නූතන පරපුරේ සම්මානිත කවියකු වන සෞම්‍ය සඳරුවන් ලියනගේගේ නවතම කාව්‍ය කෘතිය ''ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?'' එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා එළිදැක්වීමට නියමිත ය.
ඒ එදින සවස 2.30ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී ය.
"ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?" සෞම්‍යගේ තෙවැනි කාව්‍ය සංග්‍රහය යි.
ඉතින් ප්‍රිය හිතවතුනි, එදාට ඔබත් ඇවිත් යන්න එන්න