මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැති සැකකරුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා

අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

අදාළ සැකකරුගේ පියා වු නෙල්සන් මර්වින් වික්‍රමරත්න විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

නීතිඥ මංජුල බාලසුරියගේ උපදෙස් මත, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, තනුක නන්දසිරි, ඉරේෂ් සෙනවිරත්න, සංජය ආරියදාස යන නීතිඥයින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.


Motion 2023.03.16
මැඩගස්කරයේ සිට මෙරටට පිටුවහල් කළ නදුන් චින්තක වික්‍රමරත්නගේ පියා විසින් මානව හිමිකම් කොමිසමට ද මිට ඉහතදී පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

තමන්ගේ පුත්‍රයාද මාකදුරේ මදූෂ්, කොස්ගොඩ තාරක ආදීන් මෙන් සාධාරණ නඩු විභාගයකින් තොරව අත් අඩංගුවේ පසුවෙද්දී ඝාතනය වීමේ අවදානමක් පවතින බව දක්වමින් ඔහු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එකී පැමිණිල්ල මගින් තම දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.


සබැඳි පුවත් :
'හරක් කටා'ගේ ජීවිතය අනතුරේ ! - පියා මානව හිමිකම් කොමිසමට යයි !


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්