ්‍ය තුල හාස්‍යයට..

රන්ජන් ගේ හඬපට ඇතැම් සමාජ මාධ්‍ය තුල හාස්‍යයට ලක්ව ඇත්තේ මෙසේය.

Post Ranjan

 

සබැඳි පුවත් :

රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද? 

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව  !

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)

රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්