'එරෝෆ්ලෝට්' ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු වහාම අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරෝෆ්ලෝට් ගුවන් සමාගමේ ගුවන් යානා ශ්‍රී ලංකාව වෙත බාධාවකින් තොරව පියාසර කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව 'එරෝෆ්ලෝට්' ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ද 'එරෝෆ්ලෝට්' ගුවන් සමාගම විසින් අත්හිටුවා තිබේ.

එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දින 03 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සිදු කරයි.


රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් බ්‍රහස්පතින්දා (02) සිට මේ දක්වා කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගෙන සිටීම දෙරට අතර බරපතල මතබේදයකට හේතුවී ඇත.

රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රඳවා තබා ගැනීමක් සිදු නොකරන බවට රුසියානු ෆෙඩරේෂනයේ ඉහළ රාජතාන්ත්‍රික නායකයන් සහ ශ්‍රී ලංකා රජයේ ඉහළ රාජ්‍ය නායකයන්, ලිඛිත එකගතාවයකට පැමිණ සිටිය දී මේ ආකාරයෙන් ගුවන් යානයක් රඳවා තබා ගැනීම එසේ මත භේදයකට හේතු වී ඇත.
WhatsApp Image 2022 06 04 at 1.22.47 PM
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානය පෙරේදා (02) උදෑසන 10.10 ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ එරට සංචාරකයන් 250 ක පමණ පිරිසක් ද රැගෙනයි.  

ඉන්පසුව මෙම ගුවන් යානය එදිනම දහවල් 12.50 ට යළිත් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබියදී කොළඹ වානිජ මහාධිකරණය මගින් කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම අත්හිටුවා නියෝගයක් නිකුත්කර ඇතිබව වාර්තාවිය.

ඒ අනුව එම ගුවන් යානයේ සිටි ළදරුවන් ඇතුළු ගුවන් මගීන් සිය ගණනක් ප්‍රාණ ඇපකරුවන්සේ මෙරට හෝටල්වල මේ දක්වා රඳවාගෙන සිටිති.


ශ්‍රී ලංකාව ලිඛිත එකඟතාවය බිඳලා !


රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් බ්‍රහස්පතින්දා (02) සිට කටුනායක ගුවන් තොටුපළේ එසේ රඳවා ගෙන සිටින්නේ අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත කොළඹ වානිජ මහාධිකරණයෙන් දුන් තීන්දුවක් අනුව බව පවසමිනි.


විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම ගුවන් යානය ඇතුළු තවත් ගුවන් යානා රාශියක් අයර්ලන්ත රක්ෂණ සමාගමක් විසින් රක්ෂණය කර තිබූ අතර, හදිසියේම ඇති වූ යූක්‍රේන - රුසියා යුධ ගැටුම් නිසා එම සමාගම වෙත රක්ෂණ වාරික ගෙවීම දුෂ්කර වී තිබේ.

මෙයට විසදුමක් ලෙස එරොෆ්ලොට් ගුවන් සේවය, රුසියාවේ රක්ෂණ ආයතනයක් වෙත මෙම ගුවන් යානා සියල්ල ප්‍රතිරක්ෂණය කර තිබී ඇත.

ඒ අනුව අයර්ලන්ත රක්ෂණ සමාගම වෙත වාරික ගෙවීම අත්හිටුවීමත් සමග ඔවුන් මේ පිළිබඳව කොළඹ වානිජ මහාධිකරණය වෙත පැමිණිළි කර තිබිණ.

මෙයට සම්බන්ධ නීතීඥයන් කීප දෙනකු පෙරේදා (02)  දින දහවල් ඉතා කඩිමුඩියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ, මෙම වාරණ නියෝගය බාර දීමට මෙම ගුවන් යානයේ නියමුවන් ද සොයා තිබූ අතර පසුව මෙම නියෝගය කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන සංතරණ නිලධාරීවරයා වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.

මෙසේ රඳවා ගැනීමට ලක් වී ඇති ඒ.- 330 එයාර බස් වර්ගයේ ගුවන් යානය මේ වනවිට හත් වතාවක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.


වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රටක් ..


ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රටක් වන්නේ රුසියාවයි. එමෙන්ම එළඹෙන ශීත ඍතුවේදී එරට සංචාරකයන් ලක්ෂ 04 ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමට සැළසුම් කර තිබූ බව ද ගුවන් සේවා ප්‍රකාශකවරයෙක් පැවසීය.

මේ ආකාරයට ශ්‍රී ලංකාවට රුසියානු සංචාරකයන් පැමිණීම, ඒ මගින් රටට විදේශ විනිමය ලැබීම සහ දිගුකාලීන මිත්‍රශීලී රාජ්‍යයක් වන රුසියාව සමග මතභේදාත්මක වාතාවරණයක් ඇති කර ඒ තුළින් දෙරට අතර සමීප සබදතා බිද දැමීමේ කුමන්ත්‍රණයක්  ක්‍රියාත්මක වී ඇති බව එම ප්‍රකාශකවරයා සඳහන් කළේය.


Airport Latter 2022.05

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්