The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් මේ එන්නට හදන්නේ මොකාට ද? | නීතිඥ ශිරාල් ලක්තිලක

T

The Leader Desk

March 10, 2025 • 9:49 AM

රනිල් මේ එන්නට හදන්නේ මොකාට ද? | නීතිඥ ශිරාල් ලක්තිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ මතයට අනුව එම සංවාදය බොහෝවිට ආංශික හෝ අසම්පුර්න මතවාදයන් මත පදනම්ව ඉදිරියට යමින් තිබෙන බවද මගේ මතයයි.
  • එම සංවාදයේදී නිර්මාල් කිව්වේ මේඩි ඉදිරිපිට රනිල් උද්දච්ච වු බවය.
  • උවිදු කියන්නේ රනිල් චව් වු බවය.
  • ගුනෙ අයියාගේ කාමරේ කියන්නේ රනිල්ගේ අතීත ලිබරල්වාදය අතහැර දමා සිංහල ස්වෝත්තමවාදයට පල්ලම් බැස තිබෙන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

මගේ මතයට අනුව එම සංවාදය බොහෝවිට ආංශික හෝ අසම්පුර්න මතවාදයන් මත පදනම්ව ඉදිරියට යමින් තිබෙන බවද මගේ මතයයි.

එම සංවාදයේදී නිර්මාල් කිව්වේ මේඩි ඉදිරිපිට රනිල් උද්දච්ච වු බවය. උවිදු කියන්නේ රනිල් චව් වු බවය. ගුනෙ අයියාගේ කාමරේ කියන්නේ රනිල්ගේ අතීත ලිබරල්වාදය අතහැර දමා සිංහල ස්වෝත්තමවාදයට පල්ලම් බැස තිබෙන බවය. මේ සියළු කසකාරයන්ගේ ගෝසාවෙන් පදම්වු සමාජය මතට අවසාන තීරනය ලබාදෙන්නේ සභානායක බිමල් රත්නායක විසිනි. බිමල් සහෝදරයා කියන්නේ ලංකාවේ නම් දැරු ෆෙරාරි රියදුරකු වන රනිල් වික්‍රමසංහ ඇල්ජසීරාවේදී අනතුරකට පත්වී ඇති බවය.

 

කෙසේ නමුත් එතැන් පටන් රනිල් ලාංකික දේශපාලන කථිකාව දින කීපයකට හයිජැක් කරනු ලැබුයේය.

අනුරලාගේ අවසරයක් නැතිව සැමදාමත් සිහින දකින මාලිමාවුන් දැන් කියන්නේ අල්ජසීරාවේදී කියු බටලන්ද වාර්ථාව පදනම් කරගෙන රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතු බවය.

නමුත් ඇත්ත කතාව නම් ඇල්ජසීරාවෙන් කූඨප්‍රාප්තියට පත්වන්නේ රනිල් විසින් ඔමානයේ ඉන්දියානු සාගරය පිලිබදව පැවති සමුළුවෙන් අරඹා ඉන්පසුව ඉන්දියාවේ NXT සමුළුවේ කල කතාවේ අන්තර්ගතයට පදනමක් අල්ජසීරාවේදී මේඩි හසන් ලවා මතුකර ගැනීමක් බව මාගේ මතයයි.

 

 

ඕමානයේදී රනිල් කතා කලේ 2050 වන කල ඉන්දියානු සාගර කලාපය තුල සිදුවීමට නියමිත ආර්ථික ආශ්චර්ය ගැනය.

ඉන්දියාවේදී රනිල් කතා කලේ ඉන්දියානු සාගර කලාපය තුල 2050 වන විට ඉන්දියාව විසින් ලබාදිය යුතු පෙරගමන්කාර භුමිකාව සහ ඒ සදහා මෝධි අගමැති වරයා විසින් මේවන විට ලබා දෙමින් තිබෙන දේශපාලන නායකත්වය පිලිබදවය. එසේම NXT සමළුවේදී රනිල් ලංකාව ඉන්දියාවේ අනාගත සෞභාග්‍යට සම්බන්ද කරන්නේ චෙන්නායි කොරිඩෝව හරහාය.

 



ඉන්පසුව රනිල් අල්ජසීරාවේදී මේඩි හසන් හරහා ඔප්පු කරන්නේ තමන් තවදුරටත් ලිබරල් වාදියකු නොවන බවත් රිපබ්ලිකන් වාදියකු ලෙස වෙලදපල සහ ජාතිකවාදය එක්තැන් කිරීමට සැහැදී පැහැදී සිටින බවය.

රනිල්ට අනුව මෝධි අගමැති සමග ගමනක් යාමටත් ඒ සමගම ට්‍රම්ප් මේවන විට අරඹා ඇති ලිබරල් කදවුර ඛන්ඩනය කොට නව ආර්ථිකවාදී සුසමාදර්ශී වෙනසෙහි පහස ලැබීමටත් තමන්ගේ ලිබරල් හැව ගලවා දැමීම කාලෝචිතවී තිබේ.

මේඩි හසන්ට පින්සිදු වන්නට රනිල් කදිමට තම පැරනි දේශපාලන හැව හලාගත්තේය.

රනිල්ගේ දේශපාලනයට කොන්සවර්ටිව් මතය ආගන්තුක නොවුනාට ජාතිකවාදය ආගන්තුකවුයේය. රනිල් කලේ ඒ දෙක තමන් හරහා එකතු කර ගැනීමය. මේ වන විට රනිල් ද්‍රෝහියකු ලෙස හංවඩු ගැසු ජාතිකවාදීන්ට ඒ රනිල්ම වීරයකු වී තිබේ.

 

රනිල් වික්‍රමසිංහ සම්ප්‍රාප්තිය යථාර්ථයක් වේද? -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

රනිල් මෙලෙසට ගසන ලද ගලෙන් කුරුල්ලන් දෙදෙනකු භාගන්නට උත්සාහ දරන බවක් පෙනේ. ඉන් පලමුවැන්න දැනට ඒකාත්මිකවී ඇති අනුරවාදයට විකල්පවු දේශපාලන අදහස රනිල් හරහා ගොඩනගන්නය. අල්ජසීරාව හරහා රනිල්ට එරෙහිව කෙතරම් නෙගටිව් campaign එකක් දියත්වුවද රනිල් තමන්ගේ වීරයා ලෙස පිලිගන්නට සමාජයේ ඇතැම් කොටසක් මේ වනවිට තීරනය කොට තිබෙන බව පෙනේ. මාලිමාව කලබලවී සිටින්නේ එයටය.

ලංකාවේ සංවර්ධනය යම් දිනක සිදුවන්නේ නම් එය සිදුවන්නේ රටි තුල නොව පිටතින් එන ප්‍රවාහයක් ලෙසටය. ඒ සදහා ලංකාවට සිටින partner in progress වන්නේ ඉන්දියාවයි. රනිල් සිතන්නේ එලෙසටය. ඇතැම් විට එය යථාර්ථයද විය හැකිව තිබේ.

රනිල් ඕමානයේදීද ඉන්දියාවේදී ද ඉදිරිගාමීව කියන්නේ ඉන්දියානු සාගර කලාපයත් එය තුල ගැනෙන රටවල්ද එහි ප්‍රමුඛයා ලෙස ඉන්දියාවත් ඉන්දියාවට ගැටගැසුනු ලංකාවත් අනාගත ආර්ථික ප්‍රතිලාබ ගැනීමට උපයෝගී කරගත හැකි මාර්ග සිතියමක් ගැනය.

ලංකාවේ දේශපාලනය ද රටේ දේශපාලන විචාරකයන්ද සැබවින් කල යුත්තෙ අල්ජසීරාව පදනම් කොට ගෙන රනිල්ගේ ප්‍රජාඅයිතිය නැති කිරීමේ ඝෝෂාවකට කරදීම නොව රනිල් යෝජනා කරමින් සිටින මාර්ග සිතියම පිලිබදව කථිකාවක් ඇති කර ගැනීමය.

 

ඉන්දියාව සමග හැදෙන සංවර්ධනයේ සංහිඳියාව
රනිල් සීයා කෙනෙකු වුවද තවමත් රනිල්ට කිචොක් දමන තරුන බිමල් රත්නායක ලාට රනිල්ට පවතින ආර්ථික පරිකල්නයන්ට අලගු තබන්නට වත් නොහැකි බව රනිල්ගේ ඕමාන සහ ඉන්දියානු දේශන අලලා අප තේරුම් ගත යුතුව තිබේ. ඒ නිසා අප දකින්නේ රනිල් එක්කෝ මෝධි සමග එක්ව බලවත් ඉන්දියානු සාගර කලාප ආයනයක් පිහිටුවන්නට යන බවය. එසේම ලාංකික දේශපාලන කථිකාවේ ආධිපත්‍ය තමන් වෙත තබාගනිමින් ලාංකික සිංහල බෞද්ධ තාක්ෂනික මධ්‍යම පංතියේ ආකර්ෂනය තවදුරටත් තමන් වෙත තබා ගන්නටය.

රනිල්ට අනුව සැබෑ පෙරහැර පටන් ගනු ඇත්තේ ඉන් අනතුරුවය.

(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com

@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...


සබැඳි ලිපි :


දැන් රනිල් කොටියෙක් නෙමෙයිද? | මිලින්ද රාජපක්ෂ

අල් ජසීරා කැපූ බොරු වලේ රනිල් වැටුණා ද නැද්ද?

තවමත් රනිල්.... | Mahesh Hapugoda

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය | අජිත් පැරකුම් ජයසිංහ

වෙල් ඩන් වික්‍රමසිංහ | එරන්ද ගිනිගේ  

රනිල් එක්වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වෙයි


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...