කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමුකරමින් රජය විසින් අද (17) සිට දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇතත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම්

කාර්යාලවල රජයේ නිලධාරීන්ට එම සහනය ලබානොදී ඔවුන්ව අවදානමකට ලක්කර ඇත්තේ, කෙසේහෝ මහ මැතිවරණ නාමයෝජනා කටයුතු සිදුකිරීම සඳහා යයි ආණ්ඩුවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ.

එවැනි එක් පොස්ටුවක සඳහන් වන්නේ, ''මිනිසුන්ට වඩා ඡන්දේ ලොකුවෙලා .. ලැජ්ජයි මහත්තයෝ'' කියාය.

WhatsApp Image 2020 03 17 at 7.21.10 AM

මේ අතර දෙරණ රුපවාහිනි වැඩ සටහනට එක්වෙමන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසුයේ දින තුනක් රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබුණද දිසාපති කාර්යාල විවෘත කර ඇත්තේ නාම යෝජනා භාරදීම සදහා බවයි.

එහිදී අදහස් දැක්වු සෟඛ්‍ය ඇමතිනි පවිත්‍ර වන්නිආරච්චි කියා සිටියේ "ඡන්දෙ කල් දාන්න ඕනෙ නෑ... කොහොමත් අපි දිනනවනෙ" කියාය.

ආණ්ඩුවේ අදහස තේරුම් ගන්න මේ වීඩියෝවත් බලන්න...!

                                                        
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය වනතෙක් මහමැතිවරණය පැවැත්වෙන දිනය කල් දමා පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (16) යළි රජයෙන් ඉල්ලා සිටියේය.

ඡන්දේ කල්දාන්න ඉඩදෙන්න එපා! – නාමල් දැඩි ස්ථාවරයක 

කෙසේවුවද 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානියකු වන නාමල් රාජපක්ෂ පවසන්නේ, ඡන්දේ කල්දැමීමට ඉඩනොතැබිය යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂය සිය පක්ෂ අර්බුදය යට ගැසීම සඳහා මහ මැතිවරණය කල් දැමීම සඳහා උත්සාහයක නිරත වන බව නාමල් රාජපක්ෂ පවසයි.

මේ වනතුරුත් එජාපය මහ මැතිවරණය සඳහා සූදානම් නොමැති බවත් පක්ෂයේ බෙදීම් නිසා මැතිවරණයට මුහුණදිය නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ ආකාරයට සිය පටු පක්ෂ අභිලාෂවලට මුවා වී මැතිවරණය කල් දැමීමට ජනතාව ඉඩ දිය යුතු නැතැයි ඔහු අවධාරණය කරයි.

බන්දුලටත් කුණු බැනුම් !

මේ අතර නාමයෝජනා අත්සන් කිරීමට තිබෙන නිසා මේ දිනවල නිවාඩු දිය නොහැකි යයි ඇමති බන්දුල ගුණවර්ධන විසින් කරනු ලැබූ ප්‍රකාශයකට ද සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ලවෙමින් තිබේ.

පසුගිය පැය 24 සමාජ මාධ්‍ය හැසිරීම හා කොරෝනා බියෙන් තැතිගෙන සිටින ජනතාවගේ සිතුවිලි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබන, 'පොහොට්ටුවේ' ක්‍රියාකාරී තරුණ සංවිධායකවරයකු වන කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ (Milinda Rajapaksha) ඊයේ (16) රාත්‍රී මෙවැනි සටහනක් පළකර ඇත.


මිලින්දගේ කොරෝනා ඩයරිය - 16/03/2020

milinda
''ආණ්ඩුව මේ දැන් තව දින තුනකට නිවාඩු දුන්නා. මට (තවම) කොරෝනා නෑ. ඒත් අපේ එවුන් එයාපෝට් එකෙන් පැනල ගිය විදියටයි බිග් මැච් ගහපු විදියටයි අපි ඕනෑම කෙනෙක් දැන් මේ දෙයියන්ගේ ලෙඩේට විවෘතයි. 

මම ඉදිරි සති දෙකේවත් ඩයරියක් ලියන්න හිතුවේ අපි අත්දැකපු ඉතිහාසයේ කවමදාකවත් ලෝකයක් විදියට හෝ රටක් විදියට මේ තරම් දරුණු සමාජ ආර්ථික ආගමික හෝ දේශපාලනික අවුලකට පුංචිම පුංචි වයිරසයක් නිසා වැටිලා නැති නිසයි. ලෝක යුද්ධය කියන්නේ අපි මනුෂ්‍යයෝ විදියට තෝරාගත්ත දේවල්.

ඉදිරි සති කීපය අපි රටක් විදියට හැසිරෙන ආකාරය, නැවත නැවත අනාගත සමාජය විසින් අධ්‍යනය කරනු ඇත. අනෙක් කාරණය තමා අන් කවරදාකටවත් වඩා පොදු සමාජය කොරෝනා වයිරසය වෙනුවෙන් කරන මැදිහත්වීම ඉහලම මට්ටමක තිබීම. 

තවදුරටත් ආණ්ඩු කරනවා කියන්නේ බලය පාවිච්චි කිරීමට වැඩ දුර දිග ගිය සංකීර්ණ මනුෂ්‍ය මැදිහත්වීමකම දිගුවක් කියල උදේ ඉදන් හවස් වෙනකන් ෆේස්බුක් බැලුවොත් පේනවා.GMO text

දැන් රෑ 11.45 යි. BBC එකේ බ්‍රිතාන්‍ය අගමැති තුමා තව දෙන්නෙකුත් එක්ක රට අමතනවා. CNN එකෙත් සජීවීව දෙන්නේ ඒකමයි. 

ලංකාවේ ජීවත්වෙන නේපාල ජාතික මිතුරෙක් මට කෝල් එකක් අරන් කීවා ආපහු නේපාලයට යන්නේ නෑ මොකද ලංකාවේ තරම් හොද සෞඛ්‍ය සේවාවක් දකුණු ආසියාවේ වෙන කොහෙවත් නැති නිසා. බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් බොහොමයක් තීරණ ගත්තේ පරක්කුවෙලා විත්තිය තමා ඔහුගේත් අදහස වුනේ.

GMOA එක තදින්ම කියනවා ගුවන්තොටුපලයි වරායයි වහල, රට ඇතුලට ආපු අය කොටු කරලා වෙනම පරික්ෂා කරලා, ඊලග සති දෙක නිවාඩු දීලා රට ඇතුලෙම ප්‍රශ්නය විසදගමු කියලා. 

මම GMOA එකේ ඉහලම නිලධාරියෙකුට ඇමතුවම ඔහු කිව අපේ රෝහල් පද්ධතියට මේ අර්බුධයට මුහුණදෙන්න තරම් යටිතලපහසුකම් නෑ කියල. මම GMOA එකේ අදහස ෆේස්බුක් එකේ දැම්මම පළමු පැය ඇතුලත කමෙන්ට් 150 විතර ආව ඒ අදහස අනුමත කරලා. තවත් ගොඩාක් අය කෝල් කළා. 

හෙට ඔෆිස් යන්න වෙලා තියෙන ගොඩක් අය කෝල් කලේ හරියට හෙට මරන්න දක්කන් යනවා වගේ. මගෙ මැසෙන්ජර් එක පිරෙන්න පණිවිඩ එවල තිබ්බ බොහොමයක් අය පොහොට්ටු සාමාජිකයෝ. ඒ හැමෝම අහන්නේ ඇයි ආණ්ඩුව හෙට නිවාඩු දෙන්නේ නැත්තේ කියල.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියල තිබ්බේ නාමයෝජනා අත්සන් කරන්න තියෙන නිසා හෙට නිවාඩු දෙන්න බෑ කියල. පොදුවේ හැමෝම වගේ එකට සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කුණුහරපෙන් බැනල තිබ්බා. 


ජනාධිපතිතුමාගේ ෆේස්බුක් පිටුව සවිස්තරාත්මකව දක්වලා තිබ්බා උසාවි, පාස්පෝට් හැදුනුම්පත් හා ලයිසන් ඔෆිස්, බන්ධනාගාර වගේ තැන් වහල බැංකු වගේ අත්‍යවශ්‍ය සේවාවන් හෙට විවෘත කරනවා කියල. 

යුනිලීවර් වගේ පෞද්ගලික ආයතන සේවකයන්ට ගෙදර ඉදන් වැඩ කරන්න කියල තියෙනවා. corona txt 17

හැබැයි පාට පක්ෂ වයස බේදයක් නැතුව සියලුම දෙනා එකම හඩින් ඊලග සති දෙක නිවාඩු දෙන්න කියල කියනවා මම කොහෙවත් කවදාවත් දැකලා තිබ්බේ නෑ.

සමගි ජනබලවේගයේ රසික ජයකොඩි කතාකරලා අහුව මචන් උබලට නාමල්ටවත් කියන්න බැරිද ඊලග සති දෙක ලොක් ඩවුන් කරන්න කියලා. ඊටපස්සේ මම දැකකා ලොක් ඩවුන් ශ්‍රී ලංකා කියලා ලෝගෝ එකක් එක්ක කැම්පේන් එකක් එළිදක්වලා තියෙනවා. 

මේ වෙලාව වෙනවකොට ෆෙස්බුක් එකේ lockdown Sri Lanka කැම්පේන් එක වයිරල්.


WhatsApp Image 2020 03 16 at 11.37.37 PM
අද භයානකම ප්‍රවෘතිය තමා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කපිතාන් වරයෙක් කොරෝනා ආසාධිත බව තහවුරු වීම. හෙට අපි ප්‍රශ්න කල යුතුයි ඔහු මීට කලින් සති දෙකේ ගුවන් ගමන් වල යෙදුනාද සහ එසේනම් ඒ යානයේ ගමන්කළ හැම මගියෙක්ම ඒ ගැන දැනුවත්ද කියල. 

නරකම දේ මේ තරුණයා රෝයල් - තෝමියන් බිග් මැච් එකේ ඉදපු එක. අඩුම ගානේ දාහක්වත් ඔහු සහ ඔහු වටේ හිටපු අයට සම්බන්ධවෙලා කොරෝනා වළල්ලට ඇතුළුවෙලා ඇති. මේ බිග් මැච් එක තමා අපේ අන්තිම මැච් එක. කොළඹ හැම ලොක්කෙක්ම වගේ ඒ බිග් මැච් එකේ හිටියා කොරෝනා වලට හිනහ වෙවී.

                                                                            
උදේ දොස්තර ප්‍රසන්න පොඩි වීඩියෝ එකක් එව්වා අද නිවාඩු දුන්නේ ගෙදරට වෙලා ඉන්න කියලා. ඒක මගේ පිටුවේ 3200 වාරයක් මේ වෙනකොට ශෙයා වෙලා තියෙනවා. හවස ඔහු එව්වා ශ්‍රී මහා බෝධිය දළදා මාළිගාවට වුනත් යන්න එපා කියලා. ඒක කෙලින් අදහසක්. 

ඊළගට මම දැක්කා ඩයස් ඉතාලියේ ඉදන් දාල තියෙනවා පිරිත් වලට විරුද්ධවෙන ඕනෑම බලවතෙකුට විරුද්ධ වෙනවා කියල. මම හිතන්නේ සමාජයේ ගොඩනැගුන මතය පිරිත් වලට විරුද්ධව නොවේ පිරිත්වලට මිනිස්සුන්ට ආරාධනා කිරීම. ගමේම මිනිස්සු ගෙන්නගන්නේ නැතුව ඕනෑම ආගමික කටයුත්තක් කලාට කමක් නෑ කියන එකයි සමාජ මතය වුනේ.

Corona text2අඩුම දින ගණනක් ඇතුලත වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හමුවුනේ ලංකාවෙන් කියල බොහෝ අය අංක ඉලක්කම් එක්කම ෆේස්බුක් එකේ දාල තිබ්බා. අද වෙනකොට එයාපෝට් එකෙන් එළිබහින හැමෝම නිරෝධායනයට එක්කන් යනවා. ගුවන්තොටුපල කාර්යමණ්ඩලය සහ ගුවන් හමුදාව ලොකු කැපකිරීමක් කරනවා. 

මේ වෙනකොට සියලුම මාධ්‍ය ආයතන පාහේ නිරෝධායන මධ්‍යස්ථාන ඇතුලටම ගිහින් වාර්තා කරලා තිබ්බා. ආරංචි විදියට එංගලන්තයේ ඉදන් ආපු ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ දුවත් නොරෝධායන මධ්‍යස්ථානයට ගෙනිහින් තිබ්බා. ආරංචි විදියට වෙනම ආහාර ලබාදීමට ඔහු අවසරයක් ලබාගෙන තිබ්බා.

මේ වෙනකොට රෝගීන් 29 යි ප්‍රතිකාර ලබන 28 යි සහ සුව වූ 1 යි
මිලින්ද රාජපක්ෂ
(16/03/2020)


සබැඳි පුවත් :
 

#fightcorona : වසංගත තත්වයක් තුල මැතිවරණ එපා ! - පෙරටුගාමියෝ කියයි 

#fightcorona : ඡන්දයකට වඩා පුරවැසි ජිවිත සුරැකීම මැතිවරණ කොමිසමේ වගකීමක් - මංගලගෙන් තවත් වීඩියෝවක් !

ඡන්දය කල් දැම්මොත් ආණ්ඩුවට අවාසියි - ආණ්ඩුවේ සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වේ 

''පාර්ලිමේන්තු මැතිවරණය කල්දමා, වහාම පාර්ලිමේන්තුව කැඳවන්න'' - හෙළ බොදු සවිය, ජනපතිට කියයි

''මහ ඡන්දය කල් දාන්න පුළුවන්'' - මැතිවරණ කොමිසමේ සභාපති කියයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image