විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ මැදවච්චියේ පැවැති ජන හමුවක් අමතමිනි.
රජයට බලයට එන්න උදව් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ටත් බදු ගහලා
මෙරට ජනතාවගේ කරපිට බදු පිට බදු පනවා ඇති බවත් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කර ගත් සේවාවලට 15% බදු ගසා ඇති බවත් මේ ආකාරයෙන් රටේ ඩිජිටල් තාක්ෂණය ප්‍රවර්ධනය කළ නොහැකි බවත් තම හැකියාවෙන් මුදල් සෙවු යූටියුබර්ස්ලාට ඩිජිටල් සේවා සපයන අයට බදු ගැසිම නිසා අපනයන අඩු කරන වැඩපිළිවෙළකට යොමුව ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.
රජය උන්ඩියල් හවාලා ප්‍රවර්ධනය කරනවා
මේ හරහා මුදල් විශුද්ධිකරණ ක්‍රමවේද උන්ඩියල් හවාලා ක්‍රමවේද ප්‍රවර්ධනය කරන බවත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජයේ කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති එයට විරුද්ධ බව පවසන බවත් විපක්ෂනායකවරයා පැවසිය.
මේ බදු ඉදිරිපත් කළේ මුදල් ඇමති අනුර කුමාර ජනාධිපතිවරයා බවත් තඹුත්තේගම දුම්රිය පොළ සංවර්ධනයට ලක්ෂ 1000ක් වෙන් කළ එක පවා ජනාධිපතිවරයා නොදන්නා බව පවා පවසන රජය, දැන් මේ බදුවලට විරුද්ධ යයි කියන බවත් අරගලයේ නිරත බොහේ දෙනා මේ ක්ෂේත්‍රයෙන් ආදායම් උත්පාදනය කරන නිසා මෙය අරගල බද්ධ ලෙස හඳුන්වන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
අරගලයේ නිතර බොහෝ දෙනා මේ ක්ෂේත්‍රයේ ආදායම් උත්පාදනය කරන අය බවත් වත්මන් ජනාධිපතිවරයා බලයට ගේන්න මග පෑදු අරගලකරුවරුන්ට පවා එම බදු ගසා ඇති බවත් මේ ගැන කතා කරන්න යද්දි කතානායකවරයා එයට බාධා කරමින් සිටින බවත් රටේ ප්‍රශ්න ගැන කතා කරද්දි මයික් ඔෆ් කිරිම රටේ ප්‍රතිපත්තිය වී පාර්ලිමේන්තුව රජයේ කතා සාප්පුවක් බවට පත්කර ඇති බවත් විපක්ෂ නායකවරයා තව දුරටත් පැවසිය.
සබැඳි පුවත්
'රටට ඩොලර් ගෙන එන සියල්ලන්ට 15%ක බදු පැනවෙන' අපනයන සේවා බද්ද බලපාන්නේ කාට ද?
වැරදි අවබෝධයක් සමාජගත වෙලා - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
අලුත් බද්ද නිසා IT වෘත්තිකයින් රට හැර යාමේ අවදානමක් !
රජය නිකුත් කළ බද්දෙන් උණ්ඩියල් මුදලාලිලා පෝසත් වෙනවා - youtube වලටත් මේ බද්ධ ක්‍රියාත්මකයි - දිලිත් ජයවීර



