මේ පෝස්ට් එකේ තියෙන කතාව මං කියපු එකක් නෙමෙයි. ඒත් මේ වගේ පෝස්ට් හදනවට මගේ කිසිම විරුද්දත්වයකුත් නෑ.

Image may contain: 1 person, text that says 'රංජන්ගේ ලිබරල් ලිංගික ජීවිතය ගතානුගතික සිංහල බෞද්ධ හෙජමොනියට දරාගන්න බෑ'

මං ගැන හිතලා මං කියන කතා ගැන හිතලා ඒවට පැරඩි හදන එක ස්තුති කළ යුතු වැඩක්. මං කිව්ව පමණින් දෙයක් විශ්වාස කරන කිසි කෙනෙක් ඉන්නවා කියල මං විශ්වාස කරන්නෙ නෑ. කියන දෙයක් තමන්ගේ අවබෝදය සහ අත්දැකීම් අනුව තර්ක කරලා බාරගන්න පිරිසක් මිස මං කිව්ව කියල දෙයක් විශ්වාස කරන අය මං ලියන ඒවා කියවන්න නරකයි. මොකද භක්තියෙන් ඇදහිය යුතු කිසි දෙයක් මට කියන්න නැති හින්ද. එතකොට මේ වගේ පැරඩි විසින් ඒ ප්‍රශ්නය මතුකරනවා. මං සහ මං ලියන දේවල් කියවන්න අතර තියෙන අදහස් හුවමාරුවෙ ගුනාත්මක තත්වය පරීක්ෂා කරනවා.

ඒ වගේම ඒ වගේ පැරඩි මාවත් පරීක්ෂාවට ලක්කරනවා. උදා විදිහට මං හිතන්න ගන්නවා මේ කියන අදහසට සමාන්තරව. රංජන්ගේ හඩපටි හරහා අනුන්ව කියවමින් හිටපු මට නැවත හැරිලා මං දිහා බලන්න යෝජනාවක් කරනවා. මිනිහෙකුට එහෙම කරන එක පිනක්.

මං රංජන්ගේ හඩපටි හැම එකක්ම ඉතා ආසාවෙන් ඇහුවා. ඒ හඩපටි ඒ විදිහට නිකුත්වීම ගැන මං අතිශය සතුටුයි. සමාජයට ඩිස්රප්ෂන් එකක් ඇති කරන ඕනම දෙයක් මං බාරගන්නෙ කැමැත්තෙන්. මේ වගේ දේශපාලන සමාජ සංස්කෘතික තලයේ දැවැන්ත ඩිස්රප්ෂන් එකක් මං ජීවිත කාලෙටම දැකලා නෑ.

Text 11 5මේක හුදෙක් දේශපාලන ඞීල් ගැන හෙලිදරව් වීමක් සහ ඒ මගින් දුමින්ද එලියට දැමීම හෝ එජාපය හාන්සි කර දැමීම පමනක් වෙනවා කියල කවුරු හරි හිතනවා නම් ඒක තව ඇස් ඇරලා බලන්න ඕන තත්වයක්. ඕවා ඉතාම කුඩා සිද්දි. මේ හරහා සමාජ සංස්කෘතික ආයතන චරිත පුද්ගලයො තොගයක් දැවැන්ත කම්පනයකට ලක්වෙනවා. ඒකෙ පක්ෂ පාට බේදයක් නෑ. ඒ ඕපාදුප අතරෙ අපි ඕන කෙනෙක් ඉන්න පුළුවන්. අපි ඕන කෙනෙක් ගැන තව කාට හරි තියෙන පර්ස්පෙක්ටිව් එකක් ඇහෙන්න පුළුවන්. ලිංගික රස කතා මැවෙන්න පුළුවන්.

මට ඇත්තටම දේශපාලන කතා ටික බෝරිං. ඒවා හුදු පන්දු කෙලීමකට එහා පල ප්‍රයෝජනයක් දෙන්නෙ නෑ. ඒත් පුද්ගලික කතා ටික මාරයි. ඒවායින් කලබල වෙලා බුදු මැදුරු පෙන්න පෙන්න ඇවිදින චරිත මාරයි. වෙන කොහේවත් තියෙන ෆෝන් එකකින් ලීක් වුන ක්ලිප් එකක් තව කොහේවත් ලෝකෙක ඉන්න මනුස්සයෙකුගෙ ජීවිතේ එහෙම් පිටින්ම ටෝර්නාඩෝවක් කරන හැටි මාරයි. 

සමාජයේ සිවිල් චරිතයක් ගොඩනගාගෙන ඉන්න කිසි කෙනෙක් තමන් ආරක්ෂිතදැයි නොදන්නා මේ මොහොතට මං කැමතියි. ප්‍රියාන් වගේ චරිත හරහා එක පාර මතුවෙන බුදුන් සහ සෙක්ස් වගේ එකපාර අමුනගන්න බැරි ගැටවලට මං කැමතියි. ඔක්කොමටමත් වඩා මේ හරහා එලියට එන ශෘංගාර නිර්මාණවලියට මං හොඳටම කැමතියි. හතේ පොතේ තහනමට ඉවුරෙ වතුර බොර කර කර හිටපු හැමෝටම කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් ගොඩගලපු එක අසිරිමත්.

මේ කිසි සංවාදයක ඇහුවම ප්‍රබන්ධාර්තයෙන් ගන්න ත්‍රීල ඇරුනම මට වෙන කිසි අදාලත්වයක් නෑ. ඒවා ප්‍රවෘත්ති හෝ ඇත්ත හෝ විදිහට මං බාරගන්නෙ නෑ. එකක් අනුන්ගේ පුද්ගලික සංවාදයක් අනවසරයෙන් අසා සිටීමේ කැතකම මං ඒ විදිහට මගඅරිනවා. මං ඒක ගන්නෙ ඒ අයගෙ පුද්ගලික ජීවිතෙන් ගලවලා. පාරක හෝ තැනකදි දැක්කම අන්න අරයා කියල හොරෙන් කියන ගොඬේකම මං අභ්‍යාස කරමින් බැහැර කරනවා.

කොහොමත් ඕනම සංවාදයක් අදාල සංදර්භයෙන් ගැලෙව්වම අපිට අහන්න වෙන්නෙ ප්‍රබන්ධයක්. අපි ඒ පුද්ගලයන් අතර පවතින සම්බන්දයේ ස්වරූපය සහ සංවාදය ගැන තනිකරම කරන්නෙ අපේ ෆැන්ටසිමය ගොඩනගා ගැනීමක්. ඒක හරියට ෆිල්ම් එකක මැද්දෙන් යන දෙබසක් කොහේදි හරි ඇහුනා වගේ. ඒකෙන් අපිට කතාව ගැන කියවෙනවට වඩා අපේ ගැන කියවෙන කොටස වැඩියි.

ඒ සංදර්භයෙන් ගලවා හිස් අවකාශයට මුදාහැරපු සංවාද අපිට පුළුවන් නිර්මාණ විදිහට රස විඳින්න. ඒ සංවාද ඇතුලෙ මං දකින රංජන්ගෙ සෙක්ස් ලිබරල්ද? මේ පෝස්ට් එකෙන් අහන ප්‍රශ්නයක් ඒක. නෑ මේ පිටපතේ රංජන්ගෙ සෙක්ස් මං දකින්නෙ හිංසනයක් විදිහට. රංජන් ගෑනු එක්ක නිදාගැනීම හෝ මුදලට ගෑනු ඇසුරු කිරීම හෝ මට කොහෙත්ම ප්‍රශ්න නෙමෙයි.

 කෝල් කරලා මොකක් හරි පර්වර්ට් ආතල් එකකට අනිත් අයගේ සෙක්ස් ලයිෆ් ගැන මතුකරන උනන්දුව පවා අවුලක් නෑ. ඒත් ඒවා රෙකෝර්ඞ් කරගනිමින් කොයි වෙලාවක හරි අනිත් කෙනාව අපහසුතාවයට පත් කරන අන්දමින් මුදාහැරීමට තිබුන බලාපොරොත්තුව හිංසාකාරීයි.

ලිබරල් මිනිහෙක් තව මිනිහෙක්ව බලෙන් නිරුවත් කරලා සතුටුවෙන්නෙ නෑ. ලිබරල් මිනිස්සු සතුටු වෙන්නෙ කැමැත්තෙන් නිරුවත්වීම්වලින් විතරයි. කොහොමත් රංජන් කියන්නෙ ලිබරල්වාදියෙක් නෙමෙයි ජනතාවාදියෙක්. එයා කරමින් ඉන්නෙ බහුතරයක් මිනිස්සු ආස දේ. බහුතරය ආස දේ කවදාවත් ලිබරල් නෙමෙයි.''

(චින්තන ධර්මදාසගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

සබැඳි පුවත් :

රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'අප්ෂට් එක හිට් කර' ආණ්ඩුව ගත්තු තීන්දු මෙන්න !

රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''

රන්ජන් රෙකෝඩ්ස් : හඬපට සැන්ඩි කිරීමට මංගල මෙහෙයුමක් !- ඇමති බිරින්දෑවරුන් ගණනාවක හඬපටත් එලියට!!

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද? 

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව  !

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)

රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්