මහබැංකු බැඳුම්කර හොරු යැයි එජාපයට චෝදනා කළද ආපස්සට යන බැඳම්කර වෙන්දේසි සම්බන්ධයෙන් වූ පරීක්ෂණවලට රාජපක්ෂවරුන් බියවී ඇතිබව

'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.

 බය නැත්නම් මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂදැන් කළ යුත්තේ වෝහාරික විගණන වාර්තා (Forensic Audit Report) එළි දක්වා එජාපයට තවදුරටත් චෝදනා කරන්න මග පාදා ගැනීම බවත් රාජපක්ෂවරන් එසේ නොකරන්නේ ඔවුන්ගේ කිල්ලෝටවලද කුණු තිබෙන නිසා වෙන් බවත් එම පුවත්පත් වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

මහබැංකු බැඳුම්කර වෙන්දේසි සම්බන්ධයෙන් වූ වෝහාරික විගණන වාර්තා ප්‍රසිද්ධියට පත්කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර, වත්මන් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂට අභියෝග කර තිබේ.

මහබැංකු බැඳුම්කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තා යනු ආන්දෝලනයට තුඩු දුන් 2015 වර්ෂයේ බැඳුම්කර වෙන්දේසිවලට පමණක් සීමාවූවක් නොවේ.එය 2002 වර්ෂය දක්වා ඈතට දිවෙන සවිත්තරාත්මක විගණන වාර්තාවකි.

text 29 5මහබැංකු බැඳුම්කර වෙන්දේසි පිළිබඳ වෝහාරික විගණනයක් අවශ්‍ය බව මුලින්ම කියවුණේ එම බැඳුම්කර වෙන්දේසි පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ ජනාධිපති කොමිසමේදීය.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම්කර වෙන්දේසිවලට අදාළව වෝහාරික විගණනයක් ආරම්භ කරනු ලැබූ අතර එම වෝහාරික විගණන වාර්තාව මහබැංකු අධිපතිවරයා විසින් නීතිපතිවරයාට යොමු කරනු ලැබීය. නීතිපතිවරයා විසින් එහි පිටපත් මුදල් ඇමතිවරයාට හා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට යොමු කරනු ලැබීය.

කෝප් කමිටුව එම වාර්තාව සාකච්ඡා කරන්නට සිටි දිනයේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසාන කළ අතර ඒ සමගම කෝප් කමිටුවද අහෝසි විය.

එම වාර්තා සලකා බැලිය හැක්කේ නව පාර්ලිමේන්තු සැසියේදී අලුතෙන් පවත්වන කෝප් කමිටුවටය.

එහෙත් මුදල් ඇමතිවරයාට ඔහුට ලැබී ඇති වෝහාරික විගණන වාර්තා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් කිසිඳු බාදාවක් නැතැයි හිටපු මුදල් ඇමති මංගල සමරවීර මන්ත්‍රීවරයා මෙන්ම කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙති මන්ත්‍රීවරයා ද පවසති.

 

රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් !

කෙසේවුවද මෙම වෝහාරික විගණන වාර්තා හරහා අනාවරණය වී ඇති කරුණු දේශපාලනික හා ආර්ථික වශයෙන් අතිශයින් බරපතල වීම හේතුවෙන් එම වාර්තා ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය මේවනවිට නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට තීරණය කර තිබේ.

එම වාර්තාවලින් අනාවරණයවී ඇති බරපතල අපරාධයන්ට සම්බන්ධ කිහිපදෙනෙකු වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේද ඉහල තනතුරුවලට පත්කර ඇති අතර මෙරට ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් ද මෙම අයථා ගනුදෙනුවලට සම්බන්ධ වී ඇතැයි පැවසේ.

භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල (EPF) මගින් සිදු කරන ලද ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවලදී, ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් 19ක් සමග සිදුකර ඇති ගනුදෙනු හරහා රුපියල් බිලියන ගණනක පාඩුවක් රජයට සිදුව ඇතැයි ද මහ බැංකුව විසින් සිදුකළ වෝහාරික විගණන වාර්තා මගින් අනාවරණය වී ඇතැයි වාර්තාවේ.

 

සබැඳි පුවත්:

'බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දාන්න නීතිමය බාධාවක් නැහැ' -සුනිල් හඳුන්නෙත්ති

බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දානවද? නැද්ද? : අගමැති, නීතිපතිට බෝලය 'පාස්' කරයි!

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

 

subscribeYT

නවතම පුවත්