පසුගිය ඉරිදා 'මව්බිම' පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අමරදේව ගැනය.

අමරදේව ගේ අළු ප්‍රශ්නය ගැනය.
 
අමරදේව මියගොස් වසර 4 ක් ගතවී ඇතත් ඔහුගේ අළු තවමත් බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලාවක ඇති බව එම පුවතයි.
 
පුවත නිර්මාණය වන්නේ විශේෂාංග ලිපියක් ද ඇසුරු කර ගනිමිනි.
 
ඒ ලිපිය කියැවූ විට මේ පුවත පිටුපස සිටින අවමංගල අධ්‍යක්ෂවරයා කවරකු දැයි සිතාගත හැකිය.
 
එම පුවතට අනුව අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පිළිබද අදහස පහළ වී ඇත්තේ එදින චිතකය දැල්වෙමින් තිබියදී ය.
 
අමරදේව බිරිද විමලා අමරදේව හා "ජ්‍යෙෂ්ඨ" මහාචාර්ය සුනිල් ආරියරත්න ද එදා එතැන සිටියහ.
 
මේ කොටස දුටු විට ඇටමැස්සාට ඉබේම සිනා පහළ විය.
 
තමන්ගේ ගුරුවරයා වූ, තමන්ට ජයවර්ධනපුර සරසවියේ ඉහළට යන්නට සියල්ලම කරදුන් මහාචාර්ය ඒ. වී. සුරවීර විශ්‍රාම යන දිනයේ උපහාර උත්සවයක් පැවැත්වීමට එරෙහි වූ පුද්ගලයකු අමරදේව වෙනුවෙන් යමක් කරයිද?
 
ගීතයේ අයිතිය වෙනුවෙන් අමරදේව සමග මරාගත් පුද්ගලයකු අමරදේව වෙනුවෙන් යමක් කරයිද?
 
කෙසේ වෙතත් මේ අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පිළිබද ප්‍රශ්නය අමරදේව පදනමට හා යහපාලන නෂ්ටාවශේෂවලට බාර වූවකි.
 
කතා කිරීමට ඊට වඩා වැදගත් දේ ඇත.
  
ඇටමැස්සා දන්නා පරිදි හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අමරදේව පදනමට රුපියල් කෝටියක් පරිත්‍යාග කළාය.
 
ඒ කෝටියට සිදුවූ දේ සක්කරයාවත් නොදනී.
 
අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ  කේන්ද්‍රයට ඉඩමක් වෙන් කිරීමේදී එය අමරදේව පදනමට බාර නොදෙන ලෙස හිටපු ජනාධිපති මෛ‌ත්‍රිපාල සිරිසේන විශේෂයෙන්ම සඳහන් කළේය.
 
ඔහු කියා සිටියේ ඔය ඉඩම පදනමට දුනහොත් පවුලේ උදවිය ඉඩමට මරාගනීවී යැයි කියාය.
 
හැමදේම හිතන තරම් සුදු නැත.
 
හිතන තරම් කළුත් නැත.
 
අළු හැදෙන්නේ සුදු හා කළු එක්වූ විටය.
 
එබැවින් අපි සුදු හා කළු ගැන කතා කරමු.
 
අමරදේව හොඳ මිනිසෙකි.
 
නිහතමානී මිනිසෙකි.
 
අහිංසක මිනිසෙකි.
 
අව්‍යාජ මිනිසෙකි.
 
ඔහු අපේ රටේ ජාතික වස්තුවකි.
 
අමරදේව රටට, අපට අහිමි කළේ ඔහුගේ පවුල විසිනි.
 
පවුල යැයි කිව්වේ විමලා අමරදේවටය.
 
අමරදේව රැක ගත්තේ ඇය විය හැකිය.
 
එසේ රැක ගත්තේ අමරදේව නැමැති පුද්ගලයා ය.
 
අමරදේව නම් පුද්ගලයා රැකගැනීමේදී අමරදේව නම් මහා කලාකරුවාගේ නම්බුව රැක ගැනීමට ඇයට නොහැකි විය.Madawal s Rathnayake
 
එසේ වූයේ හැමවිටම වානිජ පරමාර්ථ පෙරට ගත් නිසාය.
 
ඇගේ මේ ක්‍රියා කලාපය නිසා කලාකරුවන් කී දෙනෙකු කළකිරීම පමණක් පපු කුහර තුල රඳවාගෙන මියගොස් තිබේද ?
 
මඩවල එස්. ‍රත්නායක වැඩිපුරම ගීත රචනා කළේ අමරදේවයන්ටය.
 
මඩවලට මියයන්නට පෙරාතුව ඔහුගේ ගීත අඩංගු CD තැටියක් නිකුත් කර ගන්නට බලවත් ආශාවක් තිබිණ.
 
එහෙත් එය ඔහුට ඉටු කරගත නොහැකි විය.
 
මඩවල වැඩියෙන්ම ගීත ලියූ අමරදේව ඒ වැඩේට කර ඇරියේය.
 
අමරදේව කර ඇරියේ ගෙදරින් ආ බලපෑම නිසාය.
 
අවසානයේ මඩවල එස්. රත්නායක මියයන්නේ තමන්ගේ නිර්මාණ එකතුව නිකුත් කරගන්නට නොහැකිවීමේ මහා දුක ද සමගිනි.
 
සිද්ධිය එතැනින් නතර වන්නේ නැත.
 
මේ සිද්ධිය නිසා අමරදේව ගේ සමකාලීනයන් අතර අමරදේව පිළිබදව ඇති වූ පිළිකුල විමලාට කිසිදු දිනෙක මුදලින් මැනිය නොහැකි වනු ඇත.Magama sekara 08
 
 
අමරදේව ලකුණ රටම හඳුනාගන්නේ මහගම සේකර ඔහුට ලියාදුන් ගීතවලිනි.
 
මහගම සේකර ගේ මේ ගීත කැසට් පට, CD තැටි සිය ගණනක් වෙනුවෙන් අමරදේව ගයන්නට ඇත.
 
ප්‍රසංගය උදෙසා ගයන්නට ඇත.
 
ඒ සදහා මුදල් ලබාගන්නට ඇත.
 
එහෙත් මහගම සේකර වෙනුවෙන් ලැබිය යුතු කොටස සේකර බිරිඳට ලැබුනේ නැත.
 
සේකර ගේ දරුවන් ලොකු මහත් වූ පසු සිදු කළේ කුමක්ද ?
 
තම පියාගේ බුද්ධිමය දේපොළ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමයි.
 
මහගම සේකර ගේ ගීතයක් අමරදේව විසින් ගායනා කරන්නේ නම් සේකරට හිමි කොටස දරුවන්ට ලබාදිය යුතු තැනින් අවසානයේ සිද්ධිය නිමාවට පත් විය.
 
සේකර ගේ ගීත ගයා උපයන මුදලින් තම දරුවන් පෝෂණය කරද්දී සේකර ගේ දරුවන් කෑවේ බිව්වේ කෙසේදැයි සොයා බැලීම මහා කලාකරුවන්ගේ පමණක් නොව ඕනෑම කුඩා කලාකරුවකු වුවත් යුතුකමකි.
 

Arisen 08 අමරදේව මේ දෙයම අරිසෙන් අහුබුදුවන්ට ද කළේය. 

 
මේ කිසිවක්  අමරදේව සිතා මතා කළ දේවල් නොවේ.
 
ඔහුගේ අහිංසකකමත්, අසරණකමත් උඩ සිදු වූ ඒවාය.
 
අමරදේවට 80 දශකය මුල්ම භාගයේ දැඩි ප්‍රහාරයක් එල්ල වූයේ ඔහුගේ ප්‍රතිරූපයට බලවත් හානියක් සිදු කරමිනි.
 
අමරදේව ඒ කාලයේ මුදලාලිලා ගේ ගෙවල්වල මුදල් සදහා ගීත ගායනා කරන්නට ගියේය.
 
( ජාතියේ කලාකරුවාට මෙසේ සිදුවීම් වෙනම විමසා බැලිය යුතු ඛේදවාචකයකි.)
 
දයාසේන ගුණසිංහයන් මේ සිදුවීම අළලා 'දිවයින ඉරිදා සංග්‍රහයට' දැඩි විවේචනයක් එල්ල කරමින් තීරු ලිපියක් ලීවේය.
 
දයාසේන ගුණසිංහයන් එහිදී විමසා සිටියේ අප දෙවියන් යැයි ඇදහූ මිනිසාම ද මේ යනුවෙනි.
 
මේ කොළම පළ වූයේ අමරදේව බෙන්ස් ‍රියක් මත නැඟී වයලින් වාදනය කරමින් සිටින විනී හෙට්ටිගොඩ ගේ කාටූනයක් ද සමගිනි.
 
දයාසේන ගුණසිංහයන් ගේ දැඩි ප්‍රහාරයට හේතුවක් ඇත.
 
අමරදේව අයිති මේ රටේ ජනතාවට ය.
 
1950 දශකය මැද භාගයේ දී අමරදේව ඉන්දියාවේ ලක්නව් නුවර බාත්ඛණ්ඩේ සංගීත අධ්‍ය්‍යනාංශයට ඇතුළත් වන්නේ මේ රටේ මහජනතාව එකතු කර දුන් සම්මාදම් මුදලිනි.WhatsApp Image 2020 12 08 at 11.56.22 AM
 
ඊට මුල් වන්නේ 'ලංකාදීප' පුවත්පතේ ප්‍රධාන කර්තෘ වූ ඩී.බී. ධනපාල මහතාය.
 
(මේ ලංකාදීපය වර්තමාන ලංකාදීපය මෙන් වික්‍රමසිංහ පවුලේ දේශපාලනය මෙහෙයවන ප්‍රධාන මාධ්‍ය නොවූ බව සැලකුව මනාය.)
 
 බාත්ඛන්ඩේ අධ්‍යයනායතනයෙහිදී ලබන සතතාභ්යාසයන්ගේ දැනුම ලබන දොන් ඇල්බර්ට් පෙරේරා ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කු වඩුගේ දොන් අමරදේව ලෙසිනි. 
 
අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබාදෙන්නේ මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනුයි.
 
මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන් කොයි තරම් දුර දිග බලා මේ නම තබන්නට ඇත්ද?
 
අදටත්, හෙටටත්, මතු මත්තටත් අමරදේව යනු 
අමරණීය ආත්මයක් ලද දේවයාණන් ය.
 
එහි වෙනසක් නොවේ.
 
අමරදේව ඔහුට හිමි ස්ථානයේ සිටිනු ඇත.
 
එහෙත් පුස්සනුත්, 'අවමංගල අධ්‍යක්ෂවරුනුත්' උත්සාහ ගන්නේ අමරදේව ගේ අළු ටිකත් විකුණාගෙන කන්නට ය.
 
'මව්බිම' පුවත පිටුපස සිටින ගෙවලයන්ගේ අරමුණ එයයි.
 
අමරදේව ගේ අළු මුට්ටිය වළදමනවාට වඩා සෙතක් මතු පරපුර උදෙසා ඔහුගේ ගීත සංරක්ෂණය කිරීමෙන් කළ හැකිය.
 
ඔහුගේ අළු වළදැමුවත් ඒ අළු යට සැඟවී ඇති කළු හා සුදු රහස් කිසිදා වැළලිය නොහැකි වනු ඇත.
 
(ඇටමැස්සා)
 

පද රචනය- මහගම සේකර
 

 

පද රචනය- මඩවල එස්. ‍රත්නායක

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්