මේවන විට ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවන අතර, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව

ශ්‍රී ලංකා රුපියලේ අගයද කැපීපෙනෙන ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.

රටේ උද්ධමනය 1.5% ක අගයකට පහළ වැටී ඇත.

වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6 ක අතිරික්තයක් පෙන්නුම් කරයි.දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ (මැයි 09 වැනිදා) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පෙන්වා දුන්නේය.

මේවන විට ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවන අතර, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගයද  කැපීපෙනෙන ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.

මේවන විට ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවන අතර, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගයද කැපීපෙනෙන ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.

මීට වසර දෙකකට අධික කාලයක සිට ශ්‍රී ලංකාවේ දිනපතා පුවත් නිර්මාණය කළ ඇමෙරිකානු ඩොලරයේ අගය වැඩි වීම, වර්තමානය වන විට ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් පවතියි.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සිඳී යාම, උද්ධමනය ඉහළ යාම වැනි බොහෝ ආර්ථිකමය කාරණා හේතුවෙන් විවිධාකාරයෙන් ජනතාවට පීඩනයක් එල්ල කරන ලදි.

විශේෂයෙන් ම ආනයනය ක්ෂේත්‍රයට අදාලව එය සෘජුව බලපෑම් එල්ල කළ අතර, එනිසාම වර්තමානය දක්වාත් ක්‍රියාත්මක වන ආනයන සීමා රැසක් ද ක්‍රියාත්මක කෙරුණි. ඉන්ධන, ගෑස් වැනි අත්‍යවශ්‍ය දේ පවා ගෙන්වීමට බාධා ඇති වූ අතර, දිවයින පුරා දැවැන්ත පෝලිම් ප්‍රමාණයක් ද නිර්මාණය විය.

කෙසේ නමුත් වර්තමානය වනවිට රුපියල වෙනත් මුදල් ඒකක සමග සැසදීමේදී සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත.

රුපියල ශක්තිමත් වීම නිසා ආනයන භාණ්ඩවල මිල ගණන් සැලකිය යුතු ප්‍රමාණයකට පහළ යාමක් මේ වන විට දකින්නට ලැබෙන බව පාර්ලිමේන්තුවේදී පෙන්වාදුන් ජනාධිපතිවරයා ගෑස්, ඛනිජ තෙල්, කිරිපිටි ආදී භාණ්ඩවල මිළ පහළ දැමීම සඳහා රුපියල ශක්තිමත් වීම හේතු වූ බව පැවසුවේ ය. එසේම පොළී අනුපාතය පහළ යාම නිසා ව්‍යවසායක අංශයට ද වඩාත් පහසුවක් ඇතිව තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

රුපියල ශක්තිමත් වීම යනු කුමක් ද?ආර්ථිකයේ මෙම සුබවාදී ප්‍රතිලාභ සාමාන්‍ය මහජනතාව වෙත ලැබෙන්නේ ද? මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් මහාචාර්ය අමින්ද මෙත්සිල සමඟ පැවැත් වූ සාකච්ඡාවේ දී මතුකරගත් කරුණු මෙතැන් සිට කියවන්න.


රුපියල ශක්තිමත් වීම කියන්නේ මොකක්ද?

 

රුපියල ශක්තිමත් වීම යනු අප විදේශ විනිමයන් සඳහා ගෙවිය යුතු මුදල අඩු වීම බව මහාචාර්ය අමින්ද මෙත්සිල පැහැදිලි කළේ ය. "සරළව ම අපිට ඇමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ගණන අඩු වෙනවා. අපි මීට කලින් ඩොලර් එකක් වෙනුවෙන් රුපියල් 360ක් ගෙවුවා නම් දැන් ගෙවන්නේ 300යි අපට රුපියල් ඉතිරි වෙලා තියෙනවා," ඔහු පෙන්වා දුන්නේ ය.


ඒ අනුව භාණ්ඩ ආනයනයේ දී ශ්‍රී ලංකාවෙන් වැය කළ යුතු මුදල අඩු වන බව ඔහු පවසයි. "රුපියල අවප්‍රමාණ වුණාම අපට ආනයන වලට වැඩියෙන් රුපියල් ගෙවන්න වෙනවා. නමුත් ශක්තිමත් වුණාම සිදුවන්නේ ඒකෙ අනිත් පැත්ත. එතකොට රුපියලේ අගය වැඩිවෙලා අපි ආනයනයේ දී ගෙවිය යුතු මුදල අඩු වෙනවා."

ආනයනයට සහ අපනයනයට බලපාන්නේ කොහොමද?

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ආනයනයේ දී අඩු පිරිවැයක් දැරීමට සිදුවනවා මෙන් ම අපනයනයේ දී අඩු ආදායමක් ලැබීමට ද සිදුවන බවයි. "කලින් කිවුවා වගේ ම අපට ආනයනයට වැය වන මුදල අඩු වෙනවා. එතැන අපට වාසියක් තිබෙනවා. කලින් අපි වැය කළ තරමට ම අපට ආනයන වලට මුදල් වැය කරන්න අවශ්‍ය නෑ. නමුත් අපනයනයේ දී තත්ත්වය වෙනස් වෙනවා."

"අපනයනයේ දී ඔබට කලින් එක් ඇමරිකානු ඩොලර් එකකට රුපියල් 360ක් 370ක් ලැබුණා නම් ඔබට දැන් ලැබෙන්නේ රුපියල් 300යි. අපනයනයේ දී මෙහෙම දෙයක් වුණත් ආනයනයේ දී සිදුවන වාසිය නිසා වක්‍රාකාර වාසියක් තිබිය හැකියි," මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

'වසර දෙකකදී ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 25ක් රට හැර ගිහින්; ඩොලර් මිලියන 10,000ක් ශ්‍රී ලංකාවට එවලා'

සාමාන්‍ය ජනතාවට ලැබෙන වාසිය මොකක්ද?

 

"ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රධාන පරිභෝජන ද්‍රව්‍ය සියල්ල පිටරටින් ආනයනය කරන දේවල්. හාල්, සීනී, පිටිවල සිට පෙට්‍රල්, ඩීසල්, ගෑස් දක්වා සියල්ල ආනයනය කරනවා. පසුගිය කාලයේ රුපියල අවප්‍රමාණ වුණ එකත් එක්ක අපට ආනයනයේ දී ඩොලර් එකක් වෙනුවෙන් ගෙවන්න සිදුවුණ අධික රුපියල් සංඛ්‍යාව නිසා භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. නමුත් දැන් එය පහළ යමින් තිබෙනවා." මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ තවම ජනතාවට දැනෙන ආකාරයේ වාසිදායක තත්වයක් නිර්මාණය වී නැතත් ඉදිරියේ දී භාණ්ඩ මිල අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවය. "වෙළඳපොළේ ගෑස් මිල යම් තරමකින් අඩු වෙලා තිබෙනවා. සමහර භාණ්ඩ වල මිලත් ඒ විදිහමයි. වෙළඳපොළේ තවම පරණ තොග සඳහා වෙළඳාම් සිදුවෙනවා. නමුත් අලුත් තත්ත්වය සමඟ ආනයනය කළ පසු භාණ්ඩ මිල අඩුවීමක් ජනතාවට ලැබෙනවා," ඔහු පැවසුවේ ය.

 

“ගෙදර කෙනෙක් පිටරටක ඉඳන් සල්ලි එවනවා නම් ඒ එන මුදල අඩු වීමක් වෙන්නත් පුළුවන්.”

ව්‍යාපාරික ඔබට බලපාන්නේ කොහොමද?

ඔබ ව්‍යාපාරයක නියැලෙන්නේ නම් පසුගිය කාලයේ දැරීමට සිදුවූ වූ අධික පිරිවැය ඔබගේ ව්‍යාපාරයට නිසැකවම බාධකයන් වූ බව නොඅනුමානයි. එසේ ම ආනයන සීමා හේතුවෙන් ඇතිව තිබූ අමුද්‍රව්‍ය හිඟයට ද ඔබ මුහුණ දී තිබීමට හැකියි.

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙන්වා දෙන ආකාරයට ඉහත කී අතිරේක වියදම් අඩු වීමක් රුපියල ශක්තිමත් වීම නිසා සිදුවේ. "අමුද්‍රව්‍ය ආනයනයේ දී වියදම් අඩු වීම අනිවාර්යයයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හට වාසිදායක තත්වයක්. ඒ වගේම ඉන්ධන මිල අඩුවීමත් ඔවුන්ට වාසිදායකයි. ඔවුන්ගේ වැඩිවෙලා තිබුණු නිෂ්පාදන වියදම් අඩු කරන්න රුපියලේ ශක්තිමත් වීම බලපාලා තිබෙනවා," මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.


කෙසේ නමුත් සංචාරක කර්මාන්තය සහ අපනයන ව්‍යාපාරිකයන් හට යම් අවාසිදායක තත්ත්වයක් ද මෙයින් නිර්මාණය වන බව මහාචාර්යවරයා පවසයි. "උපයන විදේශ විනිමයට ලංකාවේ දී ලැබෙන්නේ අඩු රුපියල් ප්‍රමාණයක් නිසා අපනයන ව්‍යාපාරිකයන්ට යම් ආදායම් අඩු වීමක් වෙන්න පුළුවන්. කලින් ඔවුන්ට ලැබුණු රුපියල් ප්‍රමාණය දැන් ක්‍රම ක්‍රමයෙන් අඩු වේගෙන යනවා. ඒ වගේ ම සංචාරක කර්මාන්තයේ නියැළිලා සිටින අයටත් මේ විදිහටම මේ ප්‍රශ්නය බලපානවා."


තත්ත්වය මෙසේ වුවත් සමස්තයක් වශයෙන් වැඩි බරක් තැබිය හැක්කේ වාසිදායක පැත්තට බව මහාචාර්ය අමින්ද මෙත්සිලගේ මතයයි.


"අපනයන හා සංචාරක ක්ෂේත්‍රවල ඉන්න අය උපයන රුපියල් ප්‍රමාණය අඩු වුණත්, ආනයනයේ දී සහ වෙනත් රටවල් වලට සිදු කරන ගෙවීම් වලදී ලැබෙන වාසිය නිසා ලොකු පාඩුවක් සිදුවන්නේ නෑ. එනිසා මේ තත්ත්වය පොදුවේ රටට හොඳ තත්ත්වයක් විදිහට සලකන්න පුළුවන්."

 

උද්ධමනය සමඟ ඇති සම්බන්ධය

එහි දී බීබීසී සිංහල විසින් මහාචාර්යවරයාගෙන් විමසා සිටියේ රුපියල ශක්තිමත් වීම සහ එයින් උද්ධමනයට ඇති බලපෑම කුමක් ද යන්නයි. එහි දී මහාචාර්යවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.



"උද්ධමනය එහෙමත් නැතිනම් අපේ සාමාන්‍ය මිල මට්ටම ඉහළ ගියේ ඩොලරයට වැඩි රුපියල් ගණනක් ගෙවන්න සිදුවුණ නිසා. ආර්ථිකට කඩාවැටෙන්න පෙර පෙට්‍රල් ලීටරයකට රු. 140ක් ගෙවුවත් වර්තමානයේ අපි රු. 350ක් ගෙවනවා. එකට හේතුව තමයි ඒ දවස් වල රු. 180ට තිබුණ ඇමෙරිකානු ඩොලර් එකකට අද රු. 300ක් ගෙවීම. මිල මට්ටම් වල මිල වැඩිවීමට හේතුව අපි උද්ධමනය කියලා හඳුන්වන විට, ඒකට හේතුව ඩොලරයේ අගය වැඩිවීම කියල අපට කියන්න පුළුවන්," මහචාර්යවරයා පෙන්වා දුන්නේ ය.



"ඒ කියන්නේ ඩොලර් එකේ මිල අඩු වෙනවා කියන්නේ අනිවාර්යයෙන් ම භාණ්ඩවල මිල අඩු වෙන්න ඕනෑ. ගිය මාසයේ වාර්තා බලනකොට සමහර අංශවල උද්ධමනය සෘණ අගයක තියෙන්නේ. කලින් 70%ක පමණ ඉහල ගිය උද්ධමනය වර්තමාන්යේ තනි ඉලක්කමකට ඇවිත් තියෙනවා. ඒකට හේතුව තමයි රුපියල ශක්තිමත් වීම. ඒ කියන්නේ පැහැදිලිවම උද්ධමනය අඩු වෙන්න රුපියල ශක්තිමත් වීම බලපානවා."

(BBC සිංහල සේවය)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්