2023 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ විශිෂ්ටතම නවකතාව ලෙස මනෝහරී ජයලත් ගේ ‘ගිරිජා’ (විදර්ශන ප්‍රකාශන) මීට සුළු මොහොතකට පෙර සම්මානයට පාත්‍ර විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් 13 වැනි වරටත් සංවිධානය කළ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය අද (සැප්තැම්බර් මස 01) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැත්විණි.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළේ දී සම්මානිත වූ සෙසු කෘති මෙසේ ය,
වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය
‘අන්ධයා සහ සුරුට්ටු න්‍යාය’ – විරාජිනී තෙන්නකෝන් (සරසවි ප්‍රකාශන)
වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය
වර්ණ : සන්නිවේදනය හා සංඥාර්ථ – ඩබ්ලිව්. රංජිත් ධර්මතිලක (ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ)
වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය
ටොම්සන් මහත්තයා – 1 සහ ටොම්සන් මහත්තයා – 2 – බන්දුල පී. දයාරත්න (ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ)
වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය
‘හැඟුම් ගඟෙහි හැංගිලා’ – ලක්ශාන්ත අතුකෝරල (විදර්ශන ප්‍රකාශන)
සබැඳි පුවත් :
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සැප්තැම්බර් 1