The Leader News
BREAKING
Top Ad
Opinion

දැන් රනිල් කොටියෙක් නෙමෙයි ද? | මිලින්ද රාජපක්ෂ

T

The Leader Desk

March 10, 2025 • 7:57 AM

දැන් රනිල් කොටියෙක් නෙමෙයි ද? | මිලින්ද රාජපක්ෂ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තටම අපේ පරම්පරාවේ බයියන්ට රනිල් සම්මුඛ වුන පළමු හා අවසාන අවස්ථාව පහුගිය අවුරුදු දෙක.
  • ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් 100% ක්ම රනිල් සීයගෙ පැත්තෙ හිටපු මම චන්දෙදි ඔහුට විරුද්ධව හිටගත්තෙ ඔහු ගැන මට දේශපාලන විශ්වාසයක් නැති නිසයි.
  • ලංකාව මිනීමරුවන්ගේ දේශයක් බව අනුමත කරවගන්න.
  • දෙමළ ජනතාව ජනසංහාරයකට ලක්කල බව ජාත්‍යන්තරයට කියන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඇත්තටම අපේ පරම්පරාවේ බයියන්ට රනිල් සම්මුඛ වුන පළමු හා අවසාන අවස්ථාව පහුගිය අවුරුදු දෙක. ඒක ඉවරවුනේ ආර්ථිකය හරි පාරට ඇවිත් හැබැයි රනිල්ට බලය අරන් දුන්න පොහොට්ටුව දෙකඩ වෙලා.

ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන IMF සතුට පළ කරයි

 

ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් 100% ක්ම රනිල් සීයගෙ පැත්තෙ හිටපු මම චන්දෙදි ඔහුට විරුද්ධව හිටගත්තෙ ඔහු ගැන මට දේශපාලන විශ්වාසයක් නැති නිසයි.

හැබැයි අල්ජසීරාව රනිල් පිළිබඳ මගේ දේශපාලන මතකයන් ඔසවා පොළවේ ගැහුවා. මේ රනිල්ද නැත්නම් අපේ කදවුරේ, අපේ මතවාදයේ මිනිහෙක්ද කියල මාව කන්ෆියුස් වුනා. මහින්ද ගෝඨාට ගහන විදියටම ඒ අය රනිල්ට ගැහුවා. රනිල්ව බිත්තියටම හේත්තුකලේ ලංකාවෙ යුධ අපරාධ වුන විත්තිය ලෝකෙ ඉස්සරහා කියවාගන්න. ලංකාව මිනීමරුවන්ගේ දේශයක් බව අනුමත කරවගන්න. දෙමළ ජනතාව ජනසංහාරයකට ලක්කල බව ජාත්‍යන්තරයට කියන්න. LTTE බෙදුම්වාදය සාධාරණීකරනය කරගන්න.

 

රනිල් ඉදිරියේ දණ ගැසීමට රාජපක්ෂලාට ඇත්තේ තව කොච්චර දුරක්ද?- රටේ රාළ
රනිල් උත්තර දෙන්න තෝරාගෙන තිබ්බේ අමාරු පාර. රනිල්ට ලේසියෙන් සේරම කුණු මහින්ද පිටින් දාල, ගෝඨා යුධ අපරාධකරුවෙක් කියලා, හමුදාව මානව හිමිකම් කැඩුවා කියලා, ලංකාව දෙකේ කොලේට දාල, අර කොටි ඕඩියන්ස් එක ඉස්සරහ පොරක් වෙන්න තිබ්බා. මං අහල තිබ්බ රනිල් එහෙම කෙනෙක්. බටහිරට ආස දේවල් කියන කරන කෙනෙක්.

නමුත් මෙදාපාර රනිල් උත්තරදෙන්න තෝරාගත්තේ අපහසුම පාර. රනිල් ලංකාවෙ හමුදාව වෙනුවෙන් හිටියා. යුද්ධයට දේශපාලන නායකත්වය දුන්න අය වෙනුවෙන් හිටියා. සිංහලකම, බෞද්ධකම, ශ්‍රී ලාංකිකකම විහිළුවට ගන්න දුන්නෙ නෑ. ඒ හින්දා පරගැතියෝ සේරම ආයෙ ආයෙ කියනවා රනිල් සීයා ඉන්ටර්වීව් එක හා ගත්තා කියලා. සමහරුන්ට හරිම සතුටුයි රනිල්ට ඇනුනා කියලා ඇහෙනකොට. කොටින් අප්පුඩි ගහන තරමට රට බල්ලට ( හෝ රිලවට ) ගිහින් කියල දැනුයි තේරෙන්නෙ.

අර කවියක් තියනවා වරක් වැන්දොත් කැළණියේ කරපු පව් සේරම ගෙවෙනවා කියලා. කැළණියෙ දේශපාලනය කරපු රනිල් දැන් හිතනවා වෙන්න පුලුවන් හිටගන්න ඕනෑ සුද්දන්ගෙ පැත්තෙ නෙවේ එයාව දේශපාලනිකව ආරක්ෂා කරපු ශ්‍රී ලාංකික මිනිස්සුන්ගෙ පැත්තෙ කියලා. කලුසුද්දන්ට ආතල් දෙන එක දැන් නවත්තන්න ඕනෑ කියලා.

MEHDIRANIL

 

මේ රටේ ඇත්තටම රැකගන්න ඕනෑ සත්‍ය තියෙන්නෙ කොහෙද කියලා පහුගිය අවුරුදු දෙක ඉවරවෙද්දි රනිල්ට තේරෙන්න ඇති.

මම පෙරේදා ලියපු ආටිකල් එකේ තියනවා වගේ රනිල්ට සෙට් වෙලා ගැහුවෙම, බලය ලැබුනු මොහොතේ රනිල් නන්දිකඩාල ගිය කොල්ලන්ව යුධ අපරාධ අධිකරණයට නොගෙනාපු නිසයි. ඊට නායකත්වය දුන්න දේශපාලන අධිකාරියට පාඩමක් ඉගැන්නුවේ නැති නිසයි. මේ ලන්ඩන් කොටින්ගේ සල්ලි බලය, මාධ්‍ය හයිය හා දේශපාලන සබදතා හොදින්ම දැනගෙනත් රනිල් ලෝකෙ ඉස්සරහ බයියන්ගෙ මතවාදය පැත්තෙ හිටගත්තා. රනිල්ට අමාරු වැඩක්.

අපි කොටියා කියපු රනිල්ට කොටියා ගැහුවා.

milinda 2020(සටහන | මිලින්ද රාජපක්ෂ )
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
Milinda.Rajapaksha@gmail.com

(උපුටා ගැනීම - මිලින්ද රාජපක්ෂ ෆේස්බුක් පිටුවෙන්..)

සබැඳි ලිපි :

අල් ජසීරා කැපූ බොරු වලේ රනිල් වැටුණා ද නැද්ද?

තවමත් රනිල්.... | Mahesh Hapugoda

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය | අජිත් පැරකුම් ජයසිංහ

වෙල් ඩන් වික්‍රමසිංහ | එරන්ද ගිනිගේ  

රනිල් එක්වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වෙයි


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...