ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකා ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මස පළමු වැනිදා ඇති කරගත් මූලික කාර්ය මණ්ඩල ගිවිසුම

සමාලෝචනය කිරීම සඳහා එළඹෙන මාර්තු 20 වැනිදා විධායක කමිටුව රැස්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් පවසා ඇත.

එහිදී ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරත්තු වන බව ආර්ථික විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ.

විධායක කමිටුවේ න්‍යාය පත්‍රයට එහි සාමාජිකයන් අයිතම එකතු කරනු ලබන්නේ ඒ පිළිබඳ ක්‍රියා කිරීමට සුදානම් වූ පසුව පමණක් බව ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව තම සියලුම ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගෙන අවසන් බවත් ඒ හේතුවෙන් කාර්ය මණ්ඩල ගිවිසුම විධායක කමිටුව වෙත සමාලෝචනය කිරීම සඳහා ඉදිරිපත් කරන බවත් ශ්‍රීනිවාසන් ප්‍රකාශ කර තිබේ.

චීනය ශක්තිමත් මූල්‍ය සහතිකයක් ලිඛිතව  ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

විධායක කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් ණය හිමියන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ශක්තියක් වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.



චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් බාර දෙයි

WhatsApp Image 2023 03 08 at 8.15.53 AM

චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන වෙත නිල වශයෙන් බාර දෙනු ලැබීය.

නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට ඉදිරියේ දී චීනයේ මහා පරිමාණ සමාගම් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද එහිදී නියෝජ්‍ය තානාපතිවරයා පැවසීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට සහභාගි විය.



පූර්ණ කැබිනට් සංශෝධනයක්


මෙම මාසය අවසන්වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ගිවිසුමට එළඹීමට හැකි වනු ඇතැයි රජය දැඩි විශ්වාසයක පසුවන අතර ජනාධිපති වික්‍රමසිංහ ද ඊයේ පාර්ලිමේන්තුවේ දී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය.

චීන එක්සිම් බැංකුවෙන් රජයට මූල්‍ය සහතික ලිපිය ඊයේ (06) රාත්‍රියේ ලැබුණු බවත් ජනාධිපතිවරයාගේ සහ  මහ බැංකු අධිපතිවරයාගේ  අත්සනින් යුත් එකඟතා ලිපිය එදිනම රාත්‍රියේම IMF වෙත යැවූ බවත් ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට එළැඹුණු පසු එම ගිවිසුම, රජයේ ඉදිරි සැලසුම් සහ මාර්ග සිතියමේ කෙටුම්පත සමඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට සහතික විය.

එසේ, IMF ණය වැඩසටහන අනුමත වූ පසු කැබිනට් මණ්ඩලයේ විශාල වෙනස්කමක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ද ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන 'නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා' විශේෂාංග වීඩියෝව නරඹන්න.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්