BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

පවුලට අධ්‍යක්ෂකම් දුන්නේ විද්වත් කමිටුවෙන්ද? - මෛත්‍රී අසයි : නාලකගේ පිළිතුර මෙන්න

T

The Leader Desk

January 15, 2020 • 3:30 AM

පවුලට අධ්‍යක්ෂකම් දුන්නේ විද්වත් කමිටුවෙන්ද? - මෛත්‍රී අසයි : නාලකගේ පිළිතුර මෙන්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යංශවලින් සියයට 70ක් පවුලේ සාමාජිකයින් අතර බෙදාගත් රාජපක්ෂවරුන්, සිය පවුලේ සාමාජිකයින් රජයේ ආයතන ප්‍රධානීන් ලෙස පත්කළේ 'විද්වත් කමිටුවේ' නිර්දේශමත දැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විමසා සිටියි.
  •  අමාත්‍යාංශවලින් 70%  ක් තමන්ගේ පවුල යටතේ තියාගෙනත් වැඩ කරන්න බැ කියල කියනවා.
  •  ආණ්ඩුවේ ඇමතිවරු නිරන්තරයෙන් කියන දෙයක් තමයි 2/3ක් නැතුව මොකුත් කරන්න බැ  කියන එක.
  • පාලකයා දැනගන්න ඕනේ තමන්ට තියෙන බලයෙන් වැඩ කරන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු එබව කියා සිටියේ,  ''2/3 නොදෙමු  ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු ! - පවුල් පාලනයට තිත තියමු !! යන තේමාව යටතේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අත්පත්‍රික බෙදා දීමකට සහභාගී වෙමිනි.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මෛත්‍රී ගුණරත්න මෙසේද කියා සිටියේය.

''මේ ආණ්ඩුව පැහැදිලිවම කියපු දෙයක් තිබුනා රජයේ තනතුරුවලට දුෂකයන්, දේශපාලකයන් පත්කරන්නේ නැ කියල. නමුත් මේ වෙද්දී ආණ්ඩුව ඊට පටහැනිව පත් කිරීම් කරගෙන යනවා. රජයේ තනතුරුවලට පවුලේ ඥාතින් පත් කරන්නේ නැ කියල ජනාධිපතිතුමා කියල තිබුනා. නමුත් අද වෙනකොට ඒ පොරොන්දුවත් කඩ කරලා.

Mahinda Family membersරජයේ ඉහල නිලධාරින් පත්කරන්න කියල කමිටුවක් ජනාධිපතිතුමා පත්කෙරුව. අපි අහනවා මේ පත් කරපු සියලු පත්කිරීම් කෙරුවේ ඒ කමිටුවෙන්ද කියල.  අමාත්‍යාංශවලින් 70%  ක් තමන්ගේ පවුල යටතේ තියාගෙනත් වැඩ කරන්න බැ කියල කියනවා. ජනාධිපති අගමැති තවත් ඇමතිවරයෙක් එකම පවුලක ඉන්නවා එහෙම ඉදලත් වැඩකරන්න තවත් බලය ඉල්ලනවා.

 අපිට හිතාගන්න බැ ඉල්ලන්නේ මොන තරම් බලයක්ද කියල ? යනුවෙන්ද පැවසු ගුණරත්න මහතා වැඩිදුරටත් මෙසේද සදහන් කළේය.

WhatsApp Image 2020 01 15 at 7.54.37 AM
''දිනපතාම ජනතාවට විහිළු සපයන ආණ්ඩුවක්'' 

''වර්තමාන ආණ්ඩුව ජනතාව මත විශාල පීඩනයක්  එල්ල කරමින් ඉන්නවා ඒ වගේම ජනතාවට ලබා දෙන  සහන දවසින දවස කප්පාදු කරමින් ඉන්නවා. ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසාගන්න ජනතාවට විනෝදය සපයමින් ඉන්නවා.

මේ ආණ්ඩුව ලොකු ලොකු වැඩ ගොඩක් කරනවා කියල ආවත් දැන් කරමින් ඉන්නේ ජනතාවට විහිළු සපයමින් සිටීම පමණයි.

 ආණ්ඩුවේ ඇමතිවරු නිරන්තරයෙන් කියන දෙයක් තමයි 2/3ක් නැතුව මොකුත් කරන්න බැ  කියන එක. කවදාහරි මේ අයට තුනෙන් දෙකක් ලැබෙන කන් ජනතාව කට අරගෙන් ඉන්න ඕනේ කියලයි මේ ඇමතිවරු කියන්නේ. පාලකයා දැනගන්න ඕනේ තමන්ට තියෙන බලයෙන් වැඩ කරන්න.

 මේ ආණ්ඩුව මහජනතාව තුල මානසිකතවයක හදමින් ඉන්නවා 2/3 නැතුව රටේ වැඩක් කරන්න බැ කියල ඇත්තම කතාව මෙයාලගේ බලාපොරොත්තුව 2/3 ක් අරගෙන තමන්ට ඕනේ ඕනේ විදියට රට දක්කාගෙන යාම. ඩලස් අලප්පෙරුම ඇමතිවරයාට අනුව ජනතාවට සහන දෙන්න තුනෙන් දෙකක් ඕනේ.

 මිට කලින් තිබුණු බොහොමයක් ආණ්ඩු ජනතාවට සහන දුන්නේ 2/3 තියාගෙන නොවෙයි, ඩලස් කතා කරන්නේ මැරිලා ඉපදුන වගෙයි....

WhatsApp Image 2020 01 15 at 8.09.23 AM
''මේ ආණ්ඩුවට රට පිළිබඳව දර්ශනයක් දැක්මක් නැ''

මේ ආණ්ඩුව බලයට එන්න කලින් ජතාවට කිව්වේ වෙන කතාවක් දැන් කියන්නේ සහ කරන්නේ තව කතාවක්. මේ ආණ්ඩු මහා බැංකු වංචාව ගැන අද වචනයක් කතා  කරන්නේ නැ. පාස්කු ප්‍රහාරයට සම්බන්ද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ගැන කතා කරන්නේ නැ.

 රජයේ ඉඩම් විකුනන්නේ නැ කියල ජනතාවට පොරොන්දු උනත් ඇවිත් සතියෙන් දෙකෙන් රටේ අගනුවර ඉඩම් අයෙත් චීන සමාගම්වලට බදු දෙන්න පටන් අරගෙන. text 15


ආණ්ඩුව ඒවා වහගන්න ජනතාවට හඬපටි දවසින් දවස එලියට දානවා වගේ විහිළු සපයමින් ඉන්නවා. අපි පැහැදිලිව කියනවා මේ ආණ්ඩුවට රට පිළිබඳව දර්ශනයක් දැක්මක් නැ. පහුගිය ආණ්ඩුවේ විවිද වැරදි තිබුනා අපි ඒවා පිළිගන්න ඕනේ. ඒවයේ ප්‍රතිපල තමයි පහුගිය පරාජයෙන් පෙන්නුම් කෙරුවේ. නමුත් මේ ආණ්ඩුවත් ඒ ආණ්ඩුවේ බොහො දේවල් ඉදිරියට ගෙන යමින් ඉන්න බවකුත් අපිට පෙන්න තියෙනවා.''


අපි නිර්දේශ නොකළ අයටත් පත්වීම් දීලා - නාලක ගොඩහේවා 

c9eaa822afc2d43013685084c2ac0bd5 L                                                     ''කමිටුවේ නිර්දේශම නොවෙන පත්වීමුත් සිද්ධ වෙලා තිබුණා'' - නාලක ගොඩහේවා 

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් රජයේ ආයතන ප්‍රධානීන් ලෙස පත්කළේ 'විද්වත් කමිටුවේ' නිර්දේශමත දැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයින් නගන චොදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා පැවසුයේ, රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම සඳහා නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ විද්වත් කමිටුව විසින් නිර්දේශ නොකළ ඇතැම් පුද්ගලයින්ට ද බලධාරීන් විසින් පත්වීම් ලබාදී ඇති බවයි. 

එහෙත් සමස්තයක් ලෙස 90% - 95%ක් පත්වීම් සම්බන්ධයෙන් සතුටුවිය හැකි බව 'විද්වත් කමිටුවේ' සාමාජිකයකු වූ ඔහු එහිදී සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නාලක ගොඩහේවා මෙසේද පැවසිය.
 
"අතිගරු ජනාධිපතිතුමා බලයට පත්වුණාට පස්සේ පත් කළා විද්වත් කමිටුවක් මේ පත්කිරීම් සම්බන්ධ යම් යම් නිර්දේශ ඉදිරිපත් කිරීමට. මේ කමිටුව පත්වීම් බලධාරියා නොවෙයි. ඔවුන්ගේ වගකීම වුණේ  යම් තනතුරක් සඳහා යම් යෝජනාවක් ලැබුණා නම්, නමක් ලැබුණා නම් ඒ අයගේ සුදුසුකම් තිබෙනවාද කියලා බලලා ඒ පිළිබඳ නිර්දේශයක් ඉදිරිපත් කිරීම. 

සමහර අවස්ථාවල කමිටුවේ නිර්දේශම නොවෙන පත්වීමුත් සිද්ධ වෙලා තිබුණා. 
රජය හොඳ ආරම්භයක් අරන් තියෙනවා. මේක හොඳ 100%ක් නිවැරදිව පළවෙනි අවස්ථාවේ සිදු නොවුණා වෙන්න පුළුවන්. යම් යම් අඩුපාඩු තිබුණා වෙන්නට පුළුවන්. හැබැයි අපි දුටුවා තව පැත්තකින් ජනතාව විටින් විට යම් යම් තනතුරු ගැන සංවේදී වෙච්චි වෙලාවට ඒ පත්කිරීම් බලධාරියොත් ඒවා ගැන සංවේදී වෙලා ඒවා වෙනස් කරන ආකාරය. ඒකට අපි සෘජුව සම්බන්ධ නොවුණත් අපි ඊට පරිබාහිරව ඉඳගෙන ඒ ගැන සතුටු වෙනවා. ''
 

 


සබැඳි පුවත් :
මහින්දගේ ඥාතීන් දෙදෙනාට පත්වීම් දුන්න සුදුසුකම් මෙන්න!
''සභාපතිවරු පත්කිරීමේදී අඩුපාඩු තියෙන්න පුළුවන් '' -නාලක ගොඩහේවා කියයි 
ඇමතිවරුන්ට ආයතන බෙදයි : රාජපක්ෂ පවුලට 156 ක් ! 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පවුලට අධ්‍යක්ෂකම් දුන්නේ විද්වත් කමිටුවෙන්ද? - මෛත්‍රී අසයි : නාලකගේ පිළිතුර මෙන්න | The Leader