The Leader News
BREAKING
Top Ad
පුවත්

බටලන්ද වාර්තාවෙන් කාගෙවත් ප්‍රජා අයිතිය නැති කරන්න බෑ - ප්‍රතිභා මහානාමහේවා

T

The Leader Desk

March 17, 2025 • 4:41 AM

බටලන්ද වාර්තාවෙන් කාගෙවත් ප්‍රජා අයිතිය නැති කරන්න බෑ - ප්‍රතිභා මහානාමහේවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය අහෝසි කළ හැක්කේ 1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ පනත අනුව පත් කරන කොමිෂන් සභාවලට පමණක් බවද ඔහු කීවේය.
  • අංක 7 දරන විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ විධිවිධාන පනත යටතේ පත්කරන කොමිෂන් සභාවල නිර්දේශ අනුව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පවත්වා අදාල පුද්ගලයන්ගේ සිවිල් හෝ ප්‍රජා අයිතිය අහිමි කිරීමට හැකියාව පවතින බවද හෙතෙම පැවසීය.
  • ''88 -89 හිටපු අනිත් කල්ලි ගැනත් හොයමු'' - මෛත්‍රිපාල සිරිසේන මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසන්නේ, අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බවයි.
  • තමාගේ කාලයේදී පත් කෙරුණු තවත් කොමිෂන් සභා තිබූ බවත් එම කොමිෂන් සභාවල වාර්තාද ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය අහෝසි කළ හැක්කේ 1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ පනත අනුව පත් කරන කොමිෂන් සභාවලට පමණක් බවද ඔහු කීවේය.

1978 අංක 7 දරන විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ විධිවිධාන පනත යටතේ පත්කරන කොමිෂන් සභාවල නිර්දේශ අනුව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පවත්වා අදාල පුද්ගලයන්ගේ සිවිල් හෝ ප්‍රජා අයිතිය අහිමි කිරීමට හැකියාව පවතින බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරියේදී ජනතාවගේ ජීවත් වීමේ අයිතිය, නිදහස සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් යම් යම් සාධනීය වෙනස්කම් හෝ ප්‍රතිසංස්කරණ කළ හැකි බව පැවසූ මහානාමහේවා, ප්‍රමාණවත් සාක්ෂි පවතී නම් අදාළ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු පැවරිමේ හැකියාව නීතිපතිවරයාට ඇති බවද සඳහන් කළේය.

''88 -89 හිටපු අනිත් කල්ලි ගැනත් හොයමු'' - මෛත්‍රිපාල සිරිසේන

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසන්නේ, අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බවයි.

තමාගේ කාලයේදී පත් කෙරුණු තවත් කොමිෂන් සභා තිබූ බවත් එම කොමිෂන් සභාවල වාර්තාද ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.

මහා බැංකු මුදල් වංචා සොයා බැලීමේ කොමිෂන් සභාව ශ්‍රී ලංකන් ආයතනය පිළිබඳ කරුණු සොයා බැලීමේ කොමිෂන් සභාවල වාර්තා ක්‍රියාත්මක කිරීම හොඳ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙම කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එතනින් එහාට රාජකාරී පැවරී ඇත්තේ අමාත්‍යවරුන්ට බවද සඳහන් කළේය.

(lankadeepa | සුජිත් හේවාජුලිගේ)

සබැඳි ලිපි :

බටලන්දට ගිණි තබා රනිල් දවා අලුකිරීම...? - | අශෝක ජයතුංග

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

'බටලන්ද කොමිසම් වාර්තාව' යනු කුමක් ද? එහි අඩංගු මොනවාද? කොමිසමේ වාර්තාවට අනුව අනීතික ක්‍රියා සඳහා වගකිවයුත්තෝ කවුරුන් ද?

'බටලන්ද වාර්තාව' පාර්ලිමේන්තු එනවට මම කැමති ඇයි ? | Sanjeewa Batuwatta

බටලන්ද වාර්තාව සහ රනිල් ?

ආයිත් ඉන්නේ රනිල්...| Mahesh Hapugoda

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...