වසර 50ක් පුරාවට රසික සිත් සතන් පිනවීම පිණිස ගීත රචනා කළ කපිල කුමාර කාලිංගගේ ගී මතක සැමරුම 'දශක පහක මධුර මතක' ගීත ප්‍රසංගය එළඹෙන සැප්තැම්බර් 09 වැනිදා සවස 7ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
සිය ගීත රචනා කාලය තුළදී වරින් වර රචනා කළ ටෙලි නාට්‍ය, නාට්‍ය ගීත සහ මෑත කාලයේදී ජනප්‍රිය වූ ගීත විසි ගණනකට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රසංගයේදී ගායනා කිරීමට නියමිතය.
සංගීත ක්ෂේත්‍රයේ සම්භාවනීය ගණනකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේදී, කපිල කුමාර කාලිංගගේ ගීත අතරින් හරි අඩකට වඩා සංගීතවත් කළ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත මෙහෙයවීම සිදු කරයි.
80 කණ්ඩායම විසින් ප්‍රසංගය සංවිධානය කෙරේ.