අනාරක්ෂිත, නිගරු ලද මෙන්ම අවවරප්‍රසාදිත වෘත්තිකයන් වෙනුවෙන් ආරම්භ කළ "ලඳුනේ" අරමුදල වෙනුවෙන් නිර්මාණය කරන ලද "ලඳුනේ" ගීතය ඊයේ (14) දිනයේ අන්තර්ජාලයට නිකුත් කෙරුණි. 
ඕනෑම ලිංගික ශ්‍රමිකයකුට තමන් මුහුණ දෙන නීතිමය අර්බුදයකදී හෝ සෞඛ්‍ය ගැටලුවක දී මෙම අරමුදලින් උපකාර ඉල්ලා සිටිය හැකි අතර "ලඳුනේ" ගීතය යොදා ගනිමින් සිදු කරන සෑම මුදල් ඉපැයීමක්ම ද අරමුදලට බැර වනු ඇත.
 
 
 "මේ සිංදුව සාමූහික මහන්සියක ප්‍රතිඵලයක්. ෆැකල්ටි ඔෆ් සෙක්ස් අපිට ඕන වුනා ලිංගික ශ්‍රමිකයන් ගැන අනුකම්පා ආකල්පය වෙනස් කරන කතිකාවක් හදන්න. ඒ අයගෙ වෘත්තිය දිහා ගෞරවයකින් හා මනුස්සකමකින් බලන්න පුළුවන් අදහසක් නිර්මාණය කරන්න. සදාචාරය කියන්නෙ අපි අනෙකාව කොයිතරම් එම්පතියකින් තේරුම් ගන්නවද කියන එක.
 
ලිංගික ශ්‍රමිකයන් කිව්වම ගොඩක් අය අයිති වෙනවා. වීදි සරාගිනියන්, සම්බාහන යුවතියන්, ඔන්ලයින් අනුරාගිනියන් ආදී තව ගොඩක් සේවාවන් සපයන අය මෙතන ඉන්නවා. ඒ හැමෝම බෙදන්නෙ සතුට. ජීවිතය ගැන ආශාව. ඇසුර. ස්පර්ශය. ආස්වාදනීය මිනිස් බැඳීමක මිහිර.
 
මේ අනාරක්ෂිත නිගරු ලද අවවරප්‍රසාදිත වෘත්තිකයන් වෙනුවෙන් අපි ආරම්භ කළ ලඳුනේ අරමුදල වෙනුවෙනුයි මේ ගීතය නිර්මාණය වුනේ.
 
වචන ලියපු තැන ඉඳන් මදුන්  Madhun Dissanayake මේ නිර්මාණයට කළ කැපවීම විශිෂ්ටයි. ඒ වගේම මේක ගායනා කරන්න ඉදිරිපත් වුනු ජැක්ලීන්, ෆැලන්, රූත් Jacqualine Hettiarachchi Falan Andrea Jansen Ruth MatharaArachchi තුන්දෙනා මාරයි. සිංදුව මාස්ටර් කරලා මික්ස් කරලා දුන් කොස්තාට Lahiru De Costa  හදවතින්ම ස්තුතියි.
 
සිංදුවෙ පෝස්ට් හැදුවෙ රිෂාන් Rishan Deen . ඒකට ලිරික්ස් දාලා පෝස්ට් කරන්න යද්දි මචං එහෙම බෑ කියල මැදට පැන්නෙ රවීන් Ravin Wettasinghe . ඌට තව මොනවා හරි දෙයක් ඒකට එකතු කරන්නම ඕන වුනා. රෙස්පෙක්ට් මචං ඒ තියෙන ඇම්මට.
 
සිංදුවෙ වැඩ එහා මෙහා කරන්න මහන්සි වුනේ රවිනි Ravini Jinadasa . සිංදුව හදන්න මතක් කර කර වද කලේ නයනි Nayani Chandrasinghe ඒ වගේම මගේ ඕනම වැඩක අන්තිමට බර දරන්නෙ රන්දු Randhula de Silva . ඇත්තටම මේ අයිඩියා එක පැල කළෙත් රන්දු.
 
වැලන්ටයින් දවසෙ මේ වගේ සුවිසල් ආදර ව්‍යාපෘතියක් බෙදාගන්න පුළුවන් වුන එක ඉතසිතින්ම ආස්වාදයක්. රමණයක්."
 
-චින්තන ධර්මදාස- 

(අවාරා)

 

 

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්