The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිව් යෝක් නගරාධිපතිගේ අම්මා ඉන්දියානු සිනමාවේදි මීරා නයර්

T

The Leader Desk

November 9, 2025 • 6:20 AM

නිව් යෝක් නගරාධිපතිගේ අම්මා ඉන්දියානු සිනමාවේදි මීරා නයර්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ඔහු නිව්යෝර්ක් නගරයේ පළමු ඉන්දියානු-ඇමරිකානු, සහ පළමු මුස්ලිම් නගරාධිපති වීම ය.
  • තවත් දේශපාලනික කරුණු රැසක් තිබුණ ද අපට සමීපවන්නේ ඔහුගේ මවගේ සිනමා නිර්මාණ රැසක් ලාංකික රසිකයින් ද සමීපව වැලඳගෙන ඇති බැවිනි.
  • මීරා නායර් නම් සිනමාවෙදිනිය ගේ එක සිනමා නිර්මාණයක් හෝ ඔබ නරඹා ඇති කියලා හිතනවා.
  • විචාරකයන් - ඇය හදුන්වන්නේ 'දේශසීමා ඉක්මවා යන, ඉන්දියාවේ රිද්මයන් ලෝකයේ ස්පන්දනය සමඟ මිශ්‍ර කරන චිත්‍රපට නිෂ්පාදකවරියක්' ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ඔහු නිව්යෝර්ක් නගරයේ පළමු ඉන්දියානු-ඇමරිකානු, සහ පළමු මුස්ලිම් නගරාධිපති වීම ය. තවත් දේශපාලනික කරුණු රැසක් තිබුණ ද අපට සමීපවන්නේ ඔහුගේ මවගේ සිනමා නිර්මාණ රැසක් ලාංකික රසිකයින් ද සමීපව වැලඳගෙන ඇති බැවිනි. මීරා නායර් නම් සිනමාවෙදිනිය ගේ එක සිනමා නිර්මාණයක් හෝ ඔබ නරඹා ඇති කියලා හිතනවා.

ලෝකය, මීනා හඳුනා ගත් අයුරු

Mira Nair is a young Indian filmmaker whose two films recently were shown at the Museum of Fine Arts.  Torn between two worlds, like the hero of one of her films, Nair says, "It's a question of finding your country between your ears," Texas (Photo by Steve Campbell/Houston Chronicle via Getty Images)
අන්තර්ජාතික සිනමාවේ වඩාත්ම කැපිපෙනෙන සිනමාකරුවන් අතර මීරා නායර් සිටීනවා. විචාරකයන් - ඇය හදුන්වන්නේ 'දේශසීමා ඉක්මවා යන, ඉන්දියාවේ රිද්මයන් ලෝකයේ ස්පන්දනය සමඟ මිශ්‍ර කරන චිත්‍රපට නිෂ්පාදකවරියක්' ලෙසයි. 1957 දී ඉන්දියාවේ රූර්කෙලා හි උපත ලබා දිල්ලි විශ්වවිද්‍යාලයේ සහ හාවර්ඩ් හි අධ්‍යාපනය ලැබූ නායර්, පෞද්ගලිකත්වය ඇගේ දේශපාලනික දැක්ම, සාම්ප්‍රදායික සහ නූතනත්වය සමග සම්මිශ්‍රණයෙන් දේශීයත්වය ලෝකය සමග සම්බන්ධ කරන කථාකාරියක් ලෙසයි සැලකෙන්නේ .

නායර් ඇගේ ගමන ආරම්භ කළේ ඉන්දියාවේ සමාජ යථාර්ථ කෙරෙහි අවධානය යොමු කළ වාර්තා චිත්‍රපට ලෝකයෙන්. නමුත් සිනමා ලෝකයට ඇයගේ සම්ප්‍රාප්තිය සනිටුහන් වන්නේ 1988 දී තිරගත වූ ඇගේ චිත්‍රපටය වන ‘සලාම් බොම්බේ ‘හරහා. මුම්බායි හි වීදි දරුවන්ගේ ජීවිත අහුමුලු දෙස යථාර්ථවාදී සහ ප්‍රබල ආක්‍යානයකින් දිගහැරෙන මෙම සිනමා නිර්මාණය කෑන්ස් හි කැමරා ඩි'ඕර් සම්මානය දිනා ගැනීමත් ඇකඩමි සම්මානයකට නම් කිරීමත් තුළින් ඇය ජාත්‍යන්තරය ජයගන්නවා. ප්‍රබල සිනමාත්මක කියවීමක් මානව ජිවන අරගලය දෙස බැලීමට හැකි සිනමා වේදිනියක් ලෙසයි තවදුරටත් ලෝකය ඇය හඳුනා ගන්නේ.

හරස් සංස්කෘතික අත්දැකීම් සහ මානව ඔරොත්තු දීමේ හැකියාව

monssonMonsoon Wedding (2001)
ඇගේ ඊළඟ චිත්‍රපටය වන 'මිසිසිපි මසාලා (1991).'' වේගයෙන් වෙනස් වන ලෝකයක සිය අනන්‍යතා සහ අනුගතවීම් ගවේෂණය කිරීමේ තවත් පියවරක් ලෙසයි මෙය සැලකෙන්නේ. ඩෙන්සල් වොෂින්ටන් රඟපෑ මිසිසිපි මසාලා චිත්‍රපටය ඇමරිකානු දකුණු ඉන්දියානු කාන්තාවක් සහ අප්‍රිකානු-ඇමරිකානු පිරිමියකු අතර ගොඩ නැගෙන ආදරය සහ ඔවුන් මුහුණ දෙන වාර්ගික බලපෑම් මීට පාදක වී තිබුණි. විශේෂයෙන්ම  සංක්‍රමණිකයින් මුහුන දෙන ගැටලු. මෙහි අන්තර්ගතයි.

Monsoon Wedding (2001) තිරගතවූ අතර වැනීස් චිත්‍රපට උළෙලේ දී රන් සිංහයා සම්මානය ද දිනා ගත්තා. එමගින් , ඉන්දියානු කතා ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමේ ඇගේ ප්‍රවීණත්වය සනාත කල බවයි විචාරකයින් සඳහන් කරන්නේ. ජුම්පා ලහිරිගේ නවකතාව පාදක කරගත් The Namesake (2006) සහ උගන්ඩාවේ පසුබිම් වූ Queen of Katwe (2016) සහ කාමසුත්‍ර යනාදි පසුකාලීන කෘති, හරස් සංස්කෘතික අත්දැකීම් සහ මානව ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි ඇයගේ ගැඹුරු උනන්දුව පිළිබිඹු කළේය.

අපි අපේ ම කතා නොකියන්නේ නම්...

nair

චිත්‍රපට නිර්මාණයෙන් ඔබ්බට, මීරා නායර් නවකයින්ට සිය දක්ෂතා පෝෂණය කිරීම සඳහා කැපවී සිටියා ය. උගන්ඩාවේ ඇගේ Maisha චිත්‍රපට රසායනාගාරය හරහා, ඇය නැගී එන අප්‍රිකානු සහ දකුණු ආසියානු චිත්‍රපට නිෂ්පාදකයින් පුහුණු කර ඇති අතර, "අපි අපේම කතා නොකියන්නේ නම්, වෙන කිසිවෙකු නොකියනු ඇත" යනුවෙන් ප්‍රකාශ කරනවා. 2012 දී ඉන්දියාවේ පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ නායර්, ඉන්දියාව සහ ඩයස්පෝරා ලෝක අතර පාලමක් වී ඇත.

මිරා උපතින් හින්දු භක්තිකාවක වන අතර ඇයගෙ ස්වාමිපුරුෂයා මහාචාර්ය Mahmood Mamdan මුස්ලිම් භක්තිකයෙකි.

TMG Chandrasekara(සටහන - ටී.එම්.ජී. චන්ද්‍රසේකර)
tmgslrc@gmail.com

(Media Activist, Communication Specialist, Media Trainer, Guest Lecturer)

Former Director News , Director Training and Research at Sri Lanka Rupavahini Corporation

Former Specialist / strategic Communications at Information and Communication Technology Agency of Sri Lanka (ICTA)

Former Media consultant at Sri Lanka CERT

උපුටා ගැනීම - Tmg Chandrasekara ෆේස්බුක් පිටුවෙන්..

සබැඳි ලිපි :

Zohran Mamdani යනු ට්‍රම්ප් ගේ අවසානයේ ආරම්භය ද? - පාඨලි චම්පික රණවක (වීඩියෝ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...