ඇමෙරිකානු සාප්පු හිමිකාරිනියක් ඇයගේ සාප්පුවෙන් පිටත 'ප්‍රයිඩ්' ධජයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් ඇයට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.



ලෝරා ඈන් කාල්ටන් නමැති 66 හැවිරිදි අදාළ කාන්තාව වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිතව සිටියදී පසුගිය සිකුරාදා දින සොයා ගනු ලැබුවේ කැලිෆෝනියාවේ සිඩා ග්ලෙන්හි ඇගේ මැග් පී වෙළදසැලේදීයි.

සැකකරු එම ස්ථානයෙන් පලා ගොස් තිබූ අතර ආසන්න ස්ථානයක ආයුධ සන්නද්ධව සිටියදී පොලීසිය විසින් ඔහුව ඝාතනය කර තිබේ.

හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන පෝල් වෙග් විසින් කාල්ටන් මහත්මිය "අපූරු මිතුරියක්" ලෙස හඳුන්වා දී ඇති අතර ඔවුන් එක්ව සිට ගනු ලැබූ ඡායාරූපයක් ද ඔහු විසින් පළ කර තිබුණි.

74539765 12427119 Bridesmaids director Paul Feig left has shared that California a 19 1692585012934චිත්‍රපට අධ්‍යක්ෂ පෝල් වෙග් - ලෝරා ඈන් කාල්ටන්

සැකකරු විසින් වින්දිත කාන්තාවට වෙඩි තැබීමට පෙර දේදුනු පැහැ ධජය සම්බන්ධයෙන් "නින්දා සහගත" ප්‍රකාශ සිදු කර ඇති බව පොලිසිය පවසයි. ඇය එම ස්ථානයේදීම මියගොස් සිටි බව ද පොලිසිය ප්‍රකාශ කර තිබේ.

සිද්ධියෙන් අනතුරුව ගිනි අවියකින් සන්නද්ධ වී සිටි සැකකරුව පොලිස් නිලධාරීන් විසින් සොයා ගැනුණු බව සැන් බර්නාඩිනෝ ප්‍රදේශයේ ෂෙරිෆ් පවසා තිබේ.

මෙම අවස්ථාවේදී, "මාරාන්තික ගැටුමක් ඇති වූ බවත් එහිදී සැකකරු මිය ගිය බවත්" ප්‍රකාශ වී ඇත.

Lauri 1692588977624 1692588979477.jpg

පෝල් වෙග් - බ්‍රයිඩ්ස්මේඩ්ස් වැනි චිත්‍රපට මෙන්ම ෆ්රේක්ස් සහ ගීක්ස් වැනි රූපවාහිනී කතාංග සඳහා ද ප්‍රසිද්ධියට පත්ව සිටියි. ඔහු පැවසුවේ ධජය ඉරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු සමග ඇතිවූ ගැටුමෙන් අනතුරුව ඔහු විසින් සිය මිතුරියට වෙඩි තබා ඇති බවයි.

කාල්ටන්ගේ පවුල වෙනුවෙන් සහ ඈ "සැබෑ මිතුරියක වූ" LGBTQ+ ප්‍රජාව වෙනුවෙන් තමන් "කම්පනයට" පත් වූ බව හෙතෙම තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේය.

"මෙම නොඉවසීම් අවසන් වෙන්න ඕනි " ඔහු ලියා ඇත.

Laura Ann Carleton Lauri california memorial lgbtq pride flags candles flowers.jpg

"LGBTQ+ ප්‍රජාවට එරෙහිව ද්වේෂසහගත ප්‍රකාශ සිදු කරන ඕනෑම අයෙකු තමන්ගේ වචන බලවත් විය හැකි බව හා ඒවා අහිංසක ආදරණීය මිනිසුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇති කළ හැකි බව වටහා ගත යුතුයි."

ලේක් ඇරෝහෙඩ් ප්‍රදේශයේ LGBT ප්‍රජා කණ්ඩායම පැවසුවේ එය තමන්ට "ඉතා ශෝක ජනක දිනයක්" වූ බවයි, "මිතුරියක් සහ ආධාරකාරිනියක " වන ඇය "සැබවින්ම තමන්ට නැති වී ඇති" බව ඔවුහු කියා සිටියහ.

"ඇගේ වෙළඳසැල ඉදිරිපිට LGBTQ+ ප්‍රයිඩ් ධජය ආරක්ෂා කරමින් ඉද්දි එයාව ඝාතනය කළා", එම කණ්ඩායම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර ඇත.

"ලෝරී LGBTQ+ අනන්‍යතාවයක් තිබුණ කෙනෙක් නෙවේ, ඒත් එයා ප්‍රජාව නියෝජනය කරන හැමෝටම උදව් උපකාර කරන්න සහ උපදෙස් ලබාදෙන්න ඇගේ කාලය වැය කළා."

39acde 9c2ccec722c1431595d4cab2ee22d47amv2
(BBC සිංහල සේවය)


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image