The Leader News
BREAKING
කඩදාසියේ 'ඉහළ මැදි ආදායම්' රටක් වූ ලංකාවේ සැබෑ ජීවන තත්ත්වය - Nikkei Asia●ජොලිබී ඕස්ට්‍රේලියාවට: බැදපු කුකුළු මස් හරහා අලුත් වන රාජ්‍ය තාන්ත්‍රික මිතුදම●උඩවලව අලි පරපුරේ සමාජ බැඳීම් බිඳවැටීමේ අවදානමක්●අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය●ෆේස්බුක් නීති විශාරදයින් සහ සැබෑ නීතිමය සත්‍යය | චන්දන ප්‍රසන්න●අපිට අපිව යළි යළිත් නිර්මාණය කර ගත හැකිය | චින්තන ධර්මදාස●දෙමළාගේ අයිතිය සඳහා අරගලය සිංහලෙන් කියා දෙන්නට වීරිය කළ සිවාජි අවසන් ගමන් යයි  ●සාෆ් පාපන්දු අවසාන ගැටුම හෙටයි: ඉන්දියාව පරදා ඵෙතිහාසික ජයක් ලබන්න පාකිස්තානය සමත් වේවිද?●අනුරගේ ලැම්බෝගිනි සහ සජිත්ගේ විට්ස් කාර් ආර්ථිකය●2027 අයවැය: ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික පරිවර්තනය කොහිද?●
Top Ad
පුවත්

#fightcorona : වසංගත තත්වයක් තුල මැතිවරණ එපා ! - පෙරටුගාමියෝ කියයි

T

The Leader Desk

March 16, 2020 • 12:25 PM

#fightcorona : වසංගත තත්වයක් තුල මැතිවරණ එපා ! - පෙරටුගාමියෝ කියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතින කොරෝනා ආසාදන තත්වය උග්‍රවීමත් සමග ආණ්ඩුව මහමැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳ විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද(16) මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකරමින් එබව දැනුම් දී ඇත.
  • එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, කුමාර් ගුණරත්නම් ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම ලිපියේ මෙසේ සඳහන් වේ.
  • ''2020 මහ මැතිවරණය සඳහා මේ වනවිට නාමයෝජනා කැඳවෙමින් තිබෙන අතර මැතිවරණය අප්‍රේල් මස 25වැනිදා පැවැත්වීමට නියමිත බවට නිල ගැසට් නිවේදනය නිකුත් වී තිබේ. ඒ අතරම කෝවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා වසංගතයක් ලෙස පැතිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවද අවදානමකට මුහුණ දී ඇත.
  • මාර්තු 15වැනිදා රාත්‍රීය වනවිට රෝගීන් 18 දෙනෙකු වාර්තා වී තිබු අතර එම සංඛ්‍යාව මොහොතින් මොහොත ඉහළ යමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පවතින කොරෝනා ආසාදන තත්වය උග්‍රවීමත් සමග ආණ්ඩුව මහමැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳ විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද(16) මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකරමින් එබව දැනුම් දී ඇත.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, කුමාර් ගුණරත්නම් ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම ලිපියේ මෙසේ සඳහන් වේ.

 ලංකාවද වසංගත තත්වයක් පිළිබඳ අවදානමකට !

''2020 මහ මැතිවරණය සඳහා මේ වනවිට නාමයෝජනා කැඳවෙමින් තිබෙන අතර මැතිවරණය අප්‍රේල් මස 25වැනිදා පැවැත්වීමට නියමිත බවට නිල ගැසට් නිවේදනය නිකුත් වී තිබේ. 

ඒ අතරම කෝවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා වසංගතයක් ලෙස පැතිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවද අවදානමකට මුහුණ දී ඇත. මාර්තු 15වැනිදා රාත්‍රීය වනවිට රෝගීන් 18 දෙනෙකු වාර්තා වී තිබු අතර එම සංඛ්‍යාව මොහොතින් මොහොත ඉහළ යමින් තිබේ.

ලංකාව ද වසංගත තත්වයක් පිළිබඳ අවදානමට මුහුණ දී තිබෙන බව පැහැදිලිය. රජය මේ වනවිට පාසල්, විශ්ව විද්‍යාල, සිනමා ශාලා, සත්ව උද්‍යාන, උද්භිද උද්‍යාන ඇතුළු පොදු විනෝද කටයුතු සඳහා වෙන්ව ඇති ස්ථාන වසා දැමීමට තීරණයකර ඇත. 

පොදු ප්‍රවාහන සේවාවලදී මතුවන අවදානම හේතුකොටගෙන රජයේ සහ වෙළඳ නිවාඩුවක්ද ප්‍රකාශයට පත්කර ඇත. 

අවදානම්කාරී තත්වය මැතිවරණයට බල නොපාන්නේද ?

මේ සියල්ල මෙලෙස තීරණය වන්නේ සමාජය යම් අවදානම්කාරී තත්වයකට මුහුණ දී ඇති නිසා බව පෙනී යන අතර එවැනි තත්වයක් මැතිවරණය පැවැත්වීමට බල නොපාන්නේ මන්ද යන ප්‍රශ්නය මතුවේ. 


''මැතිවරණ ක්‍රියාවලිය නිසා රෝගය පැතිරීමේ අවදානම වැඩිවන බව පැහැදිලිය. මේ අවස්ථාවේදී රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගැනීමේ ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ වසංගත තත්වයට මුහුණ දීමට මිස මැතිවරණ කටයුතු සඳහා නොවන බව මැතිවරණ කොමිසමද පිළිගනු ඇතැයි සිතමු. ''

අනෙක් සියළු ක්ෂේත්‍රයන් සඳහා බලපෑම් කර තිබෙන කොරෝනා වෛරස වසංගත තත්වය මැතිවරණය කෙරෙහිද බලපෑම් කරන බැවින් මේ අවස්ථාවේ මහ මැතිවරණයක් පැවැත්වීම උචිත නොවන බව අපගේ විශ්වාසයයි. 

මැතිවරණ ක්‍රියාවලිය නිසා රෝගය පැතිරීමේ අවදානම වැඩිවන බව පැහැදිලිය. විශේෂයෙන් මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමිසමට මානව සම්පත් නොමැති අතර ඒ සඳහා යොදා ගනු ලබන්නේ පවතින රාජ්‍ය යාන්ත්‍රණයයි. 

මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන්, පොලීසිය සහ අනෙකුත් ආරක්ෂක අංශ භාවිතා කිරීම තුළ වසංගතය මැඩලීම සඳහා ඇති අවස්ථා තවත් සීමා වීමට ඉඩ ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වයේ ඇති බරපතල සීමාකාරීත්වය හේතුවෙනි. 

මේ අවස්ථාවේදී රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගැනීමේ ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ වසංගත තත්වයට මුහුණ දීමට මිස මැතිවරණ කටයුතු සඳහා නොවන බව මැතිවරණ කොමිසමද පිළිගනු ඇතැයි සිතමු. 

ජනතාව සතු ප්‍රජාතාන්ත්‍රීක ඡන්ද අයිතිය උල්ලංඝනය වීමක් !

පවතින තත්වය තුළ මැතිවරණ කාර්යාලය පවා මාර්තු 16 දින වසා දැමීමට සිදුවූ අතර නාම යෝජනා භාර ගැනීමේ කටයුතුද අත්හිටුවීමට සිදුවිය. මැතිවරණ කාර්යාලයේ කාර්යමණ්ඩලය සම්බන්ධයෙන් පවා එවැනි සංකීර්ණත්වයක් තිබෙන තත්වයක් තුළ රට පුරා මැතිවරණයක් කැඳවීම සුදුසු නැති බව අවිවාදිතය. 

එමෙන්ම මෙවැනි අවදානම්කාරී තත්වයක් තුළ ජනතාවගේ ඡන්දය භාවිතා කිරීමේ උනන්දුව සහ ඡන්දය භාවිතා කිරීමට පැමිණෙන ප්‍රතිශතය පහත වැටීමට ඉඩ ඇති අතර එයද මහ මැතිවරණය වැනි අවස්ථාවකදී ජනතාව සතු ප්‍රජාතාන්ත්‍රීක අයිතියක් උල්ලංඝනය වීමකි.  

එමෙන්ම මාර්තු 28දින දක්වා මැතිවරණ රැස්වීම් ඇතුළු පිරිස් ඒකරාශී කරන සියලූ කටයුතු අත්හිටුවා ඇති බව පොලීසිය දැනුම් දී ඇති අතර එම දිනයෙන් පසුව වුව මැතිවරණ රැස්වීම්, ජනහමු, ගෘහස්ත සාකච්ඡුා සහ කැන්වසින් ව්‍යාපාර පැවැත්වීම කළ හැකිද යන්න ප්‍රශ්නකාරීය. 

දැවැන්ත අසමානතාවක් සහ අසාධාරණයක් :
 

දැනට ප්‍රකාශයට පත්ව ඇත්තේ ජනතාව හමුවට යන කටයුතු සියල්ල නවතා දමා මාධ්‍ය හරහා මැතිවරණ ප්‍රචාරයේ යෙදෙන ලෙසය.

නමුත් ''මාධ්‍යවල දැන්වීම් පළ කරමින් ප්‍රචාරක කටයුතුවල නිරත විය හැක්කේ මැතිවරණය සඳහා රුපියල් බිලියන ගණනින් වැය කරන අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට පමණක් බැවින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළම දැවැන්ත අසමානතාවක් සහ අසාධාරණයක් ඇතිවේ. ''

එමෙන්ම සමස්ත සමාජයම වසංගතයක් පිළිබඳ බියකින් පසු වෙද්දී මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලියක් දියත් කළ නොහැකි අතර එම වසංගතයට මැදිහත්වීම හරහා ආණ්ඩු බලයේ සිටින පක්ෂවලට පමණක් එවැනි මැදිහත්වීමක් සිදුකළ හැකිය. 

දැනටමත් වසංගත රෝග මර්දන ක්‍රියාවලිය හරහා දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන ආකාරය ඔබගේ අවධානයට යොමු කරමු. එහිදී ආණ්ඩු බලය සමග සම්බන්ධ පක්ෂවවලට සහ අපේක්ෂකයන්ට විශේෂ වාසියක් හිමිවන අතර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දැඩි අසමානතාවක් ඇතිවේ. 

නාම යෝජනා පිළිබඳව අවසාන නිගමනය ස්ථිර වීමට පෙර ...

සියලූ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති අවධානයට ගෙන සිය ඡන්දය භාවිතා කිරීම පිළිබඳව තීරණයක් ගැනීමේ ජනතාව සතු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්ද මෙමගින් අහෝසි වන අතර ජනතාවට තීරණයක් ගැනීමට සිදුවනුයේ මුදල් බලය භාවිතාකර ප්‍රචාරයේ යෙදෙන අතලොස්සකගේ ප්‍රචාරය මත පදනම්ව වීම වැළැක්විය නොහැක. 

එලෙස අසමාන කොන්දේසි යටතේ මුදල් බලය, රාජ්‍ය බලය, සිවිල් බලය සහ මාධ්‍ය බලය අතැතිව සිටින පක්ෂ සහ අපේක්ෂකයන් අතලොස්සකට පමණක් වාසිවනසේ අනෙකුත් අපේක්ෂකයන්ට සහ පක්ෂවලට සිය ප්‍රතිපත්ති පවා සමාජගත කළ නොහැකි වනසේ කොන්දේසි සකස්කර මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටිමු. 

පවතින කොරෝනා වසංගත තත්වය සහ ජනතාව මුහුණ දී තිබෙන ජීවිත සහ සෞඛ්‍යය සම්බන්ධ තර්ජනය සැලකිල්ලට ගෙන 2020 අප්‍රේල් 25 වැනිදාට පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල් තබන ලෙසත්, නාම යෝජනා කැඳවීමෙන් පසු කල් තැබීම නිසා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන රජයේ සේවකයන් ඇතුළු පිරිස් මුහුණ දෙන දුෂ්කරතා මෙන්ම තවමත් පිළිගත් දේශපාලන පක්ෂ කිසිවක් නාම යෝජනා ලබාදී නැති තත්වය සැලකිල්ලට ගෙන එම මැතිවරණ කල් තැබීම නාම යෝජනා පිළිබඳව අවසාන නිගමනය ස්ථිර වීමට පෙර සිදු කරන ලෙසත් ඉල්ලා සිටිමු. 

තවද මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡුා කිරීම සඳහා අප පක්ෂයේ නියෝජිත පිරිසකට 2020 මාර්තු 17වන දින සාකච්ඡුාවක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිමු.  ''

(2020 මාර්තු 16)



සබැඳි පුවත් :

#fightcorona : ඡන්දයකට වඩා පුරවැසි ජිවිත සුරැකීම මැතිවරණ කොමිසමේ වගකීමක් - මංගලගෙන් තවත් වීඩියෝවක් !

ඡන්දය කල් දැම්මොත් ආණ්ඩුවට අවාසියි - ආණ්ඩුවේ සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වේ 

''පාර්ලිමේන්තු මැතිවරණය කල්දමා, වහාම පාර්ලිමේන්තුව කැඳවන්න'' - හෙළ බොදු සවිය, ජනපතිට කියයි

කොරෝනා වෛරසය : මැතිවරණය පැවැත්වීමට මැකෝගෙන් කොන්දේසියක් ! (VIDEO)

''මහ ඡන්දය කල් දාන්න පුළුවන්'' - මැතිවරණ කොමිසමේ සභාපති කියයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

#fightcorona : වසංගත තත්වයක් තුල මැතිවරණ එපා ! - පෙරටුගාමියෝ කියයි | The Leader