leader s

තම පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) අතර  2019 ඔක්තෝම්බර් මස 10 දා කොළඹ දී ඇතිකර ගනු ලැබූ අවබෝධතා ගිවිසුමට අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතල

අසාධාරණයක් සිදුව ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසිය.

එම අවබෝධතා ගිවිසුමේ 12 වගන්තියට අනුව, ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙන ජාතික, පළාත් හා පළාත් පාලන මැතිවරණවලදී  ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය මගින් ඉදිරිපත් කරනු ලබන මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවන් හි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම පක්ෂය 2018 පළාත් පාලන මැතිවරණයේදී ලබාගන්න ලද ඡන්ද පදනම සැලකිල්ලට ගනිමින් ප්‍රමාණාත්මක හා සාධාරණ නියෝජනයක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වී ඇත.

මෙම ගිවිසුම් මෙතෙක් රහසක්ව තබා ගැනීමට දෙපාර්ශවයේ ප්‍රධානින් එකඟවී ඇත්තේ එම ගිවිසුමේ ශ්‍රීලනිපයට අවාසිදායක වූ මෙවැනි අසාධාරණ කොන්දේසි පනවා තිබීම නිසා බවද එම මන්ත්‍රීවරයා කියා සිටියේය.

 එසේ 2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල අනුව අනාගතයේ දී ශ්‍රීලනිපයට දෙන කොටස තීන්දු කිරීම බලවත් අසාධාරණයක් බවත් මේ හරහා පක්ෂය ඉබේම දියවියාමේ අනතුරක් ඇති බවත් අප වෙත තොරතුරු ලබාදුන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

IMG 7203

IMG 7205

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්