ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.


හේලීස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 51 කට වැඩි ප්‍රතිශතයක් ප්‍රසිද්ධ ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ට හිමිව තිබේ.  

මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව පවසන්නේ ඒ සඳහා සමාගම් 6 ක් අභිලාෂ ඉදිරිපත් කර ඇති බවත් ඒ අතර හේලීස් සමාගම ද සිටින බවත්ය.  

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හේලීස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, පරියේෂණ අවශ්‍යතා සඳහා (research purpose) සඳහා අදාළ ලියකියවිලි ලබාගත් බවත් මේවනවිට ඒ සම්බන්ධයෙන් අධ්‍යනයක් කරමින් සිටින බවත්ය. 

ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති පාර්ශව 6 පහත පරිදි වේ.

1. AirAsia Consulting Sdn. Bhd.

2. Dharshaan Elite Investment Holding (Pvt) Ltd

3. FITS Aviation (Private) Limited

4. Sherisha Technologies Private Limited

5. Treasure Republic Guardians Limited

6. Hayleys PLC


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්