ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීමේ

සුදානමක් පවතින බවට අද (17) දිනයේ පුවත් වාර්තා පළවීමත් සමග ඔහුට එරෙහිව ඇතැම් මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයක් එල්ලවෙමින් තිබේ.


දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙත අද (17) යොමුකර ඇතැයි කියන ලිපියක් ද මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇත.

ඒ, පසුගිය ජූලි 07 වැනිදා ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක් කෝටි, හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල් අරගලකරුවන් විසින් සොයා ගෙන කොටුව පොලිසියට බාර දුන් පසුව ඒ ගැන රාජකාරි නොකරන්නැයි පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස දේශබන්දු කොටුව පොලිස් ස්ථානාධිපතිට නීතී විරෝධී නියෝගයක් ලබා දී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂනයක් කර වාර්තා කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් විසින් පසුගිය ජනවාරි 29 දා පොලිස්පතිට දුන් නියෝගයක් අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඒ සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය ( SIU ) මගින් පරීක්ෂණයක් පවත්වා ඇත. පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි SIU/340/2022 දරණ විමර්ශන වාර්තාව පොලිස්පතිවරයා වෙත ලැබී ඇත්තේ මිට දෙසතියකට පෙරය.

පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ එම වාර්තාව මගින් පළමු චුදිතයා කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ය.

මෙම ලිපිය අද පස්වරුවේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ, දේශබන්දු තෙන්නකොන් පොලිස්පති කරන බවට අද දිනයේ පලවී ඇති වාර්තා නිසා වියහැකි යයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

IGP 1

IGP 2

මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති බව මෙරට ප්‍රසිද්ධ පුවපත්පත් හා විද්‍යුත් නාලිකා සියල්ලම පාහේ වාර්තා කර තිබිණ.

පොලිස්පති චන්දන වික්‍රමරත්න විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුර සඳහා දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට නියමිත බවද එම පුවත් වාර්තා සඳහන් කර තිබිණ.

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න එළඹෙන 25 වනදා විශ්‍රාම ගැනීමට නියමිතය.

කෙසේවෙතත්, පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට හෝ චන්දන වික්‍රමරත්න ගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා විසින් මෙතෙක් නිර්දේශ කර නැතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මේ අතර තමා 25 වනදා විශ්‍රාම ගැනීමට නියමිත බැවින්, මාස 6ක කාලයක් සඳහා නිල වාහන දෙකක් ලබාදෙන ලෙසත්, නිල නිවාස තවදුරටත් මාසයක කාලයක් ලබාදෙන ලෙසත් පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

එසේම,  තමාගේ විශ්‍රාමයාම නිමිත්තෙන් සිදුකිරීමට නියමිත ආචාර පෙළපාලි හා වෙනත් උත්සව සංවිධානය නොකරන ලෙසත් ඔහු මහජන ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා ඇතැයි ද පැවසේ. ඒ, මොහොතේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි වියදම් සිදු කිරීම සුදුසු නොවනබව සඳහන් කරමිනි.


සබැඳි පුවත් :

පොලිස්පතිට සේවා දිගුවක් දෙයි ද ? දේශබන්දු පත්කරයි ද ?

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්