leader s

සෞඛ්‍යය, අධ්‍යාපනය, පිරිසිදු කිරීම, යටිතල පහසුකම් වැනි සේවා වැනි බොහෝ සේවාවන් ප්‍රමාණයක් තීරණය කරන ගාමක බලවේගයක් වන්නේ මේ පළාත් පාලන ආයතනයි.

එනමුත් මේ ක්‍රියාවලියේදී ඡන්දය ලබා දීමට අමතරව ඔබට සම්බන්ධ විය හැකි ආකාරය පිළිබදව ඔබ දන්නවද? ඒ අයවැය සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය තුලිනි.

electioni3rh3844r

පළාත් පාලන ආයතන යනු කියන්නේ මෙරට ජන ජීවිතයට සෘජුවම බලපාන ආයතනයකි.ඒ වගේම පුරවැසියන් රටේ තීන්දු ගැනීමේ ක්‍රියාවලියට එකතු කරන වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී අංගයක්. 2018 මැතිවරණයෙන් පසු වසර කිහිපයක නිහැඩියාවකින් පසු නැවතත් සභිකයන් තෝරා පත් කරගැනීමට මෙවර මැතිවරණයෙන් හැකියාව ලැබේ. ඉතිහාසයෙන්ම, මෙම අයවැය තීරණ ගැනීම ඉහළින් පහළට යන ක්‍රමයකින් සිදු වූ අතර, සාමාන්‍ය ජනතාවගේ අදහස් සීමිතව පමණක් සලකා බැලුණි. 2022 ආර්ථික අර්බුදයට පසුව, ජනතා සහභාගීත්වය වඩාත් වැදගත් වී තිබේ. එය විවෘතතාවය, වගකීම සහ ප්‍රතිචාරශීලීභාවය වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍ය වන අතර, ජනතාවගේ අවශ්‍යතා සැබෑවටම සලකා බැලෙන ආයතනික පද්ධතියක් ගොඩනැගීමට උපකාරී වේ.

නීතිමය පසුබිම

matara divicinal secretary.v2
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පනත් කෙටුම්පත් මගින් ජනතා සහභාගීත්වය සඳහා නීතිමය පදනමක් සැපයී. 13 වන සංශෝධනය මගින් බලතල පළාත් සභා සහ ප්‍රාදේශීය ආයතන වෙත පැවරීම සිදුවිය. ප්‍රාදේශීය සභා පනත වැනි නීති මගින් ප්‍රාදේශීය ආයතනවලට අයවැය කළමනාකරණය සහ සේවා සැපයීමේ බලතල හිමිවේ. ඕනෑම පළාත් පාලන ආයතනයක අයවැය සභාවට ඉදිරිපත් කිරීමට දින හතරකටවත් පෙර මහජනයාට පරීක්ෂා කර බැලීමට හැකිවන පරිදි අදාළ පළාත් පාලන ආයතනයේ කාර්යාලයේ හෝ ඒ ප්‍රදේශයේ පුස්තකාලය වැනි පොදු ස්ථානයක ප්‍රදර්ශනය කල යුතුය. එමෙන්ම ඒ පිළිබදව ගැසට් පත්‍රයක් මගින් අදාල පළාත් පාලන ආයතනයේ සීමාව තුළ සංසරණය වන ප්‍රවෘත්ති පත්‍ර දෙකක් මගින් මහජනයාට දැනුවත් කිරීම අත්‍යවශ්‍යවේ. මේ තුළින් බලාපොරොත්තු වන්නේ රටේ පොදු මහජනයා පළාත් පාලන ක්‍රියාවලියේදී විශේෂයෙන්ම අයවැය නිර්මාණයේදී සහභාගී කරගැනීමයි. ඒ වගේම ජන සභා මණ්ඩල, උපදේශන මණ්ඩල මෙන්ම ආර්ථික කමිටු හරහා ද රටේ පොදු මහජනයා මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමට කටයුතු කර ඇත.

fJC9MgXgbdhuWMQw IMG 20220420 232359

මීට අමතරව 2016 දී ක්‍රියාත්මක කළ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත් කෙටුම්පත මගින් ජනතාවට රාජ්‍ය ආයතනවල තොරතුරු, ඇතුළු අයවැය වෙන්කිරීම් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ අයිතිය හිමිවිය.  2024 නව  රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 20(2) වගන්තිය මගින් ජනතාවට පහසුවෙන් කියවිය හැකි අයවැය සංක්ෂිප්තයක් ප්‍රසිද්ධ කිරීම රජයට අනිවාර්ය කරයි.

අයවැය ක්‍රියාවලියට සහභාගී වීම

 

img 20250121 wa0009
ප්‍රාදේශීය සභා, නගර සභා සහ නගරීය සභා සිය අයවැය සැලසුම් කිරීමේදී නීතිමය වශයෙන් මහජන සම්මන්ත්‍රණ පැවැත්වීම අනිවාර්ය කර ඇත. මෙහිදී ප්‍රදේශයේ ජනතාවට තම අවශ්‍යතා, යෝජනා සහ ප්‍රතිචාර ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබේ. එහෙත්, බොහෝවිට මේ සම්මන්ත්‍රණ සීමිත සහභාගීත්වයක් සහිතව පැවැත්වෙන අතර, ප්‍රාදේශීය ජනතාවගේ විවිධ පිරිස්   විශේෂයෙන්ම කාන්තා, තරුණ, ආර්ථිකයෙන් පහළ පවුල්   සම්පූර්ණයෙන්ම ඇතුළත් නොවීමක් දක්නට ලැබේ. අලුත්ම ප්‍රවණතාවයක් ලෙස, සමහර ප්‍රාදේශීය සභා සහ නගර සභා විසින් අයවැය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මහජන උපදෙස් ලබා ගැනීම සිදු කර ඇත. මෙහිදී ජනතාවට සෘජුවම ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීමට, ප්‍රමුඛතා තීරණය කිරීමට සහ සභා තීරණ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබාදේ. උදාහරණයක් ලෙස, සීතාවක ප්‍රාදේශීය සභාව මෙවැනි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක වී ඇත. මේවා හරහා ජනතාවට තම ප්‍රදේශයේ සැබෑ අවශ්‍යතා සභා මට්ටමේ අයවැයට ඇතුළත් කර ගැනීමට හැකියාව ලැබේ.

සිවිල් සංවිධාන (Civil Society Organizations) සහ ප්‍රජා සංවිධාන (Community Based Organizations) ප්‍රාදේශීය අයවැය ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කරවීමේ වැදගත් භූමිකාවක් ඉටු කරයි. ඔවුන් ජනතාවට අයවැය ලේඛන කියවීම, අයවැය සාකච්ඡා සඳහා සූදානම් වීම, සහ ප්‍රාදේශීය ආයතනවල වගකීම ඉල්ලීම සඳහා පුහුණුව සහ දැනුවත් කිරීම සපයයි. බොහෝවිට, සිවිල් සංවිධාන විසින් අයවැය විවෘතතාවය සහ වගකීම උදෙසා නිරීක්ෂණ වාර්තා, ප්‍රචාරණ වැඩසටහන්ද ක්‍රියාත්මක කරයි.

සාර්ථකත්වයන් සහ අභියෝග

sl pp

මෙම ක්‍රියාවලිය තුළ සාර්ථකත්වයන් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය මගින් අයවැය තොරතුරු ලබාගැනීමේ හැකියාව, ජනතා සහභාගීත්වය, සහ සිවිල් සංවිධාන පදනම්ව අයවැය නිරීක්ෂණය කිරීම දැක්විය හැකිය.. එහෙත්, බාධක ලෙස ජනතාවගේ දැනුවත්භාවය අඩුවීම, දේශපාලන බලපෑම්, මධ්‍යස්ථීකරණය සහ සම්පත් හිඟය දැක්වේ. බොහෝ දෙනා තම අයිතිවාසිකම් පිළිබඳ නොදැනුවත් වන අතර, අයවැය ලේඛන කියවීමේ දැනුම ද අඩුය. දේශපාලන හා ආයතනික බාධා නිසා ජනතා අදහස් සීමා වෙයි. සම්පත් හා තාක්ෂණික හැකියාවන් අඩුවීමත්, ප්‍රාදේශීය මට්ටමේ සහභාගී ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ බාධාවක් වේ.

මේ සඳහා පිළියමක් ලෙස, අයවැය විවෘතතාවය වැඩි කිරීම, සරලව කියවිය හැකි අයවැය ලේඛන ප්‍රසිද්ධ කිරීම, මහජන සම්මන්ත්‍රණ ව්‍යවස්ථානුකූලව හා සමාජයීය වශයෙන් විවිධ පිරිස් ඇතුළත් කරමින් සංවිධානය කිරීම, සහ අයවැය සාක්ෂරතාවය වැඩි කිරීම සඳහා දේශීය හා ජාතික මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. තවද, ප්‍රාදේශීය ආයතනවලට වැඩි බලතල ලබාදීම සහ පසු අයවැය වගකීම් වාර්තා නියමිත කාලයට නිකුත් කිරීමත්, නිරීක්ෂණ ආයතන ශක්තිමත් කිරීමත් වැදගත් වේ.

හෙට දවස?  

ව්‍යවසායකත්වය තුළින් කාන්තාවන් සවි බල ගැන්වීම - (මහාචාර්ය සේමසිංහ දිසානායක)
2022 ආර්ථික අර්බුදයට පසුව වෙන කවදාටත් වඩා ශ්‍රී ලංකාව විවෘත, වගකීම සහිත සහ සමාන්‍ය ජනතාවගේ අදහස් වලට ඇහුම්කන් දෙන පාලන පද්ධතියක අවශ්‍යතාවය නිර්මාණය වී ඇත. මේ සදහා ආරම්භක පියවර ගෙන ඇති නමුත්, සැබෑ ජනතා සහභාගීත්වය වඩාත් පුළුල් කිරීම සඳහා පළාත් පාලන ආයතන විසින් අයවැය විවෘතතාවය, සහභාගී අයවැය ක්‍රමවේදය සහ ජනතා දැනුවත්භාවය වැඩි කිරීම සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබාදිය යුතුය.  

ජනතාවද තම අයිතිවාසිකම් භාවිතා කරමින් සහ සිවිල් සංවිධානවලට සහභාගී වීමෙන් ප්‍රාදේශීය පාලනයේ සෘජු සහභාගීත්වයක් ලබා දිය යුතුය. ඒ තුළින් ඉන්දියාවේ පංචායත් වැනි ඉතා දියුණු ජනතා සහභාගීත්වය වැඩි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය හිමිකාරීත්වය දැරීමට ශ්‍රී ලංකාවේ මහජනයාටද හැකියාව ලැබෙනු ඇත.

 

charukaචාරුක පීරිස්

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

මෙම ලිපිය Arutha Research හි  පර්යේෂණ නිළධාරියෙකු වන චාරුක පීරිස් විසින් ලියන ලදි ලදි. අරුත යනු රාජ්‍ය ණය සහ බදුකරණය කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන ආර්ථික පර්යේෂණ සහ සන්නිවේදනය කෙරෙහි අවධානය යොමු කරන ආයතනයකි.
https://arutharesearch.org/



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්