යුද හමුදාපති ධුරයෙන් ඉවත් වී යන ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉලක්ක කර ගනිමින් පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර තිබේ.


ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර ඇති මෙම කමිටුවට ශවේන්ද්‍ර සිල්වා සමඟ අමනාපකම් පවතින සහ මේ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ සමඟ සමීප සම්බන්ධතා පවත්වන තිදෙනෙකු පත්කර ඇති බවට ආරක්ෂක අංශ කුරුණු දක්වයි.

එම කමිටුව 25 වෙනිදා පත්කර ඇති අතර අද (27) පළමු වරට රැස්වීමට නියමිත ය. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපති දයා රත්නායක අදාළ කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කර ඇත.

මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවාසය ඉදිරිපිට පැවැත්වූ උද්ගෝෂණය සහ පසුගිය 09 වෙනිදා ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගමට එල්ල කළ මැර ප්‍රහාර පිළිබඳවත් ඉන් පසුව ඇතිවුණු කළහකාරී ප්‍රතිචාර පිළිබඳවත් පරීක්ෂා කිරීමට මෙම කණ්ඩායම පත්කර ඇති බව කියවේ.

නමුත් මෙහි ඇත්ත අරමුණ 09 වෙනිදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ රැඳී සිටි මහින්ද රාජපක්ෂට ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා නොදීම සහ එවකට සිටි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නිවාසවලට ආරක්ෂාව සලසා නොදීම පිළිබඳව පරීක්ෂා කිරීම බව අනාවරණය වේ.

තමන්ගේ දේපළවලට ප්‍රමාණවත් ආරක්ෂාව සලසා නොදීම පිළිබඳව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට මෙන්ම පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා හමුවේ චෝදනා එල්ල කර තිබිණ. ඒ, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

යුධ හමුදාපතිවරයා අරගලකරුවන්ට නම්‍යශීලි ආකාරයෙන් කටයුතු කර ඇතිබවට ද මැති ඇමතිවරුන් එහිදී චෝදනා කර තිබිණ.  



සබැඳි පුවත් :
ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා මුල්පුටුවෙන් සමුගනී

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්