ලෝක ඉතිහාසයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු වූ 82 හැවිරිදි පේලේ, දෙසැම්බර් 29 දා බ්‍රසීලයේ දී අභාවප්‍රාප්ත විය.



තෙවරක් ලෝක කුසලානය දිනූ මේ ක්‍රීඩකයා, තම රසිකයින්ට සහ තම වයස සම්බන්ධයෙන් දෙවියන්ට ස්තුති කිරීමට පසුගිය ඔක්තෝබර් මාසයේදී රෝහලේ සිට මාධ්‍යයට කතා කළේ ය.

1940දී, අග්නිදිග බ්‍රසීලයේ දිළිඳු පවුලකට උපත ලැබූ පේලේ, දුප්පත්කම විඳදරා ගනිමින් පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට සමත්විය.

පාපන්දු ලෝකයේ විශිෂ්ඨයා වන පේලේගේ අභාවය හේතුවෙන් පාපන්දු ලෝකයම දැඩි කම්පනයකට ලක්ව ඇත. සුපිරි පාපන්දු තරු පේලේගේ නික්මයාම වෙනුවෙන් සිය කණගාටුව මේ වන විටත් ප්‍රකාශයට පත්කර තිබේ.

ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියනෝල් මෙසී, පෘතුගාලයේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක නේමාර්, ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කිලියන් එම්බපේ, එංගලන්ත සුපිරි ක්‍රීඩක හැරී කේන් ද ඒ අතර වේ.

cvxcvxcv

බ්‍රසීලයේ සුප්‍රකට ස්ථාන ද කොළ සහ කහ පැහැයෙන් වර්ණ ගැන්වීමට කටයුතු කර ඇත්තේ පේලේට කරන ගෞරවයක් ලෙසයි. රියෝද ජැනයිරෝ නුවර පිහිටි ගැලවුම්කාර ක්‍රිස්තූන්ගේ ඓතිහාසික ප්‍රතිමාව ද ඒ අතරට අයත් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව පුරා පාපන්දු රසිකයින් පේලේගේ අභාවය සැලවීමත් සමඟ විවිධ ආකාරයේ සැමරුම් සහ උපහාර වැඩසටහන්වලට එක්ව සිටින බවය. නාසා අභ්‍යාවකාශ ආයතනය ද ඒ අතර වේ.

බ්‍රසීල රජය ද දින 03 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටයි මේ වන විටත් තීරණය කර ඇත්තේ. ලොව පුරා ප්‍රධාන පුවත්පත් රැසක්ම අද සිය මුල් පිටුව වෙන් කර තිබුණේද සුප්‍රකට පේලේ වෙනුවෙනි.

හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනාවේ දියාගෝ මැරඩෝනා මීට වසර දෙකකට පෙර මියගිය අවස්ථාවේ ශෝකය පළ කරමින් පේලේ පවසා තිබුණේ “දිනක ස්වර්ගයේදී අපට පාපන්දු ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති” බවටයි.

පේලේ නම් පාපන්දු පුරාවෘත්තයේ අමතක නොවන අවස්ථා කිහිපයක් මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.

 

  

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්