12 වැනි වරටත් සංවිධාන කරන ''ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළ'' අද පස්වරු 3.30 ට ආරම්භ කිරීමට නියමිත ය.



සිනමා උලෙළ දෙසැම්බර් 12 වැනිදා දක්වා කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය (Goethe-Institut) සහ කොළඹ, ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ (Alliance Française) දී පැවැත්වේ.


තරගකාරී අංශය යටතේ ඉදිරිපත් කෙරුණු කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් ගණනාවක් ''ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළේ'' දී සිදු කිරීමට නියමිත ය.


උලෙළේ තුන්වැනි දිනයේ දී එනම්, දෙසැම්බර් 10 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වෙන අතර ජර්මනිය, ඕස්ට්‍රේලියාව, තුර්කිය, නෝර්වේ, බෙල්ජියම, කෙන්යාව සහ සිරියාව යන රටවල සම්මානිත මෙන්ම විචාරක ඇගයීමට බඳුන් වූ කෙටි චිත්‍රපට පෙළක් එදින පස්වරු 3.30 ට ප්‍රදර්ශනය කිරීමට සංවිධායකයින් කටයුතු සූදානම් කොට ඇත.


උලෙළේ කාලසටහන පහතින්,

 

{gallery}agenda142022{/gallery}

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්