තමන් බලයට පත් වුවහොත් එදිනම, එනම් නොවැම්බර් 17 වනදාම "අසාධාරණ ලෙස සිරගත කර සිටින රණවිරුවන්" නිදහස් කරන බව ගෝඨාබය රාජපක්ෂ ඊයේ (09) අනුරාධපුරයේ දී ප්‍රකාශ කළේය.  

කතික වේදිකාව අසල රඳවා තිබු  'ටෙලිප්‍රොම්ටරයේ' තිරයේ සටහන් බලමින් ඔහු එබව සඳහන් කලේ, ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ මංගල රැළිය අමතමිනි.
PHOTO 2019 10 09 23 52 28මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සටහනක් තබා ඇති 'lankanewsweb.net වෙබ් අඩවිය මෙසේ පවසයි.

රාජපක්ෂ කඳවර මෙකී "අසාධාරණ ලෙස සිරගත කර සිටින රණවිරුවන්" යන විශේෂණ පදයෙන් හඳුන්වන්නේ 2015ට පෙර පැවති රාජපක්ෂ පවුල් පාලනය තුළ, එම පවුලේ වුවමනාව පරිදි මාධ්‍යවේදීන් ඝාතනය සහ පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක්කිරීම සහ කප්පම් ගැනීම සඳහා මිනීමැරීම යන චෝදනා යටතේ අත් අඩංගුවට පත්ව සිටින නාවික හමුදා සහ යුධ හමුදා සෙබළුන් පිළිබඳවය.

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 16 වනදාය. ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙන්නේ සහ නව ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ නොවැම්බර් 17 වනදාය. ගෝඨාබය මේ කියන්නේ තමන් දිනුවොත් දිවුරුම් දුන් වහාම තමන්ගේ පැරණි අපරාධ සහායකයින් නිදහස් කරන බවකි.

වීඩියෝ
නීතිය තුට්ටුවකට තකන්නෙක් නොවේ !

කෙසේවෙතත් විධායක ජනාධිපතිට යමෙක් සිරගත කිරීම අසාධාරණද නැද්ද යන්න තීරණය කිරීමේ බලයක් නැත. එය ඇත්තේ අධිකරණයටය.

විශේෂයෙන් නඩුවකින් තීන්දුවක් නොලැබී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින චූදිතයින් නිදහස් කිරීමට ජනාධිපතිවරයාට කොහෙත්ම බලයක් නැත. වැරදිකරුවන් ලෙස අධිකරණයෙන් තීන්දු කෙරී දඬුවම් නියම වූවන්ට නම් සමාව දීමේ බලයක් ඔහුට තිබේ, එහෙත් රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කළ හැකි දෙයක් නීතියට අනුව නම් නැත.

එහෙත් ගෝඨාබය රාජපක්ෂ යනු නීතිය තුට්ටුවකට තකන්නෙක් නොවේ. ඔහුගේ ඉතිහාස වාර්තාවම එසේය. ඒ අනුව ඔහු මේ කියන්නේ තමන් බලයට පත්වූ වහාම අධිකරණයට ඉහළින් සිටිමින් අධිකරණ බලයත් තමන් විසින්ම ක්‍රියාත්මක කරන්නට පටන් ගන්නා බවය.

ව්‍යවස්ථාදායකය, විධායක, අධිකරණය යනුවෙන් බල ව්‍යුහයන් තුනක් වෙන වෙනම තිබෙන්නේත් ඒවා එකිනෙකට බලපෑම් කළ නොහැකි පරිද්දෙන් සකස් කර තිබෙන්නේත් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමට එසේ බලය තුලනය කිරීම අත්‍යවශ්‍ය නිසාය.

ගෝඨාබය රාජපක්ෂ කොතරම් විද්වත් වෙස් මුහුණු පැළඳගෙන එන්නට තැත් කළ ද බලය කෙරෙහි වන්නා වූ අසීමිත කෑදරකම මෙවන් අවස්ථාවල එළියට පනින්නේය.

වඩාත්ම සරලව කියන්නේ නම් ගෝඨාබය රාජපක්ෂ ඊයේ කිව්වේ තමන් හිට්ලර් වීමට සූදානමින් සිටින බවය.  ගෝඨා දිනුවොත් අධිකරණය ඇතුළු නීති පද්ධතියටම අබසරණ බවය. ''

(උපුටා ගැනීම අවසන්)

එදා අගවිනිසුරුවරියට අත්වූ ඉරණම !

එවක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දරන ලද්දේ වත්මන් ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාබය  රාජපක්ෂ වන අතර හමුදා නිලාධාරින් ලවා සුදු වෑන් යොදා ගනිමින් පුද්ගලයන් පැහැර test 03ගෙන ගොස් අතුරුදහන් කරවීම ඔහුට එල්ල වී ඇති ප්‍රබලතම චෝදනාවකි.

මේ අතර ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පුරවැසි බලය සංවිධානයේ සමකැඳවුම්කරු සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ, වසර 2015ට පෙර පැවැති රාජපක්ෂ පාලකයන්ගේ මතයට පිටින් අධිකරණ තීන්දුව ලබාදීම නිසා එවකට සිටි අගවිනිසුරුවරිය එම ධුරයෙන් ඉවත් කළ නමුත් යහපාලන රජය බිහිකිරීම නිසා, ද්විත්ව පුරවැසිභාවයේ වලංගුභාවය පිළිගනිමින් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් ජයග්‍රහණය කිරීමට පවා ගෝඨාබය රාජපක්ෂට හැකි වූ බව සඳහන් කළේය.

එවන් සාධාරණ විනිශ්චයක් ලබාගැනීමට හැකි වීම පිළිබඳව ගෝඨාබය රාජපක්ෂ යහපාලන රජයට ස්තූතිවන්ත විය යුතු බවත්, එම තීන්දුවට අපි හිසනමා ගරු කරන බවත් ප්‍රකාශ කළ වියන්ගොඩ, එදා තීන්දුව දුන් විනිසුරුවරුන්ට ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අත්වූ ඉරණම අත්නොවන්නේ 2015න් පසු ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නිසා බවත් එම නිදහස දිගටම පවත්වාගෙන යායුතු බවත් අවධාරණය කළේය.

සබැඳි පුවත් :

'රාජපක්ෂ කඳවුර පරද්දන්න පුළුවන්' -පුරවැසි බලය හා සාධාරණ සමාජයක් සහාය සජිත්ට

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්