ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ, ඇගේ දරුවන් හා සමීපතමයන්ගේ ඇසින්.
බැලිය හැකි, බැලිය යුතුම චිත්‍රපටියක්
ලොව ප්‍රථම අගමැතිනිය මෙන්ම මෙරට තෙවරක් අග්‍රාමාත්‍ය ධුරය හොබවන ලද සිරිමාවෝ බණ්ඩාරනායක ගේ දිගු දිවි ගමන අළලා සිනමාවේදිනි අනෝමා රාජකරුණා විසින් නිර්මාණය කරන ලද ''OUR MOTHER, GRAND MOTHER, PRIME MINISTER: SIRIMAVO'' වාර්තා චිත්‍රපටය හෙට දින සිට සීමිත දින ගණනක් සඳහා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත ය.
ඒ අනුව, වාර්තා චිත්‍රපටයේ ඉංග්‍රීසි පිටපත ජූලි 21 සිට 27 දක්වාත්, සිංහල පිටපත ජූලි 28 වැනිදා සිටත් සෑම දිනකම පස්වරු 6.30 ට ප්‍රදර්ශනය කෙරෙන්නේ කොළඹ, One Galle Face Mall හි PVR සිනමා ශාලාවේ දී ය.
1916 වසරේදී උපන් මැතිනියගේ පසුගිය 2016 වන වසරේ යෙදුණු සියවැනි උපන් දින සැමරුම සඳහා මෙම සිනමාපටය නිපදවා තිබේ.
2016 වසරේ සිට වසර 5ක කාලයක් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා අනෝමා රාජකරුණා වැයකර තිබූ අතර ඒ සඳහා සිරිමා මැතිනිය සමීපව ඇසුරු කළ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වන නිහාල් ජයවික්‍රම සහ ගුණසිරි පීරිස් සහ චන්ද්‍රිකා, සුනේත්‍රා යන දියණියන් සහ විමුක්ති සහ යශෝදරා යන මුනුබුරු මිනිබිරියන්ගේ ද සම්මුඛ සාකච්ඡා ලබා ගෙන තිබේ.
මෙම සිනමාපටය වෙනුවෙන් සිනමාවේදිනි අනෝමා රාජකරුණාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් ද හිමිවිය.
සිරිමාවෝ : අනෝමාට ජාත්‍යන්තර සම්මානයක්