මධුර් මිට්ටාල් මුරලි ලෙස
මෙරටින් බිහිවූ විශිෂ්ට පන්දු යවන්නෙක් වන මුත්තයියා මුරලිදරන් ගේ ජිවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය කරන ලද ''800'' සිනමාපටයේ පූර්ව ප්‍රචාරකපටය පසුගියදා එළිදැක්වුණි.
එම්.එස්. ශ්‍රීපති ගේ අධ්‍යක්ෂණයක් සහ තිර රචනයක් අනුව නිර්මාණය වන මෙම සිනමාපටයේ පූර්ව ප්‍රචාරකපටය එළිදැක්වීමේ උළෙලට ජනප්‍රිය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන සචින් තෙන්ඩුල්කාර්, සනත් ජයසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.
මුරලිගේ චරිතය නිරුපණය සඳහා මින්පෙර ප්‍රකට කොලිවුඩ් නළු විජේ සේතුපති තෝරා ගෙන තිබුණ ද තමිල්නාඩුවේ ඇතැම් පාර්ශ්වයන්ගෙන් ඇතිවුණු තදබල විරෝධය මත සේතුපති ඉන් ඉවත් වීමට කටයුතු කරනු ලැබී ය.
සේතුපති ගේ රුව සහිත පෝස්ටරය
ඒ අනුව, "ස්ලම් ඩෝග් මිලියනය" සිනමාපටයේ සලීම් ගේ චරිතයට පණ පෙවූ "මධුර් මිට්ටාල්" මුරලිගේ චරිතයට රංගනයෙන් දායක වී ඇත.
මෙම සිනමාපටය මෙම වසරේ ඔක්තෝබර් 6 වැනිදා සිට ප්‍රදර්ශන කටයුතු ආරම්භ කරන බව වැඩිදුරටත් වාර්තා වේ.