කාබනික වගාව, මුස්ලිම් විරෝධය කියු සැනින් අපගේ මතකයකට එන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ය.


එහිමියන් වරක් කුරුණෑගල රෝහලේ වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වු වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් මහනුවර දී උපවාසයක නියැලුණු අතර මෑතක දී වෛද්‍ය සාෆි එම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි.

අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ කාබනික වගාව හරහා රසායනික පොහොර වර්ග තහනම් කිරිමෙන් වැවිලි කර්මාන්තයට එල්ල වු මරු පහරින් අදටත් ගොඩ ඒමක් නැත.

එහිමියන් මෙරට ග්ලෝපොසයිට් තහනම් කරන ලෙස ව්‍යාපාරයක් ගෙන යද්දි යුරෝපය ඇතුළු බටහිර රටවල් එම පොහොර වගාවට හිතකර මිනිසුන්ට අහිතකර පොහොරක් ලෙස එම රටවල නම් කර තිබිණි.

රතන හිමියන් ගේ අලුත්ම විරෝධය එල්ල වී ඇත්තේ ලංකාවේ අලුතින්ම ආරම්භ කිරිමට යන කැසිනෝ වෙතය.

දැනටමත් ලංකාව තුළ කැසිනෝ බලපත්‍ර 4ක් ඇති බව ද වරක් එහිමියන් පාර්ලිමේන්තුවේ දී පවසා තිබුනි.

කැසිනෝ විරෝධය හරහා අතුරලියේ රතන හිමියන් නැවත වරක් අර අඳින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට ද?

ඒ පිළිබඳ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක ගේ කතා බහට සවන් දෙන්න.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image