දිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් මස 22 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා දින 10 ක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.
විශේෂ වට්ටම් යටතේ තමන්ට අවශ්‍ය සියලු පොත් මිලදී ගැනීමට එහිදී පාඨකයින්ට අවස්ථාව හිමිවන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර පැවසුවේ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 24වන වරටත් සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසිනි.