The Leader News
BREAKING
Diginote : තෙල් අවදානම, අත්අඩංගුවේ මරණ සහ කාඩ්පත් අර්බුදය●සංගක්කාරගේ ගුවන්තොටුපොළ සිදුවීමෙන් අප උගත යුතු පාඩම●ලූවර් සහ මෙට් පරදා බිහාර් කෞතුකාගාරය ලොව මුල් දහයට●තරාදියේ වැරදි බරට නයින්වෙල්ස් රෝහලට පාරිභෝගික අධිකාරියෙන් දඩයක්●ගෝලීය උෂ්ණ කුණාටු හමුවේ මව්කුස අනතුරේ●ඇමරිකානු නිදහසට පදනම දැමූ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් කොළඹදී කතාබහට●ඩොලර් ලක්ෂ හතක නැව් රක්ෂණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට●කිංස්බරි සීසීටීවී අර්බුදය: සරත් වීරසේකරගෙන් රු. මිලියන 100ක එන්තරවාසියක්●යුරෝපයේ රුසියානු විරෝධී හඬ බාල කරන්නැයි පෙන්ටගනයෙන් උපදෙස්●සංගක්කාරගේ පාස්පෝට් අර්බුදය: රයන්එයාර් හෙළි කළ තිත්ත ඇත්ත●
Top Ad
පුවත්

කාන්තා හා ළමා කටයුතු ඇමති සරෝජා පෝල්රාජ් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයකට ලක්වන්නේ ඇයි?

T

The Leader Desk

May 9, 2025 • 3:53 PM

කාන්තා හා ළමා කටයුතු ඇමති සරෝජා පෝල්රාජ් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයකට ලක්වන්නේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ඇය විසින් ඊයේ දිනයේදී එනම් මැයි 08 දින පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
  • එමෙන් ම දෙසැම්බර් මාසයේදී සිදු වූ බව කියන අපයෝජන සිදුවීම අළලා මිය ගිය දැරියට අපහස කළ බවට ටියුෂන් ගුරුවරයෙකුට ද චෝදනා එල්ල වී ඇති අතර, එම පුද්ගලයා ජාතික ජනබලවේගයේ ආධාරකරුවෙකු වන බවට සමාජ මාධ්‍ය තුළ චෝදනා එල්ල වෙමින් තිබේ.
  • දෙමව්පියන්ට පෙත්සමක් අරගෙන ඇවිත් මාව හම්බවෙන්න කිව්වා.
  • නීතිය අතට ගන්නත් බෑ." ඇමතිවරියගේ මෙම ප්‍රකාශයත් සමග සමාජ මාධ්‍ය තුළ මේ වන විට ඒ සම්බන්ධයෙන් විශාල සංවාදයක් මතුව ඇති අතර, බොහෝ දෙනෙකු මෙම ප්‍රකාශයට දැඩි විරෝධය දක්වා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ඇය විසින් ඊයේ දිනයේදී එනම් මැයි 08 දින පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි මෙම දැරිය ඉකුත් අප්‍රේල් මස 29 වන දා කොළඹ, කොටහේන ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයකින් බිමට පැන සියදිවි නසා ගෙන තිබූ බව පොලිසිය වාර්තා කර තිබූ අතර, එලෙස සියදිවි නසා ගත් දැරිය ලිංගිකව අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ ගුරුවරයාට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එම පාසල ඉදිරිපිට ඊයේ දිනයේදී (මැයි 8)විරෝධතාවක් ද පැවැත්විණි.

එමෙන් ම දෙසැම්බර් මාසයේදී සිදු වූ බව කියන අපයෝජන සිදුවීම අළලා මිය ගිය දැරියට අපහස කළ බවට ටියුෂන් ගුරුවරයෙකුට ද චෝදනා එල්ල වී ඇති අතර, එම පුද්ගලයා ජාතික ජනබලවේගයේ ආධාරකරුවෙකු වන බවට සමාජ මාධ්‍ය තුළ චෝදනා එල්ල වෙමින් තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විරෝධතාවය පැවැත්වෙන අතරතුර ඒ පිළිබඳව පාර්ලිමේන්තු සභා ගර්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සිදු කළ කරුණු දැක්වීමකට කාන්තා සහ ළමා කටයුතු ඇමති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් දමිල භාෂාවෙන් දැක් වූ ප්‍රතිචාරය සිංහලයට පරිවර්තනය කොට ඇතැම් මාධ්‍ය විසින් පළකොට තිබුණේ මෙසේය.

"මේ ළමයා දූෂණයට පත්වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් JMO රිපෝට් එකක් [අධිකරණ වෛද්‍ය වාර්තාවක්] අරගෙන තියෙන්නේ. මම කිව්වා මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියේ පැමිණිල්ලක් දාන්න කියලා. දෙමව්පියන්ට පෙත්සමක් අරගෙන ඇවිත් මාව හම්බවෙන්න කිව්වා. තාමත් ඒ අය ආවේ නෑ. සමාජ මාධ්‍යවලින් යුක්තිය ඉටුකරගන්න බෑ. නීතිය අතට ගන්නත් බෑ."
polraj 4polraj 3polraj 2
ඇමතිවරියගේ මෙම ප්‍රකාශයත් සමග සමාජ මාධ්‍ය තුළ මේ වන විට ඒ සම්බන්ධයෙන් විශාල සංවාදයක් මතුව ඇති අතර, බොහෝ දෙනෙකු මෙම ප්‍රකාශයට දැඩි විරෝධය දක්වා තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇමතිවරිය දෙමව්පියන්ගේ පෙත්සම් ලැබෙන තුරු නොසිට මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කිරීමට තිබූ බව ය.

මේ සම්බන්ධයෙන් ඊයේ සහ අද දිනයේ දී පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

polraj 1
ඇමතිවරියගේ සම්පූර්ණ ප්‍රකාශය කුමක් ද?

මේ වන විට ඇමතිවරිය දමිළ භාෂාවෙන් සිදුකළ කතාවේ සම්පූර්ණ පරිවර්තනයක් නොව කොටසටක් පමණක් මෙලෙස වාර්තා කර ඇති නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බවට වන සටහන් ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වේ.

බීබීසී සිංහල විසින් එම කතාවේ සම්පුර්ණ වීඩියෝව පරික්ෂා කළ අතර, අමාත්‍යවරියගේ එම කතාවේදී ඇය මතු කරන්නේ ඇය මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් කටයුතු කරමින් සිටින බව හා දෙමව්පියන්ව ද සම්බන්ධ කරගෙන ඇති බව ය.

එමෙන් ම මැයි 08 වන දින පැවති උද්ඝෝෂණය අවසානයේදී ඔවුන් පෙත්සමක් රැගෙන එන බවට දැනුම් දී තිබූ බවත්, අමාත්‍යවරිය විසින් ඔවුන්ට අමාත්‍යවරිය හමුවී පෙත්සම භාරදීමට අවස්ථාව සලසා තිබුණ ද ඔවුන් නොපැමිණි බව ය.

එමෙන් ම සිය පාර්ශවය ද මේ සිදුවීමට අදාළ ව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවට විශ්වාස කරන බව ද ඇගේ කතාවේ අඩංගු විය.

ඒ අනුව අමාත්‍යවරිය විසින් කරනු ලැබූ ප්‍රකාශයේ දළ සිංහල පරිවර්තනයක් බීබීසී සිංහල විසින් සිදු කරන ලදී. පහතින් දැක්වෙන්නේ එම පරිවර්තනයයි.


"මේ සිසුවියගේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පුර්ණ තොරතුරු මම එකතු කළා ඉදිරි පරීක්ෂණයක් වෙනුවෙන්. මේ සිද්ධිය ආරම්භ වෙන්නේ 2024 දෙසැම්බර් මාසයේ. මේකේ මුල බැලුවොත් මේ සිසුවිය මානසික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබලා තියෙනවා. මේ සිසුවියට සිදු වුණා කියන අපචාර සිදුවීමෙන් පසුව JMO වාර්තාවක් අරගෙන තියෙනවා. මේ ළමයාගේ පාසලේ අනෙක් සමවයස් සිසු සිසුවියන්ගෙන්, ඒ වගේ ම ළඟ යාලුවන්ගෙන් තොරතුරු අරගෙන අපි ෆයිල් එකක් හදලා තියෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් මැයි 05 වන දා ළමාරක්ෂණ අධිකාරියට ගිහින් පැමිණිල්ලක් කරන්න කියලා දෙමව්පියන්ට කිව්වත් අදට [මැයි 08] දවස් 4ක් ගිහිල්ලත් තවම පැමිණිල්ලක් කරන්න ගිහින් නෑ.

අද [මැයි 08] පැවැත්වෙන උද්ඝෝෂණයෙන් පස්සේ අධ්‍යාපන අමාත්‍යංශයටයි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයටයි පෙත්සමක් භාර දෙන්න එනවා කිව්වා. මම ඒකටත් අවස්ථාව හදලා දුන්නත්, දෙමව්පියන්ට ඇවිල්ලා මාව හම්බවෙන්න කිව්වත් තව ම ඇවිල්ලා නෑ. හෙට හෝ අනිද්දා ඔවුන් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේවා ෆේස්බුක් එකෙන්වත්, සමාජ මාධ්‍යවලින්වත් විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි.

අපට නීතිය ක්‍රියාත්මක කරගන්න ඕනේ නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ වෙච්ච සිදුවීම ගැන නීතිය ක්‍රියාත්මක විය යුතු බවට අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ නිසා මේ සිදුවීමේදී නීතිය හරියට ඉටු වෙන්න ඕනේ නම් එකට නිසි පරිදි නීතියේ පිහිට පැතිය යුතුයි.

එහෙම නැතිව සමාජ මාධ්‍ය තුළින්, වෙනත් අය හරහා නීතිය අතට ගත්තොත් බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නෑ.

මේ නිසා මම ඉල්ලා සිටිනවා මේ සිදුවීමට යුක්තිය ඉල්ලා සිටින යට නීතිය හමුවට ඇවිල්ලා ඒ ක්‍රියාමාර්ග ගන්න කියලා."

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ඉහත සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීමක් සිදු කරන ලදී.

ඔහු එහිදී පෙන්වා දුන්නේ මියගිය දැරිය අපයෝජනයට ලක්ව තිබෙන්නේ පසුගිය වසරේ එනම් 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ගුරුවරයාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙන්නේ මැයි 08 එනම් ඊයේ දින බවත් ය.

මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට සහ එවැනි සිදුවීමක් සිදුවූ විට ඒවා සම්බන්ධයෙන් කඩිනම් තීරණ ගැනීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැති ආචාර්ය හරිනි අමරසූරියට යෝජනා කළේ ය.

එයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසූයේ එය අතිශයින් ම සංවේදී කරුණක් බව ය.

"අපි සියලු දෙනා ම වගකිවයුතු අය හැටියට මේවා ගැන කතා කරන විදිහත් මේවා පිළිබඳව මැදිහත් වෙන විදිහත් පරිස්සමට මැදිහත් විය යුතුයි. මේවා අවස්ථා නොකරගත යුතුයි දේශපාලනිකව මේවා ගැන මැදිහත්වෙන්න. මේ දරුවෙක් පිළිබඳ සිද්ධියක්," යැයි පවසමින් අගමැතිවරිය පැවසුවේ මෙවැනි වයසක දැරියකට සිය ජීවිතය අවසන් කිරීමට තීරණයක් ගැනීමට සිදුවීම සමාජයේ ම අසමත්කමක් බව ය.

"පළමුවෙනියට මේ සිදුවීම සිදුවුණා අවස්ථාවේ මේ සම්බන්ධයෙන් වාර්තාකරණය හරියට සිදුවෙලා නෑ. ඒක ඉතාමත් ම පැහැදිලියි."

මේ වන විට අදාළ පාසලේ විදුහල්පතිවරියගෙන් ද ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් සිදු කර ඇති බව ද ඇය පැවසුවා ය.

"අද උදේ මම ගරු සරෝජා පෝල්රාජ් ඇමතිවරිය සමග සාකච්ඡා කරා මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ළමාරක්ෂණ අධිකාරිය සහ පොලිසිය මැදිහත් කරගෙන ක්‍රමවේදයක් ඇති කරන්න යන්නේ."


ඇමතිවරියගේ ප්‍රකාශය ගැන ඇමති බිමල්ගේ පැහැදිලි කිරීමක්

පෙර දිනයේදී අමාත්‍යවරිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද දින ඇතිවූ විවාදාත්මක තත්ත්වය හමුවේ සභානායකවරයා ඇමතිවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද සිදු කළේ ය.

"ළමාරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ලැබීමට පෙර මේ සිද්ධිය ආරංචි වුණාට පස්සේ කාන්තා කටයුතු ඇමතිතුමිය මා දන්නා තරමින් නියෝජ්‍ය පොලිස්පතිතුමියක් ඉන්නවා... එතුමියට කතා කරලා මේ පිළිබඳව කටයුතු කරන්න කියන එක එතුමිය [ඇමතිවරිය] දැනුවත් කරලා තිබුණා. පැමිණිලි එනකන් හිටියේ නෑ, එතුමිය කියලා තිබුණා," ඔහු පැවසුවේ ය.

"නමුත් අපි දැක්කා ඒ දෙමව්පියෝ ප්‍රෙස් කන්ෆරන්ස් තියනවා. උද්ඝෝෂණ යනවා. ක්‍රියාවලියක් යනවනේ. එතකොට පැමිණිල්ලක් දාන්න බැරුව නෙවෙයිනේ. කොළඹනේ ඉන්නේ. මම හිතන්නේ එතුමිය ඒක තමයි සඳහන් කළේ පැමිණිල්ලකුත් තිබුණා නම් හොඳයි කියලා," ඔහු පැවසීය.


| BBC සිංහල සේවය

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර:

හරිනි නම් 'හරිම නෑ' | කුසල් පෙරේරා

සරෝජනී පෝල්රාජ් ඇමැතිනියගේ ප්‍රකාශය, යහපත් ආණ්ඩුකරණයක ප්‍රතිචාරයක් විය නොහැකිය | Geethika Dharmasinghe

පාසල් සිසුවියකගේ මරණය: ලිංගික අතවර කළ බව කියන ගුරුවරයාට ස්ථාන මාරුවක්

'Black monkey go out': ගුරුවරුන්ගෙන් ඔබේ දරුවාට වාචික හිංසනයක් සිදුවූ විට කළ යුත්තේ කුමක් ද?

ළමුන් පාසල්වලදී කෲරත්වයට පත්වීම වැළැක්වීමට නව නීති

'කියන්න කනගාටුයි... ඉතා කුඩා දරුවන් පවා ලිංගික අපයෝජනවලට ලක්වෙලා'

ළමා දූෂණයට දඬුවම මරණය හෝ වඳභාවය

"බොහෝ ළමා දූෂකයන් පවුලේ ඥාතීන් හෝ හිතවතුන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...