සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන "Jawan" හි පළමු පූර්ව ප්‍රචාරකපටය අද (10) උදෑසන එළිදක්වා තිබේ.

කොලිවුඩ් සිනමාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අට්ලි කුමාර් විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටයට ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් මෙන්ම නයනතාරා, විජය සේතුපති වැනි ජනප්‍රිය කොලිවුඩ් නළු නිළියන් ද රංගනයෙන් දායක වී ඇත.

ඉන්දියාවේ ප්‍රසිද්ධ සංගීතවේදියෙකු සහ තනු නිර්මාණකරු‍වෙකු වන අනිරුද් රවිචන්ද්‍ර විසින් මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබේ.

බොලිවුඩ් සහ කොලිවුඩ් සම්මිශ්‍රණයකින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ඉන්දීය සිනමාවේ පෙරළියක් සිදුකරනු ඇති බවට විචාරකයෝ පවසති.

Jawan චිත්‍රපටයේ මංගල දර්ශනය එළැඹෙන සැප්තැම්බර් මස 07 වනදා ලොවපුරා එළිදැක්වීමට නියමිතය.

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්