ස්පාඤ්ඤයේ ඔසාසුනා (Osasuna) කණ්ඩායමට එරෙහි අද පැවැත්වෙන බාසිලෝනා කණ්ඩායමේ සුපර් කුසලාන පාපන්දු අවසන් පූර්ව තරගය

නැරඹීම පිණිස සෞදි අරාබිය‌ට පැමිණ සිටින ක්‍රීඩා ලෝලීන් එරට සංචාරය කිරීමේදී සිහි කල්පනාවෙන් කටයුතු කරන ලෙසට දන්වා ඇති එංගලන්තයේ බාසිලෝනා ක්‍රීඩා සමාජය, සෞදියේ චාරිත්‍රවලට හා හැසිරීම් රටාවට තදින් ගරු කරන්නැයි නරඹන්නන්ගෙන් ඉල්ලා තිබෙනවා.

LGBTQ ප්‍රජාවට ප්‍රසිද්ධියේ සහයෝගය දක්වන පුද්ගලයන්ට දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇති බවට ද එම ක්‍රීඩා සමාජය ඔවුන්ගේ Barca වෙබ් අඩවියෙන් අනතුරු අඟවා තිබෙනවා.

සමලිංගික ක්‍රියාවන් සෞදි අරාබියේදී නීති විරෝධී යි.

lgbt barca
“ප්‍රසිද්ධියේ පවත්වන පෙළපාලිවලදී විනීතව හා සිහි කල්පනාවෙන් කටයුතු කරන ලෙසට අපි ක්‍රීඩා ලෝලීන්ට අවවාද කරනවා” යනුවෙන් Barca නිවේදනයෙන් කියවුනේ බාසිලෝනා ක්‍රීඩා සමාජය කටයුතු කරන්නේ රියාද් නුවර ස්පාඤ්ඤ තානාපති කාර්යාලයේ උපදෙස් අනුව බව පවසමින්

“ලිංගික ආකාරයේ ඕනෑම ක්‍රියාවක් ඇතුළු අවිනීත හැසිරීමකින් විදේශිකයන්ට දැඩි නිත්‍යානුකූල ප්‍රතිවිපාක විඳින්න සිදුවෙනවා. සමලිංගික සම්බන්ධකම් මෙන්ම LGBTQ ප්‍රතිපත්තිවලට සහයෝගය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමෙන් ද දැඩි දඬුවම් ලැබෙන්න පුළුවන්. සමාජ මාධ්‍යයෙන් පවා මෙවැනි කටයුතුවල නියැලීම දඬුවම් ලැබිය හැකි වරදක්.”

මේ නිවේදනය ගැන ප්‍රශ්න කරන Human Rights Watch හි ගෝලීය අධ්‍යක්ෂවරයෙකු වන මින්කි වෝඩ්න් (Minky Worden) පවසන්නේ මේ අවවාදයෙන් විද්‍යාමාන වන්නේ ගල්ෆ් රාජ්‍යයේ ක්‍රීඩා ඉසව් පැවැත්වීමෙන් හටගන්නා ගැටළු බව.

maxresdefault

“මේ අවවාද කිරීමෙන් අපට මතක් කර දෙන්නේ ක්‍රීඩා තරග සඳහා වර්තමානයේ සෞදි අරාබියේ සංචාරය කරන ක්‍රීඩා ලෝලීන්ට, ක්‍රීඩකයන්ට, මාධ්‍යවේදීන්ට හෝ වෙන කිසිම කෙනෙක් වෙනුවෙන් මානව අයිතීන්ගේ රාමුවක් නැති බව” යනුවෙන් වෝඩ්න් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

“මේක තමයි ප්‍රධාන ප්‍රශ්නය. ජනතාවට මුහුණ දීමට සිදුවිය හැකි අවදානම් තත්ත්වයන් මොනවාද කියා තහවුරු කර ගැනීම පිණිස උද්යෝගයෙන් ක්‍රියා කිරීම තමයි අවශ්‍යතාව වී තිබෙන්නේ.”

ඇය මෙසේද කියා සිටිනවා: “කාන්තා ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් තිබෙන තොරතුරු ගැන මට මෙහිදී හිදැසක් පේනවා. සමහර විට ඔවුන් උපකල්පනය කරනවා ඇති එවැනි පිරිසක් නැති බව. එහෙමත් නැත්නම් ඔවුන්ටත් තිබෙන්නේ පිරිමි ක්‍රීඩා ලෝලීන්ගේ අවශ්‍යතාවන් ම බව. එවැනි උපකල්පනයක් සම්පූර්ණයෙන් ම වැරදියි.”

gulf
“සෞදි භාරකාර ක්‍රමවේදය කාන්තාවන්ට ගෙන එන්නේ අවදානමක්. ඔවුන් ගැන කිසිම සලකා බැලීමක් සිදුකර නැහැ. තොරතුරු සුරක්ෂිතභාවය සම්බන්ධයෙනුත් ඔවුන් ගැන කිසිම සඳහනක් නැහැ.”

සෞදි අරාබිය මේ තරගාවලියට සත්කාරකත්වය දක්වන්නේ 2029 වසර දක්වා සුපර් කුසලාන පාපන්දු තරගාවලියට සත්කාරකත්වය දැක්වීම පිණිස සෞදි අරාබිය සමග 2019දී රාජකීය ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය (RFEF) ගිවිසුමක් ඇතිකර ගත් බැවින්. මේ ගිවිසුමෙන් RFEF වසරකට ඩොලර් මිලියන 34ක මුදලක් උපයන බව වාර්තා වෙනවා.

formula 1

මෙය මෙසේ සිදුවන්නේ සෞදි රාජ්‍යය පාපන්දු ක්‍රීඩාවේ ලෝක බලවතා බවට පත්වීම සඳහා අත දිග හැර මුදල් වියදම් කරමින් කරගෙන යන උත්සාහය හමුවේ. එය සිදුවන්නේ සෞදි අරාබිය LGBTQ පුද්ගලයන්ට, කාන්තාවන්ට හා සංක්‍රමික කම්කරුවන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් මෙන්ම එරට මානව අයිතීන් වාර්තාව පිළිබඳව ද නැගෙන අඛණ්ඩ විවේචන මධ්‍යයේ.

පුද්ගලයින් 196 දෙනෙකු මරා දමමින් වසර 30කට පසුව සෞදි අරාබිය ඔවුන්ගේ වැඩිම වාර්ෂික මරණ දණ්ඩන ප්‍රමාණයක් සිදුකර තිබෙන බවට Amnesty International ආයතනය 2022 වසරේදී වාර්තා කළා. 

saudi1

Abdulaziz bin Turki Al-Faisal

සෞදි අරාබියේ මානව අයිතීන්ගේ වාර්තාව සම්බන්ධයෙන් කෙරෙන විවේචනයන්ට ප්‍රතිචාර දක්වමින් එම රාජ්‍යයේ ක්‍රීඩා ඇමති ‌අබ්දුල්අසිස් බින් ටුර්කි අල්-ෆයිසාල් (Abdulaziz bin Turki Al-Faisal) කුමරු මෙසේ ප්‍රකාශ කර තිබුනා: “සෞදි අරාබිය ගැන දන්නේ නැති, සෞදි අරාබියට කවදාවත් ඇවිත් නැති පුද්ගලයන් එළියෙ ඉඳන් සෞදි අරාබිය ගැන කතා කරන්නේ හරියට ඒ අය අවුරුදු 30ක්, 40ක් එහෙ හිටියා වගෙයි. ඉතිං මම හැම වෙලේම ජනතාවට කියන්නේ, සෞදියට එන්න...ඇවිත් සෞදිය බලන්න කියලයි.”

සටහන :

වෝනගේ නැතිවුනු තොප්පිය ආපසු ලබා ගන්න ඔස්ට්‍රේලියාව පුරා සෝදිසි මෙහෙයුමක්(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


Follow Us

Image
Image
Image
Image
Image
Image