සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය සතුව බලය නොමැති බවත් ඊට අදාළ නීති පාර්ලිමේන්තුව විසින් සකස් කළ යුතු බවත් ප්‍රකාශ කරමින්,

සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා ගොනු කළ පෙත්සම් ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

 

විවාහ වීමේ අයිතිය උදුරා ගැනීමෙන් තමන් ''දෙවැනි පන්තියේ පුරවැසියන්ගේ'' තැනට ඇද දමා ඇතැයි චෝදනා නැගු සමලිංගික යුවල සහ ක්‍රියාකාරීන් විසින් ගොනු කළ පෙත්සම් 21ක් අප්‍රේල් සහ මැයි මාසවලදී එරට අධිකරණය විසින් විභාග කර තිබුණි.


කෙසේ වෙතත්, සමකාමී යුවල වෙනුවෙන් සමාජ සහ නීතිමය අයිතිවාසිකම් මෙන්ම ප්‍රතිලාභ පිරිනැමීම ගැන සලකා බැලීමට කමිටුවක් පිහිටුවීමට රජය කළ යෝජනාව අධිකරණය පිළිගෙන ඇත.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඉන්දියාවේ මිලියන ගණනක් වූ LGBTQ+ ප්‍රජාවේ බලාපොරොත්තු සුන් කිරීමට හේතු වනු ඇත. 

ඉන්දීය සංස්කෘතියට පටහැනි බව පවසමින් එරට රාජ්‍ය මෙන්ම ආගමික නායකයින් රැසක් සමලිංගික විවාහ නීතිගත ගත කිරීමට දැඩි සේ විරුද්ධ විය.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින්, සමලිංගිකත්වය තවදුරටත් එරට සාපරාධී වරදක් නොවන බවට ප්‍රකාශයට පත් කළේ 2018 සැප්තැම්බර් 06 වෙනිදා ය. 

 


Follow Us

Image
Image
Image
Image
Image
Image