The Leader News
BREAKING
Top Ad
පුවත්

ආන්දෝලනයට තුඩුදුන් ත්‍රිකුණාමලය වෙරළේ ඉදිකළ පන්සලේ ගැටලුව විසඳා ගැනීමට අභියාචනාධිකරණයෙන් යෝජනාවක්

T

The Leader Desk

November 19, 2025 • 9:24 AM

ආන්දෝලනයට තුඩුදුන් ත්‍රිකුණාමලය වෙරළේ ඉදිකළ පන්සලේ ගැටලුව විසඳා ගැනීමට අභියාචනාධිකරණයෙන් යෝජනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම විහාරයේ විහාරාධිපති පුජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳගේ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
  • දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණුවලට සවන් දුන් විනිසුරු මඩුල්ල යෝජනා කළේ මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බවයි.
  • ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වන දා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙසත් නියම කළේ ය.
  • එම කටයුතු අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශ්වයන්ට දැනුම් දුන්නේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම විහාරයේ විහාරාධිපති පුජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳගේ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණුවලට සවන් දුන් විනිසුරු මඩුල්ල යෝජනා කළේ මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බවයි.

 tt8765975

පෙත්සම්කාර හිමිවරුන් දෙදෙනා අධිකරණයෙන් පිටව යන අයුරු

 

පෙත්සම සලකා බැලීම දෙසැම්බර් 16

ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට යවා අදාළ ඉදිකිරීම පිළිබඳව යළි පරීක්ෂාවක් කර ඉන් ලැබෙන ප්‍රතිඵලයට අනුව සුදුසු තීන්දුවක් ගැනීමට මෙහීදී පෙත්සම්කාර සහ වගඋත්තරකාර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ එකඟ වූහ.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වන දා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙසත් නියම කළේ ය.

එම කටයුතු අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශ්වයන්ට දැනුම් දුන්නේ ය.

මේ හරහා යම් අවාසනාවන්ත සිද්ධියක් සිදුවුවහොත්, එය රටට අයහපත් ලෙස බලපෑ හැකි බැවින් සමකාමීව කටයුතු කරන ලෙස තම තමන්ගේ සේවාදායකයින්ට උපදෙස් දෙන ලෙසත්, විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ ය.

 uyr675vuigy

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණුවලට සවන් දුන් විනිසුරු මඩුල්ල යෝජනා කළේ මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බව ය

 

පෙත්සමේ සඳහන් වන්නේ කුමක් ද?

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් සහ පරිසර අමාත්‍යවරයා නම් කර ඇත.

පෙත්සම්කාර විහාරාධිපති හිමියන් කියා සිටින්නේ, තම විහාරය අමරපුර නිකාය යටතේ විහාර හා දේවාලගම් පනතට අනුකූලව 1951 වසරේ ලියාපදිංචි කළ විහාරස්ථානයක් බව ය.

2014 වසරේ ජූනි මස 6 වන දා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම ඉඩම එවක නායක හිමි මිහිඳුපුර මහින්ද වංශ තිස්ස හිමිට බලපත්‍රයක් යටතේ පවරා දුන් බවත් පෙත්සම තුළින් සඳහන් කර තිබේ.

තම විහාරස්ථානයට අයත් 57/ ටීජී දරන ඉඩම් කොටස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට ත්‍රිකුණාමලය නගර සභාව ලිපියක් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 2025.07.18 සහ 2025.07.25 දිනවල ලිපි නිකුත් කළ අතර ඊට එරෙහිව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත තමන් වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කාර හිමියන් සඳහන් කර තිබේ.

එහෙත්, එම අභියාචනය පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙන බවත් එහි දැක්වේ.

සිය අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට පෙර අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා තමන් වහන්සේගෙන් කරුණු විමසීමක් හෝ තමන් වහන්සේගේ ස්ථාවරයට කන් දීමක් නොකළ බවත් විහාරාධිපති හිමියන් චෝදනා කර කර ඇත.

අදාළ ඉදිකිරීම මගින් වෙරළ සංරක්ෂණ රෙගුලාසි කිසිවක් උල්ලංඝනය නොවන අතර සිය ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි අත්තනෝමතික මෙන් ම ද්වේෂසහගත තීන්දුවක් බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

(උපුටා ගැනීම - බීබීසී සිංහල )

සබැඳි පුවත් :

‘දැන් නටන්නේ මොකටද?’ ත්‍රි’මලේ පිළිම ප්‍රශ්නය අවසන් බව කියමින් ජනපති අසයි

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...