ලොව දේපළ වෙළෙඳාමේ ප්‍රබලතම රාජ්‍යක් වන ඕස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාමේ ආයෝජනයට ශ්‍රී ලංකාවේ ආයෝජකයෙකුට

ප්‍රථම වතාවට අවස්ථාව හිමිවී ඇත.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සාඩම්බර සම්මානනීය ශ්‍රී ලාංකීය සන්නාමයක් වන Ravs Realtors (රැව්ස් රියල්ටර්ස්) සහ ඕස්ට්‍රේලියාවේ වසර‍ 15කට අධික කාලයක් පුරාවට නිවාස ගොඩ නඟන ඉදිකිරීම්කරුවකු වන ID_CORP හි Shape Homes ආයතනයේ නිවාස විකිණීමේ නිල අලෙවි සහකරුවෙකු ලෙස පත්ව තිබේ.

මෙය මෙරට ව්‍යවසායකයෙකුට ඕස්ට්‍රේලියාවේදී හිමිවූ සුවිශේෂී ජයග්‍රාහී අවස්ථාවකි. ඒ අනුව මෙම ආයතන දෙක ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පිහිටි ID_CORP  ප්‍රධාන මූලස්ථානයෙදි ගිවිසුම්ගත වී තිබේ.

ඒ සමගම Ravs Realtors වෙත තම ආයතනයෙන් ඉදි කරන නිවාස විකිණීමේ නිල අලෙවි සහකරු ලෙස නම් කළේය.

මෙසේ Shape Homes ආයතනය, Ravs Realtors තම අලෙවි සහකරුවකු ලෙස තොරා ගැනෙන්නේ එහි නිර්මාතෘ සහ හිමිකරු සහ ඕස්ට්‍රේලියාවේ බලපත්‍රලාභි දේපල වෙළෙඳාම් නියොජිත වන රවින්ද්‍ර ශ්‍රී පන්ඩිතරත්න (රැව් ශ්‍රී) ගේ වසර 20කට අධික අළෙවිකරණ පළපුරුද්ද, ඕස්ට්‍රේලියාවේ දේපල වෙළෙඳාමේ සම්මානනීය අලෙවිකරන දක්ෂතාවය මෙන්ම ගෝලීය වශයෙන් ශ්‍රී ලාංකිකයන් සහ අනෙකුත් ප්‍රජාවන් ගොනු කිරීමේ දක්ෂතාවය මත පදනම්වය.

(dinamina.lk - ජයසිරි මුණසිංහ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්