තරිඳු රාමනායක විසින් තිර රචනය ලියා සංස්කරණය කොට අධ්‍යක්ෂණය කළ "මණ්ඩල"
කෙටි චිත්‍රපටය CINE 21 කණ්ඩායමේ සතියේ කෙටි චිත්‍රපටය ලෙස අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
 
download

"හැම දේම පටන්ගත්තේ මෙතැනින්. මේක මගේ පළමුවෙනි සිනමා නිර්මාණය.

ඒක සීමා ගොඩක් මැද ගොඩනැගුණු ව්‍යාපෘතියක්. දින දෙකක් ඇතුලත විශ්වවිද්‍යාල පරිශ්‍රය ඇතුළත පමණක් රූගත කරන්නයි අපට සිදු උනේ. සමහර විට සීමා මායිම් රැසක් පැවතීම වාසියක් වන්නේ එයින් අපේ පරිකල්පන ශක්තියේ ගැඹුරු තැන් අවදි කරන නිසා.

CINE 21 කණ්ඩායමේ "Short Film of the Week" ඇරඹීමට “මණ්ඩල” සුදුසු නිර්මාණයක් බව මාත් හිතනවා. මොකද  කියනවා නම් ආපසු හැරී බලද්දී මම මේ කෘතිය තුළින් මගේ අනන්‍යතාව දකින නිසා. මේ වන විට ඒ අනන්‍යතාව කාලය සහ මගේ ආයතනගත අධ්‍යාපනය නිසා මට යම් තාක් දුරකට අහිමි වෙලා කියලා මට හිතෙනවා. ඒක මම නැවතත් ළඟා කරගන්නට උත්සාහ කරන දෙයක්. ඒ දවස් වල මට  අත්හදාබැලීම් කරන්නට තිබුනේ නිමා නොවන උවමනාවක්. ඒ බව මේ නිර්මාණයෙන් පෙනෙන්නට තියෙනවා.


කවුරු හරි මේ කෙටි චිත්‍රපටය බලල එයින් ‘තමන්ගේ අනන්‍යතාව’ හා ‘අත්හදාබැලීමේ උවමනාව’ පිළිබඳ පණිවිඩය ලබා ගන්නවා නම් මම ඒ ගැන සතුටු වෙනවා." - තරිඳු රාමනායක
 
 
 
 
 
 
 
##########
THE LEADER TV 
 
වෙරළට ගොඩගසන කැස්බෑ, තල්මස් ගැන ආණ්ඩුවෙන් හතර බීරී ටෝක්ස් !
 
 
ස' දුමින්ද නිදහස් කළේ අලි සබ්රි නොදැන ද?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්