leader s

යාපනය, චෙම්මනි කැණීම්වලදී ඊයේ (30) වනවිට මිනිස් සිරුරු 33කට අයත් කොටස් හඳුනාගෙන ඇතැයි කැණීම්වල නිරත නිලධාරීහු පවසති.


යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ තෙවන අදියර කැණීම් මේ දිනවල සිදුවේ.

චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයේ ජුනි 7 වැනිදා දක්වා සිදුකළ පළමු අදියරේ කැණීම්වලදී හමුව තිබුණේ මිනිස් සිරුරු 19කට අයත් අස්ථි කොටස්ය.

කැණීම් කටයුතුවල තෙවන අදියර ආරම්භ වූයේ පසුගිය 26 වැනිදාය.

කුඩා ළමයින් හා කාන්තාවන් ඇතුළු පිරිසකගේ සිරුරු කොටස් මේ අතර වේ.

පුරාවිද්‍යා විශේෂඥයින් හා අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥයින්ගේ වාර්තා අනුව අදාළ අස්ථි කොටස් කුමන කාලයකට අයත් ද යන්න ගැන පළමුව සොයාබැලෙන බවත් පසෙහි සාම්පල පරීක්ෂාවට ලක්කරමින් ඇති බවත් කැණීම්හි නිරත නිලධාරීහු පැවසූහ.

මෙම ස්ථානයෙන් පළමු වරට මිනිස් අස්ථි හමුව තිබුණේ 2025 පෙබරවාරි මස 20 වැනිදා එහි වූ සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තක සේවයේ නිරත වූ පිරිසකටය.

ඉන්පසු මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් උතුරේ ජනයාගේ අවධානය යොමුවූ අතර හින්දු ආගමික චාරිත්‍ර අනුව කෙරෙන ආදාහනයේදී සිරුරු කොටස් මෙසේ ඉතුරු නොවන බැවින් මෙය දැඩිව විමර්ශනයට ලක් කළ යුතු යැයි උතුරු-නැගෙනහිර අතුරුදන්වූවන්ගේ සංගමය පවසයි.

(සටහන | ශබීර් මොහොමඩ්)

මෙම පුවතට අදාල තවත් විස්තර :

චෙම්මනි සමූහ මිනීවලෙන් අලුතින් මතු වුනේ පාසල් බෑග් එකක්ද?

චෙම්මනි ගැන රජයේ තීන්දුව: එජා මහකොමසාරිස් නිරීක්ෂණය ‘ගේට්ටුවෙන් එළියේ සිට’

තවත් ළමා ඇටසැකිල්ලක් චෙම්මනි සමූහ සුසානයෙන් සොයාගනී

චෙම්මනි සමූහ මිනීවලට ජාත්‍යන්තර මැදිහත්වීමක අවශ්‍යතාව UN පිළිගනී

චෙම්මනි සිද්ධුපත්ති සමූහ සුසානයේ විමර්ශන විද්‍යාත්මකව සිදුකිරීමට ආණ්ඩුව සහාය දිය යුත්තේ ඇයි?

දිවයිනේ දැවැන්තම සමූහ මිනීවල වසාදැමීම මහාධිකරණය විසින් අත්හිටුවයි

ලොකුම සමූහ මිනීවලෙන් ගොඩගත් ඇටකටු පෙට්ටි 80ක් වැඩිදුර විශ්ලේෂණයට

ලංකාවේ හමුවූ විශාලතම සමූහ මිනීවලේ විමර්ශන වාර්තාවේ මූලික කටයුතු ඇරඹේ

ලංකාවේ ලොකුම සමූහ මිනීවල ගැන උසාවිය විමර්ශන වාර්තාවක් ඉල්ලයි

අලුත්ම සමූහ මිනීවලේ කැනීම් සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil