මැතිවරණ මහලේකම් කාර්යාලය අසලදී ගෝඨාබය රාජපක්ෂගේ ආධාරකරුවන් අශෝභන ලෙස හිරිහැර කළ බව  පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

මේ සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිසන් සභාවට සහ වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවත් ඇය සඳහන් කළාය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව පැවැසුවාය.

නාම යෝජනා බාරදුන් එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සුබ පැතීම සඳහා මැතිවරණ කොමිසන් සභාව වෙත ගිය තම නිල රථය මඟ වැරදී ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවන් සිටි දෙසට ගමන් කළ බවත් එහිදී මෙම සිද්ධියට මුහුණ දුන් බවත් ඇය සඳහන් කළාය.

කාන්තාවක සහ මහජන නියෝජිතවරියක ලෙස එම ආධාරකරුවන් තමන් පිළිගත් ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බවත් මන්ත්‍රීවරිය පැවසුවාය.

එමෙන්ම තමන් එම ස්ථානයට රැගෙන ගිය පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ෂණයක් කරන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ප්‍රේමචන්ද්‍ර වැඩිදුරටත් සඳහන් කළාය.

ගොට්ටෝ හිරුනිකාට 'හූ' කියපු හැටි 

වීඩියෝ 



හිරුනිකාගේ ප්‍රතිචාරය මෙන්න 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්