ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය ලෙස සැලකෙන කීර්තිමත් ‘‘මයිල්ස් ෆ්‍රෑන්ක්ලීන්’’ (Miles franklin) සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති

නීතිඥවරියක වන ශංකරී චන්ද්‍රන් ට හිමිව ඇත.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිටින ඇය විසින් රචිත "chai Time at Cinnamon Gardens” නවකතාව වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර, එහි දී ලැබුණු මුදල් ත්‍යාගය ඕස්ට්‍රේලියානු ඩොලර් හැට දහසකි.

"chai Time at Cinnamon Gardens” යනු ඇය ගේ තෙවැනි නවකතාව යි.

chai time

අසූව දශකයේ ජාතිවාදී කෝලාහලවලින් බේරීමට රටින් පළා ගිය ශ්‍රී ලාංකිකයෙක් බටහිර සිඩ්නි ප්‍රදේශයක පවත්වාගෙන ගිය වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක පදිංචිකරුවන්ගේ ජීවිත පිළිබඳව විවරණය කරමින් මෙම නවකතාව රචනා කර ඇත.

යුද්ධය, ජාතිවාදය, පවුල, ආදරය මෙන්ම මිත්‍රත්ව යන තේමා ඔස්සේ ලියා ඇති මෙම නවකතාව ඕස්ට්‍රේලියාවේ පාඨකයන්ගේ කතාබහට ලක්වී ඇත.

ශංකරී චන්ද්‍රන් ගේ මවුපියන් වෛද්‍යවරුන් වන අතර, ඔවුන් ජාතිවාදී කෝලාහල හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් එක්සත් රාජධානියට ගොස් අනතුරුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ ඇත.




 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image