leader s

පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා අන්තවාදීන් පිරිසක් විසින් සිදුකළ ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ද දැනුවත්ව සිටිබව

සමාජ හා සාමය කේන්‍ද්‍රයේ හිටපු විධායක අධ්‍යක්‍ෂ ශ්‍රේෂ්ඨාධිකරනයේ නීතිඥ, ගරු අශෝක් ස්ටීවන් පියතුමා පවසති.

''කොටින්ම කිව්වොත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයාත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන දැනන් හිටියා. ඉතින් මේගොල්ලො දැන් එකතුවෙලා අපේ කතෝලික සභාවේ ඡන්ද ටික ඉලක්ක කරගෙන කරන දේවල් ගැන අපි කණගාටුවෙනවා කියලා ප්‍රසිද්ධියේ කියන්නට ඕනේ.'' යයි උන්වහන්සේ මාධ්‍ය හමුවේ පැවසුහ.

අශෝක් ස්ටීවන් පියතුමන් එහිදී තවදුරටත් මෙසේද පැවසිය.

''අපි දැන් කියන්නට ඕනේ ඉදි‌රියේදි මොනවද වෙන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා එතුමා බලයට පත්වුණොත් එහෙම ස්වාධීන කොමිසමක් පත් කරනවා කියලා මේ බෝම්බ සිද්ධිය සම්බන්ධනේ නිරීක්ෂණයක් කරන්න අපේ කාදිනල් වහන්සේට පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් ඒක හොඳයි.

එතුමට කියන්නට ඕනේ එහෙමනම් කාදිනල් වහන්සේට පොරොන්දු වෙන්න එතුමාලගේ ආණ්ඩුව කාලදී අපේ ඇන්ටන් ප්‍රනාන්දු හලාවත ඝාතනය වුණා, රොෂේන් චානක කටුනාකදී ඝාතනය test 48වුණා, රතුපස්වල ජනතාව ඝාතනය වුණා, ලසන්ත වික්‍රමතුංගලා ඝාතනය වුණා. ඒ ගැනත් ගෝඨාභය මහත්තයාට කියන්නට ඕනේ ස්වාධීන කොමිෂන් සභා දාලා ඒ පවුල්වලට ජනතාවට සාධාරණයක් කරන්න කියලා.

ඉතින් එහෙම නැතුව ඒගොල්ලෝ මේ වෙලාවේ මේ ඔක්කොම ඇවිල්ලා, මේ ඔක්කොමල්ලා එකයි. හැම කෙනාම එක්කෙනයි. මේ හැම කෙනාම මේක දැනන් හිටියා. කොටින්ම කිව්වොත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයාත් මේ බෝම්බ ප්‍රහාරය ගැන දැනන් හිටියා. ඉතින් මේගොල්ලො දැන් එකතුවෙලා අපේ කතෝලික සභාවේ ඡන්ද ටික ඉලක්ක කරගෙන කරන දේවල් ගැන අපි කණගාටුවෙනවා කියලා ප්‍රසිද්ධියේ කියන්නට ඕනේ.''

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්