The Leader News
BREAKING
Top Ad
Opinion

ඉතිහාසය අනිවාර්ය විෂයක තත්වයෙන් වෙනස් කිරීමේ දේශපාලනය | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

July 18, 2025 • 6:52 AM

ඉතිහාසය අනිවාර්ය විෂයක තත්වයෙන් වෙනස් කිරීමේ දේශපාලනය | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව යොවුන් වියේ සියලු සිසුන් දැනගත යුතු ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ඇතුළු වැදගත් සෞඛ්‍ය කරුණු ගැන දැනගන්නෙ සාමාන්‍ය පෙළට සෞඛ්‍යය විෂය තෝරාගන්නා සිසුන් විතරයි.
  • ඔවුන් සමග සම්මුතියකට ගියා නම්, ශ්‍රී ලංකා - ඊලාම් සහසන්ධීය රාජ්‍යයක් වැනි තත්වයකින් ලංකා දූපතේ රාජ්‍ය ව්‍යූහය ප්‍රගතිශීලී ලෙස ප්‍රතිව්‍යූහගත වෙන්නට තිබුණා.
  • ඊට පස්සෙ රාජ්‍යයේ සිංහල-බෞද්ධ ආධිපත්‍යය අනභිභවනීය ලෙස තහවුරු වුණා.
  • ප්‍රතිඵලය තමයි 2022දී රට බංකොලොත් වීම.
අකුරු ප්‍රමාණය (Font Size):

නව යොවුන් වියේ සියලු සිසුන් දැනගත යුතු ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ඇතුළු වැදගත් සෞඛ්‍ය කරුණු ගැන දැනගන්නෙ සාමාන්‍ය පෙළට සෞඛ්‍යය විෂය තෝරාගන්නා සිසුන් විතරයි.

සාමාන්‍ය පෙළ සියලු සිසුන්ට ඉතිහාසය අනිවාර්ය කිරීම කියන්නෙ රාජ්‍යයේ සිංහල-බෞද්ධ ආධිපත්‍යවාදය තහවුරු කිරීමේ ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යාපෘතියේ අනිවාර්ය කොටසක්. ඒ අනිවාර්යතාව අයින් කරනවා කියන්නෙ රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍ය්‍යට විරුද්ධ බලවේගවල ජයග්‍රහණයක්. මගෙන් අහන්න එපා කොයි එකද හොඳ කියලා. තමන් කැමති එක කෙළින් තෝරාගන්න.

ප්‍රභාකරන් 'දෙමළ ජනයාට ත්‍රස්තවාදියෙක් නොවේ'

 

මාත් කලින් හිටියෙ ශ්‍රී ලංකා රාජ්‍යයේ සිංහල- බෞද්ධ ආධිපත්‍යය අහෝසි කළ යුතුයි කියන තැන. ඒකට හැකියාව තිබුණා, කොටි සංවිධානය මිලිටරි වශයෙන් බලවත්ව සිටි කාලෙ. ලංකාවෙ කෑල්ලක ඊලාම් රාජ්‍යයක් පිහිටුවීමේ ජාතිකවාදී ව්‍යාපෘතියක් මිස කොටි කියන්නෙ කාගෙවත් අතකොලුවක් නෙමෙයි. ඔවුන් සමග සම්මුතියකට ගියා නම්, ශ්‍රී ලංකා - ඊලාම් සහසන්ධීය රාජ්‍යයක් වැනි තත්වයකින් ලංකා දූපතේ රාජ්‍ය ව්‍යූහය ප්‍රගතිශීලී ලෙස ප්‍රතිව්‍යූහගත වෙන්නට තිබුණා.

ඒත්, මහින්ද රාජපක්ෂ කියන සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-විෂම ලිංගික අධිපතිවාදී නායකයාගෙ නායකත්වය යටතේ සිංහල ප්‍රජාව දෙමළ කොටි සංවිධානය පරාජය කළා. ඊට පස්සෙ රාජ්‍යයේ සිංහල-බෞද්ධ ආධිපත්‍යය අනභිභවනීය ලෙස තහවුරු වුණා. ඒක කොටින් ද කැමැත්තෙන් ඉල්ලා ගත් තත්වයක්. ඔවුන් කළේ සූදුවක්. පරාදයි.

ඒ වුණාට සිංහල-බෞද්ධ රාජ්‍ය ආධිපත්‍යයට විරුද්ධ සෙසු බලවේග සටන අතෑරියෙ නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සිට, රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති, කාදිනල්, සහරාන්, ජවිපෙ ආදී වශයෙන් විවිධ බලවේගවලින් වාසි ගනිමින් ඔවුන් තම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යනවා.

 

මහ මැතිවරණය: රනිල් වික්‍රමසිංහ - හෙණ්ඩුව අත නොහරින ඇතරුවා
2000 දශකයේ මුල අවුරුදු කීපය තුළ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් දියත් වුණ ධනේශ්වර ගෝලීයකරණ ප්‍රතිසංස්කරණවලට විරුද්ධව වාමාංශික ජවිපෙ විසින් ඉදිරියට ගත් සිංහල ජාතිකවාදී ව්‍යාපෘතිය ඔස්සේ බලයට පැමිණි මහින්ද රාජපක්ෂ වාමාංශික අදහස්වල බලපෑම නිසා ධනේශ්වර ප්‍රතිසංස්කරණ කරන්නට අසමත් වුණා. ප්‍රතිඵලය තමයි 2022දී රට බංකොලොත් වීම.

ඒ අවස්ථාව බලලා ඇමරිකන් ජුලී චැං, කාදිනල් ඇතුළු එකී මෙකී නොකී සියලු සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපතිවාදයට විරුද්ධ බලවේග එක්සත් වෙලා කරපු අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 2024දි වාමාංශික ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් මාලිමා ආණ්ඩුව බලයට ආවා. අගමැතිනිය වුණේ හරිනි අමරසූරිය. කාදිනල් එහි ප්‍රබල භූමිකාවක් තිරය පිටුපස සිට කරන බව පොලිස් අමාත්‍යාංශයේ ලේකම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වැනි තනතුරුවලට නිර්දේශ සපයපු බවට ප්‍රසිද්ධ වීමෙන් හෙළි වෙනවා.

 



මේ වන විට, පැරණි සිංහල-බෞද්ධ ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැනි ආයතන ඔස්සේ ද දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙමින් තිබෙනවා. ඔවුන්ගේ දූෂිත ඉතිහාසය අතිශයෝක්තියට නංවමින් ඔවුන් දැඩි වෛරයකට ලක්කරමින් තිබෙනවා. රාජපක්ෂවාදය මේ තත්වය ඇති කිරීම සම්බන්ධයෙන් වගකිව යුතුයි.

මේ පසුබිමේ තමයි, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදි ඉතිහාසය සෑම සිසුවෙකුම ඉගෙන ගත යුතු අනිවාර්ය විෂය තත්වයෙන් ඉවත් වෙන්නෙ. මෙය ඉතාම දේශපාලනිකයි. එය ශ්‍රී ලංකාව නම් සිංහල බෞද්ධ මූලික රාජ්‍යයට එල්ල කරන මරු පහරක්. ශ්‍රී ලංකාව කියන්නෙම සිංහල-බෞද්ධ රාජ්‍ය ආධිපත්‍යය. ඒක තහවුරු කරන ප්‍රධාන දෘෂ්ටිවාදී මෙවලම තමයි රාජ්‍ය අධ්‍යාපනයේ ඉතිහාස විෂය. ඒ ඉතිහාසය හරිද වැරදිද කියන එක අදාළ නැහැ. ඒ ඉතිහාස කතාව තමයි ශ්‍රී ලංකා රාජ්‍යයේ සිංහල-බෞද්ධ ආධිපත්‍යවාදයේ දෘෂ්ටිවාදය.

 


මාත් ඉස්සර සිංහල-බෞද්ධ රාජ්‍ය ආධිපත්‍යවාදයට විරුද්ධ කෙනෙකු බව කලින්ම කීවානෙ. දැන් එහෙම නැහැ. කොටි සංවිධානය විනාශ වූවායින් පසුව ලංකාවේ රාජ්‍යය විප්ලවීය වෙනසකට ලක්කරන්නට පුළුවන් කිසිවෙකු නැහැ. ඔය දැන් ඉන්න ලපයි සිපයි අරගලකාරයන් ඇමරිකාවෙ, බටහිර, අරාබියෙ ඒජන්තයන් මිස කිසිදු ප්‍රගතිශීලී ජාතික හරයක් ඇති අය නෙමෙයි. ඔවුන්ට පුළුවන් තියෙන ශ්‍රී ලංකා රාජ්‍ය කාබාසිනියා කර අරාජිකවාදය නිර්මාණය කිරීම පමණයි.

මං කියන්නෙ බොරු නම්, 2022 අරගලය නැවත විමසා බලන්න. ඒකෙ හිටිය එක බුවෙකුටවත් පුළුවන් වුණාද අරගලය සාධනීය පැත්තකට යොමු කරන්න. රනිල් බලය අරගෙන අරගලකාරයන්ව ගෝල්ෆේස් එකෙන් පන්නලා නොදැම්මා නම් බලාගන්නට තිබුණා, උන් අර වසන්ත මුදලිගේ කිව්වා වගේ ජුලී චැං ගිහින් කතානායක මහින්ද යාපාව ජනාධිපති කළාට පස්සෙ, එයා අස්වුණාට පස්සෙ, ඊළඟ එක්කෙනත් අස් වුණාට පස්සෙ බ්ලා බ්ලා බ්ලා කර කර ඉන්න හැටි.

අරගලය: ඉතිහාසයෙන් අනාගතයට - (දෙසති මණ්ඩප පත්‍රිකා - 01)
2022දි පාර්ලිමේන්තුව ගිනි තියලා විනාශ කරන්නට බැරි වුණ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යයට අර දැන් මාලිමාවෙ කට්ටියගෙ කටේ තියෙන භාෂාවෙන් කියනවා නම් ෂොට්ටෙක දෙන්න හොඳ නිලයක් තමයි ඔය අල්ලලා තියෙන්නෙ.

දිස් ඉස් පොලිටික්ස් පුතා. මම නම් මේ වෙලාවේ රාජ්‍යයේ සිංහල-බෞද්ධ අධිපතිවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. ඒකෙ ආයෙ ඇඹරිල්ලක් නැහැ. මේ මොහොතෙ ශ්‍රී ලංකාව කියන ජනරජය මේ තියෙන විදියෙන් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි. මේ ආර්ථික අර්බුදය මැද්දෙ ඒක කඩා විසිරෙව්වොත් වෙන්නෙ මේ දූපත අරාජික පුංචි පුංචි රාජ්‍ය ගණනාවකට විසිරී යාම හෝ ඉන්දියාවේ ප්‍රාන්තයක් වීම වෙන්නට පුළුවන්. ඉතිහාසය මේ වගේ වකවානුවල ඉදිරියට යන්නෙ පිමි පනිමින්. මේක සාමාන්‍ය කාලයක් නෙමෙයි.

ශ්‍රී ලංකාව නම් රාජ්‍යය/ ජනරජය රැකගත්තොත් අපට දෙවනුව ඒක පරිවර්තනය කරන හැටි බලන්නට පුළුවන්. ඒකෙ පදනම් ගලවලා දාලා කඩා වැටෙන්නට ඇරියොත්, ඒත් පරිවර්තනයක් වෙයි. කැමති එකක් තෝරගන්න. ඇඹරෙන්න එපා. මේ මං වගේ කෙළින් කියන්න.

මහින්ද ජයසිංහ බාප්පා සහ ටීචර් අම්මා | අජිත් පැරකුම් ජයසිංහ(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

සබැඳි ලිපි :

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සිදුකරන සංවාද සහ යෝජනා චෝදනා ඉතා වැදගත් - අගමැතිනිය

අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත කරන්න එපා - අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : ආචාර්ය නිර්මාල් කරන යෝජනාවට කන්දෙන්න | Wijayananda Jayaweera

ඉතිහාස විෂය ඉවත් කිරීම ගැන නිර්මාල්ගේ යූටියුබ් වීඩියෝව ඓතිහාසික එකක් | Chinthana Dharmadasa

මේ අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කවුරුන් වෙනුවෙන්ද? | කුසල් පෙරේරා

අගමැතිනිය, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කරයි

ලංකාවේ අධ්‍යපනය මනින ක්‍රමය වෙනස් කළ යුතුයි - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉතිහාසය අනිවාර්ය විෂයක තත්වයෙන් වෙනස් කිරීමේ දේශපාලනය | අජිත් පැරකුම් ජයසිංහ | The Leader