විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලන් (සමරිසි ප්‍රජාව - LGBT+) හට වෙනස්කම් කරන නීති අහෝසි කිරීමට කටයුතු කරන්නැයි හිටපු ක්‍රිකට් නායක මහේල

ජයවර්ධන රජයෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ LGBT+ ප්‍රජාවේ විවෘත නියෝජනයක් දැකීමට අපේක්ෂා කරන බවද ඔහු පවසයි.

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු විසින් මෙවන් විවෘත ඉල්ලීමක් රජයෙන් කරන පළමු අවස්ථාව මෙයයි.

'ඩේලි මිරර්' පුවත්පත සහ 'ලංකාදීප' පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, ශ්‍රී ලංකාවේ සමරිසි (LGBT+) ප්‍රජාවට මුහුණ පෑමට සිදුව ඇති වෙනස්කොට සැලකීම් සම්බන්ධයෙන් සිය ශෝකය පළ කළ අතර, මීට අදාළ නීති වෙනස් කිරීම අත්‍යාවශ්‍ය වන බවත්, ඒ හා සමඟාමීව චින්තනය වෙනස් කිරීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතිවීම වැදගත් බවත් අවධාරණය කර සිටියි.

අතීතයේ තමා ද සමරිසි සමරිසි (LGBT+) ප්‍රජාව පිළිබඳ නිසි අවබෝධයකින් පසු නොවූ බව සිහිපත් කරන මහේල, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළින් සිසුදරුවන්ට මේ පිළිබඳව වඩාත් හොඳින් කරුණු පහදා දී ඔවුන්ගේ ම ලිංගික දිශානතිය සහ සමාජභාවය අවබෝධ කර ගැනීම සඳහා සිසුදරුවන් වඩාත් හොඳින් සූදානම් කළ යුතු බව පෙන්වා දෙයි.

 

පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය සහ සබඳතා අධ්‍යාපනය ට අදාළව කුමන හෝ විධිමත් වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවන අතර, රට තුළ ලිංගික ප්‍රචණ්ඩත්වය සහ සමාජභාවය මත පදනම් වූ වෙනස්කොට සැලකීම් ආශ්‍රිත සිදුවීම් වල ඉහළ යාමක් වාර්තා වන්නේ මෙහි ප්‍රතිවිපාක නිසා බව ඔහුගේ අදහසයි.

 

සමරිසි (LGBT+) අනන්‍යතා ඇති දරුවන් පිළිගැනීමට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට පවුල් කටයුතු කිරීමේ වැදගත්කම ද මහේල ජයවර්ධන මෙහිදී පැහැදිලි කරයි.

ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායක ජයවර්ධන පෙන්වා දෙන්නේ, ඕනෑම පුද්ගලයකුට තම ලිංගික දිශානතිය හෝ සමාජභාවී අනන්‍යතාවය කුමක් වූව ද ඕනෑම ක්‍රීඩාවක් තුළ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හැකිවිය යුතු බවයි.

 

මතු දිනෙක සමරිසි (LGBT+) ශ්‍රී ලාංකිකයන් ක්‍රීඩාව තුළ සිටිනු දක්නට ලැබීමට තමා කැමැත්තෙන් පසුවන බවත්, යමෙකුට ක්‍රීඩාවක නිරත වීමට ඇති හැකියාවට ඔවුන්ගේ ලිංගික දිශානතිය හෝ සමාජභාවී අනන්‍යතාවය බාධාවක් නොවිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

 

සුවහසක් ක්‍රීඩාලෝලීන්ගේ ජනාදරයට පාත්‍ර වූ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මෙම අදහස් පළ කළේ, එකට එක්ව (Better Together) නම් නව ව්‍යාපාරයක එක් අංගයක් ලෙස පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ස්වේච්ඡා නීති සහාය ලබා දෙන සංවිධානයක් වන අයිප්‍රෝබෝනෝ (iprobono) විසින් මෙම ව්‍යාපාරය ආරම්භ කර තිබෙන අතර, ඒ තුළින් ක්‍රීඩා, ව්‍යාපාර, දේශපාලන, සහ සංස්කෘතික යනාදී ක්ෂේත්‍රවල නායකයන් සමඟ එක්ව, සමරිසි (LGBT+) ප්‍රජාව මුහුණ පාන වෙනස්කොට සැලකීම් ආමන්ත්‍රණය කිරීම හා එම ප්‍රජාවට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කොට සැලකීම් පවත්වාගෙන යන නීති සංශෝධනය කරන මෙන් ඉල්ලා සිටීම අපේක්ෂා කර සිටියි.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්